රවීගේ ගොට්ටෝ තීනියාවල පාලිත සමඟ ජාතිවාදය සරණ යයි. Featured

Published in පුවත්
Monday, 15 July 2019 14:26

තිනීයාවල පාලිත නම් කහකඩධාරියා පසුගියදා මංගල සමරවීර ඇමැතිවරයා දූෂිතයකු බව කියමින් නටපු නාඩගමේ රහස හෙළිදරව් වීමෙන් පසුව ඔහුගේ කහකඩය පමණක් නොව අදන කඩයද ගැලවී ගියේය.

හේ භික්ෂුවක් නොව සල්ලි පොට්ටනි කාරයෙක් බවත් හෙළි විය.(තීනියාවල පාලිත කහකඩධාරියා යහපාලනය උලා කෑ හැටි. (ප්‍රේතකථා වස්තුව) ) ලංකා හොස්පිටල් හී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීම නිසා ඇමැති මංගල සමරවීර ගැන වෛරයෙන් පෙලෙන මේ කහකඩයා දැන් අතට අහුවෙන ඕනෑම දෙයකින් පෙරළා පහර දෙන්නට පටන් ගෙන තිබේ. මුලින්ම ඔහුට අසුව ඇත්තේ ජාතිවාදයයි. එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු සංවිධානයේ ලේකම් වරයා වන තීනියාවල පාලිතට එජාපයේ දර්ශනය අනුවත් භික්ෂුවක් ලෙසත් ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක්ව කටයුතු කළ නොහැක. නමුත් තීනියාවල පාලිත ඒ තරමට පහත් නින්දා සහගත තැනට පත්ව තිබේ.

ඇමැති රවී කරුණානායකගේ මුදලින් නඩත්තු වෙන වෙබ් අඩවි හරහා මංගල සමරවීරටත් ඔහුගේ හිතවත් පාර්ශ්ව වලටත් දැන් පහර පිට පහර වදිමින් තිබේ. රවී කරුණානායකගේ අනුග්‍රාහකත්වය ලබන තීනියාවල පාලිත ගේ අනු දැනුම මත මේ කටයුතු සිදු වෙමින් තිබේ. ලංකා හොස්පිටල් හී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කිරීම නිසා යක්ෂාවේශව සිටින මේ කහකඩ ධාරියා දැන් මංගල ඇමැතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන්ට පහර දෙමින් තිබේ. එහිදී මුලින්ම අල්ලා ගෙන ඇත්තේ ලංකා හොස්පිටල් හී නව සභාපතිවරයාය. ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකි තැන අල්ලා ගෙන ඇත්තේ ඔහුගේ ජාතිය සහ ආගමය.

janbalaya
ඇමැති රවී ගේ අනුග්‍රහය ලබන "ජනබලය" නම් වෙබ් අඩවියක් මගින් ජනක බලල්ල නම් අය විසින් ලියා පල කර ඇති ලිපිය මීට හොඳ උදාහරණයකි. 'මංගලගේ ගෝලයා “ලංකා හොස්පිටල් ” අරාබි කොළනියක් කරලා' මැයෙන් පට්ටපල් බොරු තොගයක් ඇද බා ඇති මේ ලේඛකයා උත්සහ ගන්නේ තීනියාවල පාලිත කහකඩධාරියාට එල්ල වූ චෝදනාවලින් ඔහුව ‍රැක ගැනීමටය. මේ කහකඩයා අධ්‍යක්ෂ මණ්ඩලයේ නැති නිසා රෝහල දැන් මුස්ලිම්කරණයට ලක්ව ඇති බව මේ තක්කඩීන් කියන්න උත්සහ ගනිමින් තිබේ. නමුත් ඇත්ත කතාව ඊට වෙනස් බව රෝහට ගිය විට දැනගත හැක. මේ බලල්ලලා තීනියාවල පාලිත මේ රෝහලට වී ගසා කෑ හැටි ගැන නම් මීක් නැත.

පසුගියදා අප මේ කහකඩධාරියාගේ සල්ලි පොට්ටනි ගැසීම ගැන සිදු කළෙ එක් හෙළිදරව්වක් පමණය.. තව බොහෝ දෑ ඉදිරියේදී හෙළි කෙරෙනුද ඇත.

මේ ඒ සම්බන්ධ තවත් අතුරු කතාවකි.

article 86c3bcd3 cfa2 4253 9b6d 9b1181d46839 6UFsv5ubh HSK1 72 634x416

තීනියාවල පාලිත සල්ලි පොටනි ගසා එය ගොඩ ගහගෙන තියා ගත්තේ නැත. ඒවා පැටව් ගස්සිය හැකි තැන් වලට යෙදෙව්වෙය. එක් ප්‍රමුඛ කටයුත්තක් නම් සල්ලි පොලියට දීමය. මේ වන විටත් මිලියන ගනන්ක මුදල් පොලියට දී තිබේ. මේ කටයුත්ත සිදු කරන්නේ මේ කහකඩයාගේ සොහොයුරකු වන කේ අමරසිංහ නැමැත්තා හරහාය. මේ අයගේ වත්කම් සොයා බැලුවොත් මේ සියල්ල හෙළිවනු ඇත.

