තීන්දුයි, නිවාරණයි, කැපයි... රනිල් එජාප ජනාධිපති අපේක්ෂක.. ! Featured

Published in පුවත්
Friday, 06 September 2019 16:09

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තමන්ම විය යුතු බවට අද දින එජාප නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජේෂ්ඨ මැති ඇමතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී තීන්දු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණ අපේක්ෂකය පිළිබඳ තීන්දුව ගැනීමේ බලයක් පක්ෂ නායකයා වෙත ලැබී තිබේ. ඒ අනුව පක්ෂ නායකයා තමන්ව හෝ නායකයා විසින් නම් කරනු ලබන තැනැත්තාට එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමිවේ. ඉන් පසුව එය පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් ජාතික විධායක සභාවේ අනුමැතිය සමඟ පක්ෂයේ තීන්දුව බවට පත් වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එජාපය තුල වූ උග්‍ර මතබේදය මින් නිමාවට පත්වනු ද යන්න සැක සහිතය. නියෝජය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් දැඩි සටනක යෙදුනු අතර ඊයේ ඒ වෙනුවෙන් කුරුණෑගල දැවැන්ත රැලියක්ද සංවිධානය කෙරුණි. එහෙත් ඔහුගෙ බලපෑම එජාප නායකයා විසින් නොසලකා හැර තිබේ. රනිල්ගේ තීන්දුව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස පාර්ශ්වය කවර තීන්දුවක් ගන්නේද යන්න ගැන තවමත් අනාවරණය නොවන නමුත් එම පාර්ශ්වය මෙම තීන්දුව නිසා බලවත් කම්පනයකට පත්වනු ඇති බවට නම් සැකයක් නැත.

කෙසේ වෙතත් එජාප නායකයා අද පැවැති රැස්වීමේදී අවධාරණය කර ඇත්තේ තමාට නිසැක ලෙසම ජය ගත හැකි බවය. ඔහු අපේක්ෂා කරන ලෙස මේවන විට එජාප සන්ධානයක් වෙනුවෙන් එක් ‍රැස්වී සිටින සියලු පක්ෂවල සහය ඔහුට හිමිවනු ඇත. වඩාත් තීරණාත්මක වන උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් ජනතාවගේත් කඳුරට සහ බස්නාහිර සුලු ජාතිකයන්ගේ ඡන්දත් ඔහුට නියත ලෙසම ලැබෙනු ඇත. සිංහල බෞද්ධ ඡන්ද වලින් සියයට 30 කට වැඩි ප්‍රමාණයක් කොහොමත් එජාපයට හිමි වන නිසා පළමු වටයෙන්ම සිය ජයග්‍රහණය ලකුණු කළ හැකි බව ඔහුගේ නිගමනය වී තිබේ.

1999 වසරේදී පළමු වතාවට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී චන්ද්‍රිකා බණ්ඩාරනායක (51.1%) හමුවේ දරුණු පරාජයකට රනිල් (42.7%)පත්විය. පසුව 2005 මහින්ද රාජපක්ෂ (50.2%) හමුවේ තවත් පරාජයකට රනිල් (48.4%) පත් විය. අනතුරුව 2010 සහ 2015 වසර වල ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවී පොදු අපේක්ෂකයකුට සහය දැක්වීමට රනිල් කටයුතු කළේය. 2015 දී ලත් ජයග්‍රහණය අනුව මෙවර එජාපයට ඊට වාසිදායක වාතාවරණයක් තිබීම හේතුවෙන් මෙවර රනිල්ට ඉදිරිපත්වී ජය ගත හැකි බව එම පාර්ශ්වයේ මතය වී තිබේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us