බැසිල්ට, මහින්දට රටේ පාලන බලය දෙන්නෙ නෑ.. ඒක කරන්නේ අපේ නන්දසේන - ගම්මන්පිළ Featured

Published in පුවත්
Thursday, 05 September 2019 22:00

පිවිතුරු හෙළ උරුමයේත් ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණ කිරීමෙන් පසුව පිහිටුවන ආණ්ඩුව පාලනය කරන්නේ නන්දසේන මිසක් අගමැතිවරයාවත් කැබිනට් මණ්ඩලයවත් නොවන බව අද දින පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායකයාද එකම සාමාජිකයාද වන උදය ගම්මපිල කරුණු කාරණා සහිතව පැහැදිලි කළේය.

ඔහු මේ බව කිවේ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මීළඟට පත්වෙන ජනාධිපතිවරයා බලතල රහිත අයකු බවට පවතින මතය බොරුවක් බව පෙන්වා දීමට වඩා වෙන්ඩ ජනපති නන්දසේනව යටපත් කිරීම සඳහා ඔහුගේ සහෝදරයන් ගෙන යන මෙහෙයුමට එරෙහිව සිය මතය පැවැසීමටය.

අද(05) එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

“අනාගත ජනාධිපතිවරයා විලියම් ගොපල්ලව මැතිතුමා වගේ නාමමාත්‍ර ජනාධිපතිවරයෙකු පමණයි ඔහුට කිසිම බලයක් නෑ කියලා පසුගිය මාස තුනේ මාධ්‍ය හරහා විවිධ අය මත පල කළා.

ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් රඳවා ගන්න බෑ කියලාත් මේ අය කියලා ලියලා තිබුණා. අපි ඒක එතරම් ගණන් ගත්තේ නෑ. නමුත් පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ ප්‍රකාශයම කර තිබුණා. ඒ නිසා මේ පිළිබඳ ඇත්ත රටට හෙලි කළ යුතුයි.

ජනාධිපතිවරයාට තමන් කැමැති අමාත්‍යාංශ ගණනක් රඳවා ගන්න පුළුවන් බවටත් වෙනත් කිසිම අමාත්‍යාංශයකට පවරා නැති විෂයන් සහ ආයතන ජනාධිපතිට අයිති බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියේ සඳහන් වුණා. 19 වන සංශෝධනයෙන් එම සඳහන ඉවත් කළා. ඔන්න ඔය නිසා තමයි අනාගත ජනාධිපතිට බලතල නෑ කියා කියන්නේ. ඇත්තෙන්ම ඒක වැරදියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය අපි දැන් කියවමු. “රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය”.

මේ වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍ය සමග සෘජුවම ගැට ගැහිලා තිබෙන නිසා මේක වෙනස් කරන්න පුළුවන් ජනමත විචාරණයක දී ජනතාව අනුමැතිය දුන්නොත් පමණයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවක දී තීරණය කර තිබෙනවා.

මේ වගන්තිය අනුව ජනතාව තමන්ගේ විධායක බලය සම්පූරණයෙන් භාර දෙන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට ඒක ඇමතිවරුන්ට පවරන්න පුළුවන්. කාට හරි පැවරුවේ නැතිනම් ඒ බලය තිබෙන්නේ ජනාධිපතිටයි. ඒ නිසා ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැති සියළුම විෂයන් අයිති වන්නේ ජනාධිපතිටයි. ජනාධිපතිට මේ බලය ලැබුණේ 4 වගන්තියෙන්. 44 වගන්තියෙන් කලේ ඒ බලය විස්තර කිරීමක් පමණයි.

19 වන සංශෝධනයේ පියවරු 44 වගන්තිය වෙනස් කළත් 4 වගන්තියට අත තිබ්බේ නෑ. ඒ නිසා ජනාධිපතිට අමාත්‍යාංශ තබා ගැනීමේ හැකියාව අංශුමාත්‍රයකින් වත් වෙනස් වුණේ නෑ. අනාගත ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය වත් තබා ගන්න බෑ කියලා සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළා. කවුරු හරි එතුමන්ව නොමග යවලා.

4 වන වගන්තියේ විධිවිධාන නිසා වෙනත් කිසිම ඇමතිවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය පවරන්න ජනාධිපතිට බෑ හෙම කළොත් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා 2003 දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව තමයි 2003 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවකට තිලක් මාරපන අමාත්‍යවරයාට භාරදී තිබූ ආරක්ෂක අමාත්‍යාංශය නැවත තමන්ට පවරා ගැනීමට කටයුතු කළේ. ඒ තීන්දුව අදටත් වලංගුයි. ඒ නිසා අනාගත ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය අනිවාර්යෙන් තමන් ළඟ තබා ගත යුතුයි. වෙන කෙනෙකුට දෙන්න ගියොත් එයම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා.

