රාජිත ජඩයෙක්... සිංහල බෞද්ධ අන්තවාදීන් පිටුපස ඉන්නේ ඔහුයි..! Featured

Published in පුවත්
Monday, 22 July 2019 15:04

රාජිත සේනාරත්න ඇමැතිවරයා සිය දේශපාලන ඉතිහාසය පුරා පෙනී සිටියේ ජාතිවාදයට එරෙහි ආගම්වාදයට එරෙහි වාමාංශික දියුණු මත දරණ දේශපාලකයකු වශයෙනි. එහෙත් ඔහුගේ ඇත්ත මුහුණුවර ඊට හාත්පසින්ම වෙනස් බවත්, මෙතුවක් කල් දේශපාලනයේදී පෙන්වා තිබෙන්නෙ ව්‍යාජ මුහුණක් බවත් දැන් හෙළිදරව් වී තිබේ.

සිංහල බෞද්ධ වර්ගවාදයට පහර ගසමින් දේශපාලන වේදිකාවේ කෑ මොර දී ඇත්තේ තමන් නියොජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ බෙරුවල ආසනය කේන්ද්‍රකරගෙන සිටින මුස්ලිම් ඡන්ද දායකයාගේ ජන්දය හොරා කෑමට පමණක් බව මේ වන විට නිසැකවම හෙළිව තිබේ.

අප මෙසේ කියන්නේ ඊයේ (21) දිනයේදී රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් සියක් නමකට දන් පිලිගැන්වීමේ ආගමික උත්සවයට බෞද්ධාගමික අන්තවාදියකු මෙන්ම කෂඩ කහකඩයකු වන මාගල්කන්දේ සුදන්තව ගෙන්වා මේ දානමය පිංකම සිදු කළ නිසාම නොවේ. මාගල්කන්දේ සුදන්ත යනු සිංහල බෞද්ධ අන්තවාදි ත්‍රාඩ සංවිධානයක් වන බොදුබල සේනාවේ ක්‍රියාකාරික සමාජිකයකුව සිටි අයෙකි. පසුව කහකඩ ඥානසාර සිරගත කිරීම නිසා සිහල රාවයට සම්බන්ධ වී ඉතා තුච්ඡ ලෙස ජාතිවාදී ආගම්වාදි ප්‍රකාශ කරමින් සිටින කෂඩ කහකඩයෙකි.

ඊයේ මේ කහකඩයාව ගෙන්වා ගෙන ඔහු ලවා ' ජාතික නායකයින්ගේ හිඟයක් පවතින වකවානුවක කළුතර දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීමට මෙවර ද අවස්ථාව උදා වී ඇති බව' කියවා ගන්නට රාජිත සේනාරත්ට හැකිව තිබේ. මේ රටේ සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ගැරහීමට පත්ව සිටින ඇමැතිවරයකු වන රාජිතට ඒ අන්තගාමින්ගේ නායක කහකඩයකු ලවා එවැනි ප්‍රකාශක් කරවා ගැනීමට හැකිවීම පුදුමයට කරුණක් නමුත් මේ තක්කඩිකමේ සැඟවුණු ඉතිහාස කතන්දරයක් තිබේ.

රාජිත සහ මේ අන්ත්වාදීන් අතර ඉතා සමීප හා විශ්වාසදායක ගනුදෙනුවක් පෙර පටන්ම තිබිණි. විශේෂයෙන්ම ඥාණසාරව දේශපාලනිකව මෙහෙයවා ගැනීමේ හැකියාවක් ඔහුට තිබිණි. ඥානසාර කලකට ඉහතදී එක්සත් ජාතික පක්ෂයේ එක්සත් භික්ෂු පෙරමුණටද සම්බන්ධ වී කටයුතු කළ අයෙකු වන අතර නිතර නිතර සිරිකොතහි සැරිසරන්නකුද විය. ඇමැති රවී කරුණානායක අදටත් ඥාසාරගේ ප්‍රධාන දායකයකු වේ. ඒ කොහොම වෙතත් රාජිතගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඥානසාරලාට ලැබුණු පඬුරු පාක්කුඩම් ප්‍රමාණය කොපමණ දැයි නිශ්චිතව කිව නොහැකි නමුදු ඒ බරසාරේට තිබෙන්නට ඇති බවට නම් සැකයක් නැත. මන්ද 2015 වසරේදී ඥාණසාර කළුතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නෙමම රාජිතගේ ජයග්‍රහණය වෙනුවෙන්මය. ඥාණසාර කළුතරින් මහමැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමද ඇමැතිවරයා විසින් සිදුකර තිබුණැයිද පැවැසේ. එම‍ඟින් ඔවුන් බලාපොරොත්තු වූයේ කළුතර දිස්ත්‍රිකක්යේ මුස්ලිම් ඡන්ද දායකයා බිය වද්දා තමන්ගේ විමුක්තිදායකයානෝ වශයෙන් රාජිත සේනාරත්නව පිළිගන්නා තැනට පත් කිරීමය. රාජිත ජය ගත්තේ මුස්ලිම් ඡන්ද වලින්ය. එය සිදු කර දුන්නෙ ඥාණසාරය.

එසේම ඥානසාරගේ ත්‍රාඩ වැඩ නිසා ඔහුව පොලිසියෙන් හොයන විට එ්වා වැලැක්වීම සඳහා පොලිසියට බලපෑම් කිරීම ඇමැති රාජිත මෙන්ම ඔහුගෙ පුත් චතුර මැදිහත්ව වී තිබුණු බව ද ප්‍රකට රහසකි.

රාජිත මේ සිංහල බෞද්ධ අන්තවාදීන්ව, නඩත්තු කරගෙන තමන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සූක්ෂමව රහසිගතව පාවිච්චි කරමින් රට හමුවේ පෙනි සිටියේ ජාතිවාදයට ආගමවාදයට එරෙහි සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින වාමාංශිකයකු ලෙසය. එහෙත් දැන් සේනාරත්නලාගේ පහත් පාදඩ පාහරකම් හෙළිදරව් වී අවසන්ය. අවංක ප්‍රතිපත්තියක නැති ජඩයකු බව හෙළිව අවසන්ය.

දශක ගනනාවක් තිස්සේ තමන්ව ‍රැවැටූ රාජිතගේ මේ ජඩකම් මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ ආදී වන සියලු ජන කොටස් දැන්වත් තේරුම් ගත යුතුය. ඇතැම් විට පසුගිය කාලයේ මුස්ලිම් ජනයාට එරෙහිව කළුතර ඇතිවූ ප්‍රහාරයන් පිටුපසද රාජිතගේ අනුග්‍රහය තිබුණා විය හැකි බවද මේ වන සිදුවීම් වලින් සැක කළ හැකිය.

senarathna 2senarathna 4senarathna 3senarathna 5senarathna 6senarathna 7

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us