ගෝඨාටව බේර ගන්නවද? හිරගෙදර යන්න අරිනවද ?..රාජපක්ෂ පවුලේ කචල්

Published in පුවත්
Monday, 08 July 2019 11:39

පොහොට්‍ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මේ සතියේදී මහා සංදර්ශනයක් සමඟ කළඑළි බැසීමට නියමිතව සිටි ගොඨාභය රාජපක්ෂට අපේක්ෂක සිහිනය තබා මෙරට වාසය කිරීමද අත් හැර දැමීමට සිදුවන වාතාරණයක් ඇතිව තිබේ.

සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන කුමන්ත්‍රණය ප්‍රකාරව ශ්‍රීලනිපය හා පොහොට්‍ටු පක්ෂය එ්කාබද්ධව එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සිරිසේනව නම් කළ යුතු විය. එහෙත් ඊට ගෝඨාවාදීන්ගේ කැමැත්ත හිමිව නැත. ඔවුන් උත්සහ ගනිමින් සිටින්නෙ කෙසේ හෝ ගොඨාව කරළියට ගෙන ඒමයටය.

එහෙත් සිරිසේන තමන්ගේ වුවමනාව හකුලාගෙන නැත.. පසුගියදා ගොඨාගේ දකුණු අත ලෙස සැලකෙන ඇවන්ගාර්ඩ් අධිපති නිශ්ශංක අත් අඩංගුවට ගැනීමේ නියොගයක් නීතිපතිවරයා හරහා නිකුත් කරවීය. මේ වන විට වැලිකඩ සංහාරය සම්බන්ධ නඩුව එක දිගටම අසා අවසන් කරන මෙන් නීතිපතිවරයා හරහා අගවිනිසුරුවරයාට දන්වා ඇත ඒ අනුව ලබන ජුලී 18 වනදා සිට එම නඩුව විභාගයට ගැනෙනු ඇත. මෙම සිදුවීමද ගොඨාභයගේ අනුදැනුම ඇතිව වූ සමූහ මිනිස් ඝාතනයකි. තවත් චෝදනා රැසක්ම ගොඨාභයට හා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ගනනාවකට එල්ලවීද තිබේ.

කෙසේ නමුත් ගැටලුවකට ඇත්තේ මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර මේ වන විට සැහෙන්න කාලයක් වන නමුදු නීතිය ක්‍රියාත්මක නොවී පැවතීමය. මේ වන විට චූදිතයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වන බවක් පෙනෙනට තිබුණද එය පැහැදිලිවම දේශපාලන පළිගැනිමක ස්වරූපයෙන් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. තමන්ගේ බල පෙරේතකම අස්වසා ගැනීම වෙනුවෙන් මෙම නඩු හබ පාවිච්චි කරන බව සිරිසේන ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය අනුව අතිශයිම පැහැදිලිය.

කෙසේ නමුත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණයට ඉඩදී ගොඨාව ජනාධිපති ධුරාපෙක්ෂකත්වයෙන් ඉවත් කරන්වාද යන්න ගැන මේ වන විට රාජපක්ෂ පවුලේ බරපතල ගැටලුවක් බවට පත්ව තිබේ. ගොඨාව හිරේ යවා වීරයකු කරගත හැකි නමුත් සිරිසෙන යනු හිටි හැටියේ දෂ්ඨකරන සර්පයෙක් නිසා ඔහු සමඟ ගනුදෙනු බේරා ගැනීම අනතුරුදායක බව රාජපක්ෂ පවුලේ මතය වී තිබේ. කිසිදු විශ්වාසයක් නැති සිරිසේන සමඟ එකඟතාවලට යන්නෙ නම් අවශ්‍ය අවස්ථාවේදී ඔහුව දේශපාලනික විනාශ කර දැමීමේ සැලස්මක්ද තිබිය යුතු බව රාජපක්ෂ පවුලේ ඇතැමෙකුගේ මතය වී තිබේ.

කෙසේ නමුත් පවතින තත්වයන් හමුවේ ගොඨාභයගේ ශ්‍රි ලංකා ගමන තව දුරටත් ප්‍රමාදවනු ඇතැයි පැවසේ. ගොඨා යනු අධිකරණය හමුවට යෑමටත් බය, බියගුල්ලකු නිසා නිශ්චිත දේශපාලන තීන්දුවක් ගැනීමට රාජපක්ෂ පවුලේ අයවලුන්ටද අපහසුවී ඇති බවත් පැවසේ.

Last modified on Monday, 08 July 2019 11:43

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us