එජාප ජනපති අපේක්ෂකයා සජිත් ! මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගනී !! කූජිත කල්ලිය පරාජය බාරගනී. Featured

Published in පුවත්
Monday, 22 July 2019 23:26

අද (22) සවස අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් රැස් වීමේදී එජාප ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවට සාතිශය බහුතරය විසින් දැඩි තීන්දුවක් ගත්තේය.

සජිත් විරෝධී කුජිත කල්ලියේ රවී කරුණානායක රාජිත සේනාරත්න චම්පික රණවක ප්‍රමුඛ කිහිප දෙනා ට ඊට එරෙහිව වචනයක්වත් කතා කිරීමට ඉඩක් ලැබුනේ නැත.

මෙම රැස්වීම අරම්බයේදීම එජාප සභාපති කබීර් හෂීම් මුලින්ම අදහස් දක්වමින් එජාපයේ රවී රාජිත ඇතුලු කණ්ඩායමක් අගෝස්තු 5 වන දින එජාප පුලුල් සන්ධානයක් ගොඩ නැගීමට සූදානමින් සිටින නමුත් ඊට පෙර පක්ෂයෙ ජනාධිපති අපේක්ෂකයා කවුරුද්ද යන්න තීරණය කළ යුතු බවත් පැවසීය. පුලුල් සන්ධාන ගොඩ නැගිම එම අපේක්ෂකයාගේ මුලිකත්වයෙන් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

බහුතර ඉල්ලීම සජිත්

එමෙන්ම සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව පක්ෂයේ බහුතරයේ මතය බවත් ඒ අනුව ඔහුව නම් කළ යුතු බවත් පැවසීය. ඒ සමඟම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් අතර මන්ත්‍රීවරු ගනනාවක් නැගිට යෝජනා කර සිටියේ සජිත් ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවය.

කූජිත කල්ලිය පජාත වේ

එසේම පක්ෂයෙ කිහිප දෙනෙකු සජිත් විරෝධී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවටද චෝදනා ස්වරුපයෙන් කතා කළේය. එම පිරිස විසින් ගෙන යන එම වැඩ පිළිවෙල වහාම නතර කළ යුතු බවත් ඇතැමෙක් දැඩිව ප්‍රකාශ කරනුද පෙනෙන්නට විය.

රනිල්ගේ මිනිස්සුත් සජිත්ට

රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රම ද මෙහිදී කරුණු රැසක් ගෙන හැර පාමින් අවධාරණය කළේ සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකයා ලෙස වැඩිම සුදුසු කම් තිබෙන බවය.

සජිත්ගෙන් රවීට දැඩි ප්‍රහාරයක්

මෙහිදී රවී කරුණානායක ද නැගී සිටිමින් අදහස් පළ කිරීමට උත්සහ කළ නමුත් සෙසු මන්ත්‍රීන් ඔහුට මෙතැන තවත් ඔබට කතා කිරීමට දෙයක් නැතැයි කියමින් ඔහුව නිහඬ කළේය. ඒ අතර සජිත් ප්‍රේමදාස ද රවී කරුණානායක ඇතුලු කණ්ඩායමක් තමන්ට එරෙහිව ගෙන යන මඩ ප්‍රචාරක මෙහෙයුම් ගැන කතා කරමින් තමාට එරෙහිව ඉන්නේ පක්ෂයෙ අරමුදල් කොල්ල කෑ කළ පිරිස බව පැවැසුවේය. විශේෂයෙන්ම රවී කරුණානායකට දැඩි විවේච්නයක් ඔහු එල්ල කරනු ලැබීය. පක්ෂයෙ අරමුදල් ලක්ෂ 142ක් කොල්ල කා බවට ඔහු හෙළිදරව්වක් කළ අතර හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකරගේ නඩු කටයුතු වෙනුවෙන් ලබාදි තිබු මිලියන ගනක මුදල් සාක්කුවේ දමා ගැනීමක් ගැනද කිවේය. තව දුරටත් තමන්ට එරෙහිව කටයුතු කළ හොත් මේ සියල්ල ප්‍රසිද්ධියේ හෙළි කරන බවට අනතුරු හැඟවීමක්ද සිදු කළේය.

මෙහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමු යැයි කියා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි අතර සජිත් විරෝධී පිලෙහි රාජිත, චම්පික වචනයක්වත් කතා නොකිරීමද කැපී පෙනුනි. මේ තත්වය මත සජිත් විරෝධී කණ්ඩායම පරාජය භාර ගන්නවා විනා වෙන කර කියා ගත දෙයක් නොමැතිව පසුබා සිටියහ.

තීනියාවල පාලිත ඉවත් කරනු

සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව මුලින්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ මංගල සමරවීර විසිනි.එම ප්‍රකාශයෙන් පසුව සජිත් විරෝධිකලිය සජිත්ටත් මංගලටත් එරෙහිව දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියේය. ඒ අතර රවී කරුණානයක්ගේ අනුදැනුම මත තීනියාවල පාලිත කහකඩධාරීයාද මංගලට එරෙහිව මඩ ව්‍යාපාරයක් ගෙන ගියෙය. ඒ සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරු ගනනාවක් අදහස් දැක්වූ අතර ඔහුව එජාප භික්ෂු සංවිධානයෙන් ඉවත් කළ යුතු බවටද ඇතැමෙක් පවසා සිටියේය.

අගොස්තු 5 කොට උඩ

මේ අතර රවී කරුණානායක ප්‍රමුඛ කණ්ඩායම සෙසු පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එ්කරාශි කරගෙන පුළුල් සන්ධානයක් ගොඩ නැගීම සඳහා කෙරෙන වැඩ කටයුතුද තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ. ස්ථිර වශයෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව එම සංධානය සැකසිය යුතු බවට මන්ත්‍රීන් වැඩි පිරිසක් විසින් යෝජනා කිරීම ඊට හේතුව විය. මෙහිදී සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය වෙනුවෙන් හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න, තලතා අතුකොරල, අජිත් පී පෙරෙරා, රංජිත් මද්දුම බණ්ඩාර ආදීන් පෙනී සිටියහ.

නීතිඥ එකමුතුවත් සජිත්ට

මේ අතර එජාපයේ නීතිඥ එකමුතුවද අද සවස පැවැති රැස්වීමකදී සජිත් ප්‍රේමදාස ජනාධිපති අපෙක්ෂකයා ලෙස පත් කළ යුතු බවට ඒකමතික තීරණයක් ගෙන තිබිණි.

 

රනිල්ට බැරි වුණොත් රාජිත ජනාධිපතිවරණයට. ස්වර්ණවාහිණියත් ඒ පැත්තට

සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය - එජාපය දෙකට බෙදේ.. සටන උණුසුම්

එජාප ජනාධිපති අපේක්ෂක සටනේ.. ඉදිරියෙන්ම රනිල්

එජාපයේ දිනන්න පුලුවන් අපේක්ෂකයා, කරූ.. - රවී

සජිත් කල්ලිය සහ කූජිත කල්ලිය - එජාපය දෙකට බෙදේ.. සටන උණුසුම්

සජිත් සමඟ එජාපය, රට කොහෙටද ගෙනයන්න හදන්නේ..?

එජාප ජනපති අපේක්ෂකයා සජිත් ද? : ඔව්..දේශපාලන ගොබ්බයෙක් තමා ඒකට ගැලපෙන්නේ.

 

Last modified on Monday, 22 July 2019 23:41

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us