ගෝඨාගේ විනය නැවතත් පොහොට්ටුව සුවඳ කරයි.. නැත්නම් ගඳයි - පොහොට්ටු, ගෝඨා ගැටුම එළිපිටම.

Published in පුවත්
Tuesday, 27 August 2019 13:46

නන්දසේන ගෝඨාභය සහ පොහොට්‍ටු ප්‍රධානින් අතර වර්ධනය වෙමින් තිබෙන බල අරගලය දැන් උග්‍ර අතට පත්වෙමින් තිබේ. නන්දසේන පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත්තේ මහින්ද රාජපක්ෂ හෝ එම පවුලේ කැමත්තකින් වත් පොදුජන පෙරමුණේ අනෙක් නායකයින්ගේ ඒකමතික කැමැත්තකින් හෝ නොවේ.

නන්දසේනගේ මිලිටරි ජුන්ටාවත් ජාතිවාදී බලවේගත් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුත් එකතු වී සිදු කළ මෙහෙයුමේ ප්‍රතිපලය ලෙස නන්දසේනව ජනාධිපතිධුර අපෙක්ෂකයා ලෙස නම් කිරීම හැර මහින්ද රාජපක්ෂට හො බැසිල් රාජපක්ෂට වෙනත් විකල්ප තීන්දු ගැනීමේ හැකියාවක් තිබුනේ නැත. මහින්ද ඒ ගැන කිවේ ඉල්ලපු නිසා දුන්නා කියාය. එසේම නන්දසේනගේ දේශපාලන ක්‍රියාන්විතය අඩපණ කිරීම සඳහාද කටයුතු කළ අතර සියලු මැතිවරණ මෙහෙයුම් තමන් අතට ගැනීමටද බැසිල් රාජපක්ෂ කටයුතු කළේය. පොදුජන පෙරමුණේ සංවිධාකයන් සහ නන්දසේනගේ මිලිටරි ජුන්ටාව අතර ගැ‍ටුම් කාරිත්වයක් මතුවීම දඩමීමා කරගෙන බැසිල් මෙම තීන්දුව ගන්නා ලදී. නන්දසේනට මාධ්‍යවේදීඉන් සමඟ සංවාද වලට යෑමද මේ වන විට තහනම් කර තිබේ.

පසුගිය දා පැවැති පොදුජන පෙරමුණේ තරුණ සමුළුව නන්දසේන පාර්ශ්වයේ සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවද එය මාධ්‍යට තහනම් කිරීමට පියවර ගත්තේ මහින්ද රාජපක්ෂගේ නියෝගයක් අනුවය. ඒ අනුව නාමල් රාජපක්ෂ සහ ඩලස් අලහප්පෙරුම මාධ්‍යවේදීන් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලදී. මෙයට හේතුව වූයේ නන්දසේන මාධ්‍යවේදීන් කුමක් හෝ කට කැඩිච්ච කතාවක් කියනු ඇති බවට වූ බිය නිසාය.

අනෙක් කාරණය නම් නන්දසේනගේ ප්‍රචාරක මෙහෙයුම තමන් අතට ගැනීම සඳහා නමල් , යෝශිත සහ රොහිත සැලසුම් කර තිබෙන අතර ඒ වෙනුවෙන් වන රුපියල් බිලියන 30ක පමණ වන ගනුදෙනු ඔවුන් අතට ගැනීමට ඒ අපේක්ෂාවෙන් කටයුතු කරයි.

මෙම සිදුවීම් නිසා පාර්ශ්ව දෙකෙහි ගැ‍ටුම උත්සන්න වූ අතර නන්දසේන පාර්ශ්වය නියෝජනය කරමින් ශෙහාන් සේමසිංහ මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තෙය.

ඊයේ නන්දසේනගේ ප්‍රචාරක මෙහෙයුම බාරව කටයුතු කරන දෙරණ දිලිත් ජයවීරට අයත් emanisa වෙබ් අඩවියෙහි මේ සේමසිංහගෙ ප්‍රකාශය පළ කර ඇත්තේ ' ගෝඨාගේ විනය නිසා නැවතත් පොහොට්‍ටුව සුවඳ කරයි..' යනුවෙනි. එනම් එහි තේරුම ගොඨා නැත්නම් පොහොට්‍ටුව ගඳ ගහන බවය.

මේ අනුව ඉදිරි කාලය තුල මෙම දෙපාර්ශ්වයේ ගැ‍ටුම තව දුරටත් තිව්‍ර වෙනු ඇත.එසේම මහින්ද රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ එකඟතාවයක් මත අවබෝධයෙන් යුතුව යම් දේශපාලන මෙහෙයුමක නිරතව සිටීම ගැනද නන්දසේන පාර්ශ්වයේ අසතුටට හේතු වී ඇත. නන්දසේන පාර්ශ්වයේ කැමැත්ත වී ඇත්තේ සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා ලෙස පැමිණීමය .ඔවුන්ගේ ගනන් තැබීම අනුව සිංහල බෞද්ධ ඡන්ද වලින් සජිත්ව පරාජය කිරීමට හැකි බව පැවැසේ.

එහෙත් මහින්ද පාර්ශ්වය දිගින් දිගටම රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ සජිත් පැමිණීම වලක්වන ලෙසත් රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ප්‍රබල පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසය. තතු දත් ආරංචි මාර්ග පවසන්නේ සජිත්ට ජය ගැනීමේ හැකියාවක් ඇති නිසා එය තමන්ගේ දේශපාලන ජීවිතයට එය තදින් බලපානු ඇති බවය. සජිත් සහ රාජපක්ෂලා අතර පවතින පරණ දේශපාලන කොන්තර නිසා තමන්ගෙන් පළිගැනීමට ඔහු කටයුතු කරනු ඇති බවට බියකින් මහින්ද පෙළෙන බව පැවැසෙයි. එසේම නන්දසේනව පරාජය කර, රනිල් හෝ ඔහුගේ පාලනය යටතේ සිටින්නකු ජනාධිපති වීම තමන්ගේ ආරක්ෂාව සහතික කිරීමට හේතුවනු ඇති බව මහින්දගේ විශ්වාසය වී තිබේ. එම වුවමනාව වෙනුවෙන් මහින්ද පාර්ශ්වය කටයුතු කරමින් සිටී. උද්දච්ඡ හිතුවක්කාර නන්දසේන අතට බලය ගියහොත් ඔහුව පාලනය කිරීමෙ හැකියාවක් නොමැති බව මහින්ද රාජපක්ෂ පවුලේ විශ්වාසය වී තිබේ. පසුගිය ආණ්ඩු සමයේදී නන්දසේනගේ ත්‍රාඩ හැසිරීම් තමන්ගේ පාරාජයට හේතු වූ බව මහින්දගේත් බැසිල්ගේත් මතය වී තිබේ. එකල ආණ්ඩුවේ නිල නොවන ජනාධිපති ලෙස නන්දසේනව හැඳින්වීම මැතිඇමැතිවරුන්ගේ පුරුද්ද විය. පසුගියදා බැසිල් රාජපක්ෂ පුවත් පතකට සාකච්ඡාවක් දෙමින් පවසා තිබුණේද නන්දසේන දේශපාලකයකු නොවන නිසා ඔහු ජයග්‍රණය කොළොත් ආණ්ඩු පාලනය තමන් යටතට ගන්නා බවය.

Last modified on Tuesday, 27 August 2019 13:53

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us