ජෝකර් නන්දසේන සිතා සිටින්නේ මේ රටේ මිනිස්සු මෝඩ තකතීරුවන් බවය. Featured

Published in පුවත්
Sunday, 01 September 2019 11:36

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාබය පසුගිය දින කිහිපයේදී පැවැත්වූ ජන හමුවලද හරි අපූර්ව දෑ කියමින් සිටී..මේවා අපූර්ව වන්නේ රාජපක්ෂ පවුල් ආණ්ඩුව සමයේදී කිසිසේත්ම රාජපක්ෂලා විසින් ක්‍රියාත්මක නොකෙරු, කිසිසේත්ම පිළිගැනීමට ලක් නොකරපු සහ ඒවා වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් ඝාතනය කරමින් අතුරුදන් කරමින් තර්ජනය කරමින් ඒ වැලක්වීමටද කටයුතු කරමින් සිටි නිසාය.

ප්‍රජතන්ත්‍රවාදය මිනිස් අයිතිවාසිකම් බල්ලට දමා ඒකාධිපති පවුල් ආණ්ඩුවක් පවත්වා ගනිමින් කළ කී මජර ජඩ වැඩ සිලල්ල මේ රටේ මිනිසුන්ට අමතකව ඇතැයි සිතා හෝ මිනිස්සු මරි මෝඩයන් යැයි සිතා හෝ දැන් රාජපක්ෂලා ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් නිදහස වෙනුවෙන් පෙනී සිටින්න පටන් ගෙන තිබේ.

පසුගියදා කාන්තාවන් ටිකක් රැස් කරගෙන කාන්තාවගේ අයිතිවාසිකම් ගැන නන්දසෙනත් මහින්දත් දොඩවා තිබිණි. කාන්තාවට අපහාස කළ කාන්තාව පහත්කොට සැලකූ රාජපක්ෂ යුගයේදී කාන්තාවන් දුෂ්‍ය කළේ ප්‍රසිද්ධියේය. තමන් රාජපක්ෂගේම පුත්‍රයකු බව කියමින් තංගල්ලෙ ප්‍රාදේශීය සභාවේ සභාපති කම කළ සම්පත් විදානපතිරණ වරක් විදේශීය කානතාවක් ප්‍රසිද්ධියේ දූෂණය කළේ ඇයගේ විදේශික පෙම්වතාවද අමු අමුවේ මරා දමමිනි. අකු‍රැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි මහින්දගේ ගෝලයා සාරුවා සුනිල් කාන්තාවන් පමණක් නොව බාල වයස්කාර දරිවියන්ද දුෂණය කළේ විනෝදාංශයකට අරගෙනය. කාන්තාවන් 200ක් තමන් විසින් දූෂණයට ලක් කළ බව කියමින් මොහු උත්සව පැවැත් වු බවත් කියැවිනි. මේ යුගයේදී ස්ත්‍රී දුෂණ චෝදනා ලැබු මහින්දවාදී ප්‍රාදෙශීය සභා නියොජිතයන් ගන්න 30 කට ආසන්නය. පොහොට්‍ටුව අටවාගෙත් පසුව ඒ හරහා ප්‍රාදේශීය මන්ත්‍රීකම් ගත් තවත් විශාල පිරිසකටද ස්ත්‍රී දුෂණ සහ බාලවයස්කාර දැරිවියන් දුෂණය කිරීමේ චෝදනා එල්ලවීද තිබේ. තමගේ මුල්‍ය අපරාධ වෙනුවෙන් නීතියේ ආරක්ෂාව සපයා නොදුන් නිසා හිටපු අගවිනිසුරුවරියට කෙලවරක් නැතිව නින්දා අපහාස කරමින් තනතුරෙන් පන්නා දැමුවේද මේ රාජපකෂශලාය. ස්ත්‍රී දුෂණ චෝදනා ලබා සිර ගතව සිටි ඇතැමුන්ව නිදහස කළේද මේ රාජපක්ෂලාය.

