දේශපාලන ඝාතනයකට අර අදින කැළණියේ නූතන බුද්ධරක්කිත, Featured

Published in පුවත්
Monday, 02 September 2019 00:42

කැළණි රජමහා විහාරය කියන්නේ වරක් වැන්දෝත් කළ සියලු පව් හෝදා ගත හැකි තැනක් පමණක්ම නොවේ. එය රටේ දේශපාලනයද තීරණය කරන තැනකි. චුල්ලොදර මහෝදර දෙදෙනා දේපොළ උරුමයට මරා ගන්නා විට ගෞතම බුදුන් වැඩ ඒ රණ්ඩුව අවසන් කළ බව කියවේ.

ඒ රණ්ඩුවට හේතු වූ මැණික් පු‍ටුව කැලණිය දා ගැබෙහි තැන්පත් කර ඇති බවද කියවෙයි. දේපොල සම්බන්ධ සටන් ඉතිහාසයක් ඇති කැලණි රජමහ විහාරයේ මෑත ඉතිහාසයේත් පවතින්නේ දෙපොළ සම්බන්ධ ගැටලුය. රටේ නායකයන්ගේ යාළුමිත්‍රකම් උඩ ලැබෙන දේපොළ වස්තුවට ලොබ බඳින්නාක් මෙන්ම සිය ඥාතින් සහ සමීපතමයන් වෙතට ලාබ ප්‍රයෝජන අත්පත් කර දීම වෙනුවෙන් දේපොළ රැස් කිරීම හා බෙදාහදා ගැනීම ගැනද කැළණියට ඉතිහාසයක් තිබේ.

කැළණි රජමහා විහාරයේ විහාරාධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්කිත කියන්නේ එසේ දේපොල වෙනුවෙන් මරාගෙන මැරෙන මෙහෙයුමක් කළ පුද්ගලයෙකි. අවසානයේදී හිටපු අගමැති බණ්ඩාරනායක ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළ කරුවා වූයේද බුද්ධරක්කිතය. ඒ තමන් අපේක්ෂාකළ වරදාන වරප්‍රසාද නොලැබී යාමේ ගැටළුව නිසාය. රටෙ නායකය මරා දමා හෝ තමන්ගේ අභිප්‍රාය ඉ‍ටුකරවා ගැනීමේ වුවමනාව ඔහුට විය.

බුද්ධරක්කිතව යළි මතකයට එන්නේ වර්තමානයේ කැළණියේ විහාරාධිපති මහින්ද සංඝරක්කිතගේ වැඩ කිඩ හෙළි වන නිසාය. සංඝරක්කිත කියන්නේ ද දෙපොළ රැස්කිරීම හා ඒ බෙදා හැරීම ගැන චෝදනා එල්ලවී ඇති සහ දේශපාලන ඇඟෑලුම්කම් පාවිච්චිකර වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නේකු බවට කතන්දර රැසක් ඇති පුද්ගලයෙකි. අද සංඝරක්කිත කැළණි විහාරයේ දායක සභාවේ සභාපති අගමැති රනිල් වික්‍රසිංහව ඉවත් කිරීම සඳහා දායක සභාවේ කිහිප දෙනෙකු යොදවාගෙන සිදු කළ කුමන්ත්‍රණය හදිසියේ ඇති වූවක් නොවේ. ඊට ඉතිහාසයක් තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී සංඝරක්කිත මුලින් සිටියේ වික්‍රමසිංහ/ විජේවර්ධන පවුලට හිතවත්වය. එහෙත් රාජපක්ෂ පවුල් ආණ්ඩුව විසින් සංඝරක්කිතව තමන්ට පක්ෂපාත කරවා ගැනිමට සමත් විය. ඒ බුද්ධසාසනේට සේවය කිරීමේ මුවාවෙන් වරදාන සහ වරප්‍රසාද වස්තුව දේපොළ ඇති පදම් ලබා දෙමිණි. එකල කැලණියේ ශ්‍රීලනීප සංවිධායක වූ ඇමැති මර්වින් සිල්වා මේ වෙනුවෙන් ලොකු වැඩක් කළ අයෙකි. මේ සංඝරක්කිත යනු කවරෙක්ද යන්න ගැන හොඳාකාරව දන්නේ ඔහුය. කැලණි පුරවරයම බෞද්ධ පුරවරයක් කිරීමට යැයි කියමින් මර්වින් සිල්වා විසින් දියත් කළ මජර වැඩ සියල්ලම මේ සංඝරක්කිත එදා ඉවසාගෙන සිටියේ තමන්ටද ලැබුණු ලාබ ප්‍රයෝජන නිසාය. මර්වින් සිල්වා කැලණියේ කඩයක් කඩයක් ගානේ කප්පම් එකතු කළේ ඔහුට තනියෙම කන්නට නොවේ. බුද්ධ සාසනේ දියුණුවටය. ඒ බුද්ධ සාසනේ යනු කැළනිය රජමහා විහාරයේ භාණ්ඩාගාරයයි. රාජපක්ෂ යුගයේ අවසන් කාලය වන විට සංඝරක්කිතට මහින්ද සක්විති රජෙක් විය. විහාරයේ සාම්ප්‍රදායිකව මහ දායකයන්ව සිටි වික්‍රමසිංහලාගේන් විජේවර්ධනලාගේන් නොලැබුණු සැලකිල්ලක් රාජපක්ෂලාගේන් ලැබෙන විට ඒ දායකයගෙන් සංඝරක්කිතට වැඩක් වූයේ නැත.

