අධිකරණය මඟහරින්න ෂෝර්ට් කට් හෙව්වට විගණකාධිපති වාර්ථාවෙන් නන්දසේන හොරෙක් වී අවසන්ය. Featured

Published in පුවත්
Wednesday, 11 September 2019 17:50

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නන්දසේන ගෝඨාභයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනාවෙන් ගැලවීම සඳහා නන්දසේන ගෝඨාබය දිගින් දිගටම අධිකරණය මඟ හරීමට ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථකව තිබේ.

මෙම චෝදනාව එල්ලවූ මුල් අවස්ථාවේදීම අත් අඩංගුවෙන් වැලැකී සිටීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඔහුට හැකි වූවත් චෝදනා අසත්‍ය බව ඔපු කිරීමට හැකි වූයේ නැත. අවසන් වශයෙන් පසුගියදා ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ මෙම චෝදනා විභාගය කිරීමට තීරණය කිරීමත් සමඟ නන්දසේන සූදානම් වූයේ ඊට මුහුණ දී තමන්ගේ ඇති නිර්දෝශී භාවය ඔප්පු කිරීමට කටයුතු කිරීම නොවේ..එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය දෝශ සහිත යැයි කියා එම චෝදනාවලින් ගැලවීමටය.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය කුමක් වූවත් පැහැදිලිවම කිව හැක්කේ මෙම චෝදනා අසත්‍ය යැයි නන්දසේනට ඔප්පු කර ගැනීමේ හැකියාවක් නොමැති බවය.

නීතියේ තිබෙන යම් හම් දුර්වලත උපයෝගි කරගෙන අධිකරණයට ඉදිරිපත්ව ඇති චෝදනා මඟ හැර යෑමට ෂෝර්ට් කට් සෙවීමට ඔහු උත්සහ දරන්නෙ එබැවිනි,

එහෙත් චෝදනාවන්ගේ ඇති සත්‍ය අසත්‍යතාවය ගැන හිටපු විගණකාධිපතිවරයාද විමර්ශනයක් සිදුකර තිබිණි.. ඒ අනුව ඔහු සිදු කළ වැරදි ඉතා පැහැදිලිව සටහන්ව තිබේ. එය බොරු යැයි කිසිවකුට කිව හැකි නොවේ.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පහත දක්වා ඇත.

පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය 2017 නොවැම්බර් මාසයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සුදනම්වූ අතර එම අවස්ථාවේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පොදූ දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට නන්දසේන ගෝඨාභයට හැකි විය. එලෙස පනවා තිබු නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත්වීම ද සිදුව තිබුණු අතර ඊට හේතුව තවමත් අපහැදිලිය.

මෙම චෝදනාවට අමතරව මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණවලින්ද ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

නීතිපතිවරයා විසින් ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවෙ ගොනු කරනු ලැබ තිබේ.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න මෙම නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරයි.

da rajapakza sohona 1da rajapakza sohona 2

Last modified on Wednesday, 11 September 2019 17:53

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us