මේවා මිනිස්සුන්ට මතක නැති බව රාජපක්ෂලා කල්පනා කරනවාද නැතිනම් නම් තමන් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනකොට. අනේ එයාල දැන් හරි ස්වීට් කියා මිනිස්සු කල්පනා කරන්න තරම් මෝඩ හරක් කියා සිතා දැන් මේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරනවා විය යුතුය. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන උපදෙස් සපයන ගොබිලන් විසින් මේ ලියා දෙනු ලබන කතා පිටපත් තමන් විසින් කියවා පුහුණු වන විටවත් තමන් කළ වැරදි ගැන නන්දසේනට මතකයට එනවානම් මේ විහිළු ජනතාවට නොසපා ඉන්නට තරම් ලැජ්ජාවක් ඔහු සතු විය යුතුය. එහෙත් එහෙම ලැජ්ජාවක් බයක් මේ තක්කඩි බලපෙරේත කොල්ලකාරී දේශපාලනයට නැති බවත් දැන් පැහැදිලිය.

එසේම ඊයේ දිනයේදී ද නන්දසෙන නීතිඥ ඇච්චො බැච්චෝ ටිකක් එකතු කරගෙන නීතියේ යහපාලනය ගැන අපූර්ව දේශනාවක් කර තිබිණි.

"නීතියේ අධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය යන ඉතාමත් ස්වර්ණමය සංකල්පය ජනතාවගේ සුභ සිද්ධිය හා දියුණුව සඳහා අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යැයි පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා සඳහා යෙදවීමට තවදුරටත් ඉඩ දිය නොයුතුයි.ඒ වෙනුවට ඒ ආයතනවලට සැබෑ ස්වාධීනත්වයක් ලබා දී ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමට නීතිඥයෙන්ගේ උපදෙස් හා සහාය බලාපොරෙත්තු වෙනවා.එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි.නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි.පුරවැසියා හැම විටම නීතිගරුක විය යුතුයි. නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හා පුද්ගලයන්ට බයනම් එහි ගැටලුවක් තියෙනවා.නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින් නීතියට යටත්ය කියන කාරණය බවත් මතක තබා ගත යුතුයි"

මේවා ලෝක පරිමාණයෙ විහිළුය. තමන්ට එරෙහිව තිබෙන චෝදනාවලින් ගැලවීමට නීතියට බයේ සැඟවී සිටින නන්දසේන මේ කතා කරන්නේ මුඛයෙන්ද අධෝ මුඛයෙන්දැයි තේරෙන්නෙ නැත. තමන් වටා පොදි ගැසී සිටින කිසිදු පුද්ගලයකු හෝ නීත්‍යානුකුලව කටයුතු කළ හෝ කටයුතු කරන අයදැයි නන්දසේනට පෙන්වා දිය නොහැක. මන්ද ඒ සියලු දෙනා හොරුන්ය වංචාකරුවන්ය අපරාධ කරුවන්ය. ඒ අති විශාල පිරිසකට මේ වන විටත් අධිකරණය හමුවේ චෝදනා ගොනු වී තිබේ. තමන් සහ තම පවුලේ ඈයෝ විසින් සිදු කරන ලද නීත්‍යානුකූල නොවන ජඩ වැඩ කප්පරක් ගැන චෝදනා විභාග වීමින් තිබියදී නිතියේ යහපාලනය ගැන ‍රැවටිලි කාර ප්‍රෝඩාකාරී කතන්දරකාරයෙක් මේ වගේ ජඩයෙක් රටේ ජනාධිපතිධුරයට පත් කර ගැනීමට තරම් මේරටේ මිනිස්සු මෝඩ මීහරක් නොවේ. එ්වාට සැදී පැහැදී සිටින පොල්ලෙලි ඡන්ද දායක තකතීරුවන් තවමත් ටික දෙනෙකු ඉතිරිව සිටියද රටේ අති බහුතරය මේ වංචාවන්ගෙන් තව දුරටත් රැවැටවිය හැකි නොවේ.

නන්දසේනගේ කියුම් සහ කෙරුම් වලින් ජනාධිපතිවීම කෙසේ වෙතත් දැන් රටට ලොකුම විහිළු සපයන්න බවට නම් පත්ව තිබේ. ඒ අතින් මහින්දවත් අභිබවා ගොස් තිබේ.

Last modified on Sunday, 01 September 2019 17:06

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us