රවී කරුණානායක විසින් තීනියාවල පාලිත හිමිගේ සොහොයුරා වන කේ අමරසිංහ ශ්‍රීලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක වරයා ලෙස පත් කරන අතර පසුව ඔහු එහි වැඩ බලන සභාපතිවරයා ලෙසද පත් කරනු ලැබුවෙකි. බැංකු කැඩීමේ කතන්දර හා සම්බන්ධ ඇමැතිවරයකු බැංකුවලට පත් කරන නිළධාරීන් ගැන අමුතුවෙන් කල්පනා කළ යුතු නැත. බැංකුවක සභාපතිවරයකු වන්නට අවශ්‍ය යම් අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකමක් තිබිය යුතුය. එහෙත් මෙතැන එහෙම එකක් නැත. දේශපාලකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයන ඇමැතිවරයා මේ පුද්ගලයා අපොස සාමාන්‍ය පෙළ සමත් දැයිවත් සොයා බැලුවේ නැත. බැංකු කටයුතු ගැන ඔහුගේ පළපුරුද්ධ හො සොයා බැලුවේ නැත. දක්ෂයාට තැන දීමයි හොරෙකුට තැන දීමයි දෙකකි. මේවා නිකම්ම කියන කතා නොවේ. පාර්ලිමේන්තුවේ කෝප් කමි‍ටුවේදී ද මේ ගැන ප්‍රශ්න කිරීමට ලක්වී තිබිණි.

කෙසේ නමුත් මේ තීනියාවල පාලිතගේ සොහොයුරා එසේ මෙසේ අංකූරකුද නොවේ. ඇමැති රවීගේ ජල්තර ව්‍යාපාරිකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් සිටී . ඒ හන්දුන්වනේ ' හංස ගෲප්' යන කෙටි යෙදුමෙන්ය.අමරසිංහද මෙහි සාමාජිකයෙකි. මේ කණ්ඩායමේ සිටින කිහිපදෙනා සතුව මත් පැන් අලෙවි සැල්ම 65 ක් ම තිබීමෙන් මේ අය ගැන ඉස්තරම් චිත්‍රයක් මවා ගත හැක. පසුගිය කාලයේ මහ බැංකු බැඳුම්කරය ගැන චෝදනාව එල්ල වූ අර්ජුන් ඇලෝසිසස් සමඟද මේ හංස ගෲප් කණ්ඩායම ළඟ ගනුදෙනුවක් සිදු කරයි. ඔහුගේ නමින් වන මෙන්ඩිස් මත්පැන් කර්මාන්ත ශාලාවේ ගනු දෙනුවලටද මේ හංස ගෲප් එක සම්බන්ධය. ඒ ගැන තතු දත් අය කියන්නේ මෙන්ඩිස් සමාගමේ සැබෑ අයිතිකරු ඇලොසියස් නොව ඇමැතිවරයා වන නිසා එසේ සිදුවන බවය. අමරසිංහගේ දියණිය මුදල් අමාත්‍යංශයට පත් කොට ඇය හරහා රේගුවේ ආනයනය  කරන ලද වාහන අමතර කොටස් ඇතුළු විවිධ භාණ්ඩ රේගුව හරහා රජයට ගාස්තු නොගෙවා නීති විරෝධී අන්දමින් නිදහස් කරගෙන ඇත. එමගින් රජයට සිදුවූ පාඩුව බිලියන ගණනකි.කර්මාන්ත අමාත්‍යවරයාට බලපෑම් කොට පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් 500ක් අයථා ලෙස ලබාගෙන වෙළඳපලට නිකුත් කිරීමට උත්සාහ දරා ඇත.දියණියගේ සැමියා වන දිනේශ් නමින් රේගු නිෂ්කාශන සමාගමක් පිහිටුවා එමගින් දූෂණ සිදු කොට ඇත. ඔවුන් සියලු දෙනාගේ වත්කම් බැරකම් පරීක්ෂා කිරීමෙන් නීති විරෝධීව උපයාගෙන ඇති ධනය පැහැදිලි වේ.

කොහොම නමුත් තක්කඩි දේශපාලකයන් මෙන්ම තක්කඩි කහකඩයන්ද උන්ගේ තකක්ඩි වැඩ හා සම්බන්ධව කටයුතු කරන වුන්ගේ කලකන්නිකම් හෙළිදරව් කිරීම කවර තත්ත්වයක් යටතේ වූවද කළ යුතුය. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යැයි කියමින් පුරාජේරු නොගහා සැබෑ ලෙසම තමන්ගේ ධනය දේපොළ පවා ජනතාව වෙනුවෙන් වැය කළ දේශපාලකයන් මේ රටේ සිටියහ. සැබෑ භික්ෂූන් වහන්සෙලා මේ රටේ සිටියහ. ජනමාධ්‍යවේදියාගේ කාර්ය භාරය අකුරටම ඉ‍ටු කළ ජනමාධ්‍යවේදීන් සිටියහ.. එහෙත් දැන් ඉන්න බහුතරය ඉහත කී ජාතියේ අමු තක්කඩීන්ය. කිසි විලි ලැජ්ජාවක් නොමැතිව තමන්ගේ බඩගෝස්තරයට මොනවා හරි වැටෙනවා නම් ඕනැම දස බලු වැඩක් කිරීමට මේ අය දෙපාරක් හිතන්නෙ නැත. ජාතිවාදය මුලිනුපුටා දැමිය යුතු කාලෙක යලි යලි ජාතිවාදයම පතුරුවමින් තමන්ගේ වෛරය පිරිමහ ගන්නට මේ කරන කාලකන්නි වැඩ වලින් මොවුන්ගේ ඇති තිරිසන්කම වටහා ගත හැක.

සැබැඳි පුවත්

තීනියාවල පාලිත කහකඩධාරියා යහපාලනය උලා කෑ හැටි. (ප්‍රේතකථා වස්තුව)

Last modified on Monday, 15 July 2019 14:37

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us