එහෙත් 2015 දී රාජපක්ෂලාට ගෙදර යෑමට සිදු විය. සංඝරක්කිත සිටියේ වියවුලෙණි. රාජපක්ෂලාගෙන් ලැබුණු සැලකිල්ල යළි වික්‍රමසිංහලාගෙන් ලබා ගැනිමට කොතෙකුත් උත්සහ කළත් එය ලැබුණේ නැත. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ සහෝදරයාටවත් අයතා ලෙස කටයුතු කිරීමට කිසිදු අනුග්‍රහයක් දැක්වූවෙක් නොවේ. 2002 වසරේදී අගමැතිධුරයට පත්වූ කාලයෙහි රජයේ ටෙන්ඩරයක් ලබා ගැනීමට අගමැතිවරයාගෙන් සහයෝගයක් නොලැබූ විට සහෝදරයා සිදු කළේ සිය මාධ්‍ය ආයතනය පාවිච්චි කර සිය අගමැති සහෝදරයාටම පහර ගැසීමය. රනිල්ගේ දේශපාලනයට විශාල ලෙස උදව් කළ සිරස අධිපති කිලී මහරාජා අගමැති රනිල්ව නටවන්න හැදූ විට ඊට ඉඩක් රනිල් දුන්නෙ නැත. මේ නිසා අදත් පහර පිට පහර ගැසීම මහරාගේ සිරස සිදුකරමින් තිබේ. ඒ නිසා සංඝරක්කිතලා රනිල්ගෙන් වරදාන වරප්‍රසාද ඉල්ලා සිටියද එ්වා එහෙමට නොලැබීම ගැන අමුතු විශේෂයක් නැත.

කැළණියේ බුද්ධරක්කිත එදා බණ්ඩාරනායකව ශාරිරිකව ඝාතනය කර එහි වාඩුව ගත්තා සේ අද සංඝරක්කිත රනිල්ව දේශපාලනිකව ඝාතනය කිරීමට උත්සුක වී තිබේ. මෙම කුමන්ත්‍රණය පසුගිය වසරේ සිටම සැලසුම් කරමින් තිබුණකි. රනිල්ව දායක සභාවෙන් ඉවත් කිරීමට උත්සහ ගත්තේ පසුගිය වසරේ සිටමය. එහෙත් ඒ හැම අවස්තාවකම දායක සභාව කොන්ද කෙළින් තියාගෙන වැඩ කිරීම නිසා එය සිදු කිරීමට නොහැකි විය. එහෙත් මේ වන විට දායක සභාවේ කිහිප දෙනෙකු තමන් වෙත නම්වා ගැනීමට සංඝරක්කිත සමත්ව ඇත. එපමණක් නොවේ මේ සැලසුම දියත් කිරීම සඳහා රාජපක්ෂ පාර්ශ්වයේද අනුග්‍රහය ලැබුවේය. ඒ වෙනුවෙන් රාජපක්ෂ හිතවත් මාධ්‍යයද දැන් කාලයක් සිට රනිල්ව දායක සභාවෙන් පැන්නිය යුතු බවට මතය නිර්මාණය කළේය. එය අද සාර්ථක කර ගැනිමට හැකිව තිබේ.

සංඝරක්කිත අද නුතන බුද්ධරක්කිත බවට පත්ව තිබේ. ඔහු පසුගිය කාලයේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් කළ නන්දෙඩවීම සලකා බැලීමේ දී බුද්ධ පුත්‍රයකු වශයෙන් මොනතරම් පහත් තත්වයකට ඇද වැටී සිටියාදැයි තහවුරු කර ගැනිමට හැකිය.

මේ කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහව දායක සභාවෙන් ඉවත් කළාය යනුවෙන් සිදුකරන ප්‍රචාරය ගැන එක්සත් ජාතික පක්ෂය ප්‍රතිචාර දක්වා ඇත. ලංකාදීප පුවත් පත එය මෙසේ වාර්තා කර තිබේ

කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.

කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම්දීම කලින්ම කළේ යැයි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

කුමන පසුබිම්ක් යටතේ වුවද අද (01) දිනයේ පැවති දායක සභා රැස්වීම්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය ඉහත කරුණු සඳහන් කළේ කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට පළවූ වාර්තා සහ සමාජ ජාලා පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

දේපල සම්බන්ධයෙන් කැලණි රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලකින්ම නිදොස් වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ දී ම පැහැදිලිව ම දැනුම් දුන් බව ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us