අමරිකාවේ සහය ගන්න SOFA - ACSA ගිවිසුම් වලට ගෝඨා එකඟවේ.

Published in පුවත්
Friday, 23 August 2019 13:15

ගෝඨාභයගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නේ යෝජිත SOFA සහ ACSA ගිවිසුම් දෙක අත්සන් කිරීම සඳහා හා ඔහු එකඟවන්නේ නම් පමණක් බවට අප විසින් හෙළිදරව් කරන ලද පුවත සනාත වන තොරතුරු ගනනාවක් අප වෙත ලැබී තිබේ,

මේ අනුව ගොඨාභය රාජපක්ෂ එම ගිවිසුම් දෙක අත්සන් කිරීම සඳහා තමන් එකඟ බවට ඇමරිකානු රාජ්‍යටට පොරොන්දු වී ඇත.

මාධ්‍යට වාරණයක්

ඊයේ දිනයේදීම මේ රහස ගෝඨාබයගේ කටින්ම එළියට පැන තිබිණි.. ඒ අනුව සෝෆා - ඇක්සා ගිවිසුම් වලට ගෝඨාභය රාජපක්ෂ විරුද්ධ නොවන බව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ ම තහවුරු කළේය. ඒ එම මාධ්‍ය හමුවේදී එම ගිවිසුම් සම්බන්ධයෙන් වචනයක් හෝ විරුද්ධව කීමට ගෝඨාභය රාජපක්ෂ පරෙස්සම් වීම මගිනි.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ළග තබා ගෙන ගෝඨාභය රාජපක්ෂ පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී සෝෆා-ඇක්සා ගිවිසුම් සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රශ්නයක් ගෝඨාභය රාජපක්ෂගෙන් නොවිමසන ලෙස එම මාධ්‍ය හමුව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ගෝඨාභය රාජපක්ෂ ගේ සම්බන්ධීකරණ ලේකම්වරු සහ ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇතැයි ද මාධ්‍ය මගින් අනාවරණය විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් වුවහොත්, අනිවාර්යයෙන්ම එකී ගිවිසුම් වලට ගෝඨාභය රාජපක්ෂ එළඹෙන බව සක් සුදක් සේ මේ වන විට පැහැදිලිය.

ජානකී සිරිවර්ධන

පසුගිය දා අප හෙළි කළ පරිදි ගෝඨාභය රාජපක්ෂ, අමෙරිකානු පුරවැසිභාව ඉවත් කර ගැනීම වෙනුවෙන් තමා ජනාධිපති වුවහොත් සෝෆා - ඇක්සා ගිවිසුම් අත්සන් කිරීමට එකග වී ඇත්තේ ගෝඨාභයගේ හිතවතියක වන, ජානකී සිරිවර්ධන නමැත්තියක මාර්ගයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් හමුවී කළ සාකච්ඡාවකින් පසුවය. තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර දුනහොත්, ඉවන්කා හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයාට පොරොන්දු වූ ලෙස තමා බලයට පැමිණි වහාම සෝෆා - ඇක්සා ගිවිසුම් අත්සන් කරන බවට ගෝඨාභය එකග වී තිබේ. මෙම ජානකී සිරිවර්ධන නැමැත්තිය පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ කූප්‍රකට ගනු දෙනු ගනනාවකට මැදිහත් වූ තැනත්තියකි. ජාත්‍යන්තර ජාවාරම්කාර සම්බන්ධතා ‍රැසක් නඩත්තු කරන ඇය . නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වූ දූෂිත ක්‍රිෂ් ගනුදෙනුවේද මැදිහත්කාරියකි.

ශවේන්ද්‍ර ගැන ගෝඨා නිහඬයි

එසේම යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය විරෝධය පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ඉකුත්දා කටයුතු කළද, අමෙරිකානු නිවේදනයට විරුද්ධව වචනයක් හෝ නොකීමට ගෝඨාභය රාජපක්ෂ පරෙස්සම් විය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඉකුත් දින කීපය තුළ වැඩි අවධානයක් යොමු කර තිබූ අතර, ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට විරුද්ධව වචනයක් හෝ කතා නොකීමට වග බලා ගැනීම සම්බන්ධයෙන් ද කතා බහට ලක් වී තිබුණි. එසේම, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ මහතා ශවේන්ද්‍ර සිල්වා ගේ පත්වීම ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම මගින්ද අමෙරිකාව සමග ඔහුගේ තිරය යට ගනු දෙනුවක් ඇති බව පෙනී යන්නේ යැයි දේශපාලන අංශ වල කතා බහට ලක් වී තිබේ.

අමරිකානු SOFA සහ ACSA ගිවිසුම් මුල් අවස්ථාවේදී එනම් ඔහු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාව සිටි සමයේදී එකඟව කටයුතු කර එකී මුල් ගිවිසුම් වලට අත්සන් කිරීම සිදු කර තිබිණි. මෙම ගිවිසුම් හරහා ශ්‍රීලංකාවේ ස්වෛරීභාවයට විශාල හානියක් වන බව කියමින් පසුගිය වකවානුවේදී ගොඨාබයගේ අගසව් දෙපොළ වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පොළොවේ පස් කකා කීවේ මෙම ගිවිසුම් අහෝසි කළ යුතු බවය. ඒ වෙනුවෙන් ගොඨාභයව ජනාධිපති කළ යුතු බවය. කොටින්ම මේ ගුලිය කා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවා මෙම ගිවිසුම් සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමු පවත්වමින් ගිවිසුම් වලට විරෝධය පළ කළේය. ඒවා අසා පොදු ජන පෙරමුණේ නායකකාරකාධීන් සහ සාමාජිකයන්ද රට අමරිකාවේ කොළනියක් කිරීමට මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට බේගලය පැතිරවීය. මේ තත්වයන් මෙසේ තිබියදී ගෝඨාභය මෙම ගිවිසුම් දෙක බලාත්මක කිරීම වෙනුවෙන් අමරිකාවට එකඟ වීමත් සිය ජයග්‍රහණය වෙනුවෙන් අමරිකාවේ සහය බලාපොරොත්තු වීමත් පරස්පර කාරනා දෙකකි.

මේ රටට හොරෙන් ගහන ගිවිසුම් සහ රටට කියන බේගල් ගැන රට වැසියා දැන් දැනුවත්ය. ගොඨාභයලාගේ පට්ටපල් බොරු දේශප්‍රේමයට තවත් රට වසියා රැවැටවිය හැකි නොවේ.

සැබැඳි පුවත් :

ගෝඨාගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නෙ SOFA සහ ACSA ගිවිසුමට එකඟ නම් පමණයි.

Last modified on Friday, 23 August 2019 13:18

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us