සිරිසේන ගත්තේ දූෂිතයන්ගේ භීෂකයන්ගේ පැත්ත..- රාජිත

Published in පුවත්
Monday, 08 July 2019 11:04

“විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ගොඩනැගීම සදහා වෘත්තීය සමිතිවල දායකත්වය අවශ්‍ය වනවා. වත්මන් රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින් . රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබාදුන්නා. රජය ආරක්ෂා කර ගැනීම රාජය සේවකයිගේ වගකීමක්. රජයට සහයෝගය දැක්විය යුතුයි. ජනතාවට නිදහස ලබාදුන්නා.

වර්තමානයේ දකුණේ පමණක් නොව උතුරු පළාතේ ද විරෝධතා පැවැත්වෙනවා. ඇතැම් අය ලබාදුන් නිදහස සීමාවකින් තොරව භුක්ති විදිනවා. රට හැදීමේ වැඩපිළීවෙල ඉදිරියටම දියත් කරනවා. 2015 වසර වන විට මමත් ජනාධිපතිවරයාත් සිටියේ නිර්පාක්ෂිකවයි. නමුත් පසුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වුනා. අපේ රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුන අය අපටත් පහර ගැහුවා. ඔවුන් දුෂණයට, භීෂණයට කැමැති අය. ජනාධිපතිවරයාත් ඔවුන්ගේ පැත්ත ගත් නිසා අපි සමග ගැටුම් ඇති වුනා.” යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ජාතික සෞඛ්‍ය සේවා පොදු සංගමය සංවිධානය කළ උපහාර උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශේෂිත ළමා රෝහලේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය සේවාවට කළ මෙහෙවර අගය කරමින් එම සංගමය විසින් උපහාර තිළිණයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි.

තව ද පේරාදෙණිය ළමා රෝහල සංවර්ධනය කිරිම සදහා දායක වූවන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තිළිණ ප්‍රදානයක් ද සිදුකළ අතර, මෙම රෝහලේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.ඒ හේරත් මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් මෙම රෝහලට ඇඳන් 13 ක් ද පරිත්‍යාග කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

“19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වර්තමානයේ විරුද්ධ වන ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමට කැපවී කටයුතු කළා. අතිවිශාල වැඩකොටසක් ඉටු කර තිබෙනවා. 2019 වසරේ විදේශ ණය ඩොලර් මිලියන 9600 ක් ගෙවීමට තිබුනා. විපක්ෂයේ අය හිතුවේ එම ණය ගෙවන්න බැරිවෙයි කියලා. රජය කඩා වැටෙයි කියලා. මෙම ණය මුදලෙන් සියයට 87 ක් තිබුනේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ ගත් ණය. එම ණය අරගෙන තිබුනේ වාණිජ පොලියට. ණය මුදල් ගෙවීමට විදේශීය සහයෝගය ලැබුනා. නැතිනම් ඛේදවාචකයකට ලක්වෙනවා. ජුලි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1900 ක මුදල් ණය වශයෙන් ගෙවීමට තිබෙනවා. විපක්ෂය බලාගෙන ඉන්නවා එම ණය ගෙවා ගන්න බැරිව ආණ්ඩුව කඩා වැටෙන ආකාරය බලන්න. අර්බුදය ඇති කළෙත් එයාලගේ පාලන කාලයේ දී. අපි රජයේ දේපල විකිණීම නතර කර බද්දට ලබාදීමට කටයුතු කළා. මත්තල ගුවන්තොටුපල ඉන්දියාව සමග එකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අපි සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. රජයේ අඩුපාඩු තිබෙනවා. රජයේ සංවර්ධන වැඩවලට මෙන්ම ඇතැම් රාජකාරී කටයුතු වලට ද ඇතැම් නිලධාරීන් බාධා කරනවා. විගණන දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ අතර, තොරතුරු දැනගැනීමේ පනත ද රජය විසින් ඉදිරිපත් කළා.”

“රජයේ රෝහල්වල ආරම්භ කර ඇති දුප්පත් හිතවාදී සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහයෝගය ලබාදෙනවා. නමුත් වෛද්‍යවරුන් සුළු කොටසක් කෑගහලා එම වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න හදනවා. පෙත්සම් ගහනවා. විරෝධතා පවත්වනවා. රෝගීන්ට ප්‍රතිකාර නොකර හවසට පෞද්ගලික සේවයේ යෙදෙනවා. රෝගීන්ට ප්‍රතිකාර නොකරන ඇතැම් වෛද්‍යවරු තම පෞද්ගලික වෛද්‍ය සායනය අංග සම්පූර්ණව හදාගෙන දේශපාලන වැඩ කරනවා.”

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩි.ආර්.ඒ හේරත්, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අර්ජුන තිළකරත්න, මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක, පේරාදෙණිය විශේෂත ළමා රෝහලේ අධ්‍යක්ෂ සේනක නවනැළිය, සංගමයේ උපදේශක නන්දන පුෂ්පකුමාර මහතා ඇතුලු සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us