දෝෂාභියෝගයක් ගෙන ඒමට පදනම් කාරණයක් බවට පත්වෙනවා. ඊට අමතරව තමන් කැමති අමාත්‍යංශ ගනණක් තමන්ට රඳවා ගැනීමේ බලය තිබෙනවා. මොකද ජනතාව බලය දෙන්නේ ජනාධිපතිට මිසක් වෙනත් කිසිවෙකුට නොවෙයි. මේ පිළිබඳව පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතුව මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා අභියෝග කරනවා. එහෙම විවාදයක් කළොත් ඇත්ත මොකද්ද කියන එක ජනතාවට දැන ගන්න පුළුවන්.“

ගම්මන්පිළගේ මෙම පැහැදිලි කිරීම, පොදුජන පෙරමුණේ අයිතිකරු බැසිල් රාජපක්ෂ සහ එහි නායක මහින්ද රාජපක්ෂ විසින් නන්දසේන ජනාධිපති වූ විට රට පාලනය කරන්නෙ තමුන් විසින් බවට ගෙන ගිය මතයට තදබල කණේ පහරක් එල්ල කිරීමක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. පසුගියදා බැසිල් රාජපක්ෂ ජාතික පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කීවේ ගෝඨාභය දේශපාලකයකු නොවන බවත් ඒ නිසා තමන්ගේ ආණ්ඩුවක් පත්වූ පසු ආණ්ඩුව පාලනය කරන්නෙ තමන් විසින් බවය. එසේම මහින්ද රාජපක්ෂ, තමන් එම ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස පත්වන නිසා නන්දසේන ජය ගත්තාට රට පාලනය කරන්නේ තමන් බව මහින්ද විසින් කිහිප වතාවක්ම මාධ්‍ය ඉදිරියේ පෙන්වා දි තිබිණි.

මේ අනුව උදය ගම්මන්පිළ සිය ගෝඨාවාදී බව යළිත් පසක් කරමින් අද පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කරනු ලැබුවේ, බැසිල්ට හෝ මහින්දට අනුව තමන් වැඩ නොකරන බවත් නන්දසෙනට පමණක් වැඩ කරන බවය. ඊට එරෙහිව මත දරණ අයට අභියෝග කරන බව පැවසූවේ බැසිල්ට සහ මහින්දට බවත් පැහැදිලිය.

දේශපාලනික ගොබ්බයෙක් වන උදය ගම්මන්පිල සිය ස්වාමියා වන නන්දසේන වෙනුවෙන් එසේ පක්ෂග්‍රාහී අදහස් පල කළද ඔහු නොදැන ඉ‍ටු කර ඇත්තේ බැසිල් - මහින්දගේ වුවමනාව බව දේශපාලක විචාරකයන් පෙන්වා දෙති. මන්ද බැසිල් - මහින්ද පාර්ශ්වයටද අවශ්‍යව ඇත්තේ නන්දසේන තමන්ගේ ‍රැහෙනෙන් මිදී කුලප්පු වූ ගොනෙකු ලෙස කටයුතු කරනවා දැකීමටය.ඊට හේතු තිබේ.

පොදුජන පෙරමුණ හෙවත් බැසිල් - මහින්ද කණ්ඩායම සහ නන්දසේන කණ්ඩායම අතර පවතින බල අරගලය දැන් එන්න එන්නම වැඩි වෙමින් තිබේ. නන්දසේනගේ ප්‍රචාරක මෙහෙයුම බාර දෙරණ අධිපති දිලිත් ජයවීර සිය මාධ්‍ය හරහාද දැන් බැසිල් සහ මහින්ද කණ්ඩායමට එරෙහිව මත පළ කරන්නට පටන් ගෙන තිබේ.

මේ අතර නන්දසේනගේ මාධ්‍ය ප්‍රකාශකවරයකු ලෙස බැසිල් විසින් පත් කළ ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවක්දී අදහස් දක්වමින් නන්දසෙන යටතේ මහින්දට ලැබෙන්නේ නාමමාත්‍රික ජනාධිපතිධුරයක් පමනක් බවට සිදු කළ ප්‍රකාශ නිසා පොදුජන පෙරමුණ තුල යළිත් වතාවක් මත ගැ‍ටුම් උත්සන්න වී තිබේ. ඩලස් විසින් මහින්දට එරෙහිව මතයක් ප්‍රකාශ කිරීම නිසා ඔහුව මාධ්‍ය ප්‍රකාශක තනතුරට සුදුසු නැති බවට මන්ත්‍රීවරු පිරිසක් මහින්දට කරුණු දක්වා තිබිණි.

එහෙත් එය මහින්දගේ සහ බැසිල්ගේ අනුදැනුමෙන් වූවක් බව දැනගැනීමට ඇත. මන්ද නන්දසේනට යම් ඡන්දයක් ලබේ නම් ඒ මහින්ද නිසා සිදු වන්නක් නිසා මහින්දට බලයක් නොලැබේ නම් ගොඨාට ඡන්දය දීමෙන් වැඩක් නැති බව පාක්ෂිකයාට පණිවිඩයක් ලබා දීම මෙහි අරමුණ විය හැකි බවට දේශපාලන විචාරකයන් පවසන්නෙ නන්දසේනගේ ජයග්‍රහණයට වඩා පරාජය වෙනුවෙන් රාජපක්ෂ පවුලෙන්ම පසුගිය කාලයේ බොහෝ අකටයුතු සිදුවූ බැවිනි.

Last modified on Thursday, 05 September 2019 22:07

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us