රාජපක්ෂලාට දැන් සිංහල බෞද්ධයන් විශ්වාස නැත. Featured

Published in පුවත්
Friday, 26 July 2019 17:38

එළඹෙන ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පවතින පාලනය පෙරලා දැමීම සඳහා සිංහල බෞද්ධයන්ගේ ඡන්ද ප්‍රමාණවත් බව පසුගිය වකවානුව පුරා රාජපක්ෂ්වරුන් සහ එම හිතවාදීන් නිතර දෙඩවූවකි. පවතින පාලනය පිහිට වූයේ සුලු ජන කොටස්වල ඡන්ද බලයෙන් බවත් තමන්ට ලැබුනේ නියම සිංහල බෞද්ධ ඡන්ද බවටත් මේ පාර්ශ්වයේ බොහො දෙනෙකුගෙන් අසන්නට ලැබුණු කතාවකි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බහුතර ඡන්ද ප්‍රමාණයක් සහිතව සමස්ථයක් වශයෙන් ශ්‍රීලංකාව දිනා ගත්තේ සිංහල බෞද්ධ ඡන්ද වලින් බවද කියැවිනි.

එසේම පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මේ කතා තවත් තිව්‍ර වෙමින් තමන් බල යළි බලය පිහි‍ටුවන්නේ සිංහල බෞද්ධයන්ගේ ඡන්ද වලින් පමණක් බවද කියවිණි. කිසිදු මුස්ලිම් හෝ දෙමළ පක්ෂයක් සමඟ සන්ධාන ගත වීමේ අවශ්‍යතාවයක් නැති බවත් කියැවිණි. එසේම රට තුල තව දුරටත් සිංහල බෞද්ධ ජාතිවාදී සිදුවීම් මතු කරන්නටත් ප්‍රකාශ ආදිය කරන්නටත් මේ රාජපක්ෂ පාර්ශ්වය කටයුතු කළේය. මුස්ලිම් ජනයාට එරෙහිව තැනින් තැන වූ අඩන්තේට්ටම් ප්‍රහාරයන් පි‍ටුපස සිටියේද මේ රාජපක්ෂ පාර්ශ්වයේ පිරිස බවට තොරතුරුද අණාවරණය විය.

එහෙත් සිංහල බෞද්ධ ජනයා කෙරෙහි ඇති විශ්වසය අත්හැරීමට මහින්ද රාජපක්ෂ ඇතුලු එම නායකත්වයට දැන් සිදුව තිබේ. සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජයග්‍රහණය ලැබිය නොහැකි බව ඒත්තු ගොස් තිබේ. තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධ ජාතිවාදයේ ප්‍රතිමුර්තියක් වූවද ඔහුට සිංහල බෞද්ධ ඡන්ද හිතන තරම් ප්‍රමාණයක් නොලැබෙන බව ඔවුන් ගනන් තබා ඇති බවත් පැහැදිලිය. මේ නිසා සුළු ජාතික කොටස් වල ඡන්දය අත්පත් කර ගැනීම කෙරෙහි රාජපක්ෂලා නැඹුරුව තිබේ.

අද දින රාජපක්ෂ පොහොට්‍ටු කණ්ඩායමට එක් කරගත් පක්ෂ දහය අතර දෙමළ හා මුස්ලිම් නියොජිතයන් ගනනාවක් සිටියේය .එහි අදහස නම් සිංහල බෞද්ධයන් විශ්වාස කරගෙන ඡන්දෙට යෑමට රාජපක්ෂලාට නොහැකි බවය. මේ තත්වය සිංහල බෞද්ධ පමණයි කියාගෙන සිටින රාජපක්ෂ පාක්ෂිකයාගේ කනට ගැසීමකි. ඔවුන්ට තව දුරටත් රාජපක්ෂලා විශ්වාස කර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමෙ හැකියාවද දැන් නැත.

සිංහල ඡන්දවලින් පමණක් තමන්ගේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට ජය ගත හැකි බව විශ්වාස කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ උග්‍ර ජාතිවාදී දෙදෙනා මේ අවස්ථාවට සහභාගී නොවුනේද මෙය ඔවුන්ට නොදිරවන නිසාද විය හැකිය.

Last modified on Friday, 26 July 2019 17:41

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us