බැසිල්ගේ පොහොට්‍ටුව වැටිච්ච තැන. අන්තිම සමීක්ෂණ වාර්තාව.

Published in පුවත්
Friday, 15 November 2019 02:25

පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝටබය රාජපක්ෂගේ පරාජය යළිත් වරක් තහවුරු කරන අවසන් සමීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ. ජනමත සමීක්ෂණ සම්බන්ධ විදේශීය සමාගමක් සහ මෙරට ජනමත සමීක්ෂණ කණ්ඩායමක් එකතුව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ පොදුජන පෙරමුණේ නායකයන් වෙතද එම කණ්ඩායම විසින් ලබා දී තිබේ.

මේ අනුව ගොටාබය රාජපක්ෂගේ පරාජය නියත බව එම පක්ෂ නායකයන්ගේ විශ්වාසය වී තීබේ. තව දුරටත් කළ හැකි යමක් නැති නමුත් හෙට දිනයේ දී හිරු සහ දෙරණ නාලිකා ඔස්සෙ එජාපයට මඩ ගැසීමේ වැඩසටහන් කිහිපයක්ම විකාශය කිරීමට එම මාධ්‍ය නාලිකා දෙක සූදානම් වී සිටියි. එහෙත් ඒ සැලවූ වහාම මහින්ද රාජපක්ෂ ඔවුන්ට තිත්ත කුණුහරුපෙන් බැණ වැදී ඇති බවද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. හිරු සහ දෙරණ ගෙන ගිය දැඩි පක්ෂාග්‍රාහී සහ මඩ අවලාද වලින් ගහන මැතිවරණ ප්‍රචාරක කටයුතු නිසා ගොටාබය කෙරෙහි මධ්‍යම පාංතික උගතුන්ගේ තිබූ විශ්වාසයද බිඳ දැමීමට හේතු වූ බව මහින්ද රාජපක්ෂ මෙහිදි පවසා තිබේ.

කෙසේ නමුත් මෙම සමීක්ෂණ වාර්තාව මඟින් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම තහවුරු කර තිබුණත් සියයට 50 ඉක්ම වීම අවින්ශිචිතය. එසේ වූවත් දෙවැනි මනාපය ගැනීමකට ගියහොත් නියත වශයෙන්ම ජයග්‍රහණය ස්ථිරවනු ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ගෙයින් ගෙට යමින් රැස් කළ තොරතුරු අනුව ලබා ගනු ඇතැයි උපකල්පනය කළ ජයග්‍රහණයට වඩා වැඩි ප්‍රතිශතයකින් සජිත් ප්‍රේමදාස ජය ගන්නා බව මේ නව සමීක්ෂණ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

එජාපය සිදු කළ සමීක්ෂණ අනුව දිස්ත්‍රීක 13 ක (කොළඹ, කෑගල්ල, පුත්තලම, මන්නාරම, බදුල්ල, මහනුවර, නුවර එළිය, අම්පාර, ත්‍රිකුණාමලය, යාපනය, වන්නි,මුලතිව්, මාතලේ,) පහසුවෙන් ජය ගන්නා බවත් තවත් දිස්ත්‍රික්ක 5 ක ඉතා සමීප පරතරයකින් පරාජය වන බවත් හඳුනාගෙන තිබේ. ඒ අනුව ගොටාබය රාජපක්ෂට වැඩි වාසි අත්පත් වන්නේ දිස්ත්‍රික්ක 6 ක පමණය.

එහෙත් එම දිස්ත්‍රික්ක තුලද යම් ප්‍රමාණයකින් 2015 වසරේ ලැබු ඡන්ද ප්‍රමාණයට වඩා යම් ප්‍රතිශතයකින් සිංහල බෞද්ධ ඡන්ද ලැබීමේ ප්‍රවණතාවයක් සජිත්ට ඇති බව හඳුනා ගෙන තිබේ. ඒ අනුව එජාපයේ විශ්වාසය සජිත් ප්‍රේමදාස, විශාල පරතරයක් තබාගෙන ගොටාබය පරාජය කරනු ඇති බවය. එය සියයට 50 සීමාව නොඉක්ම වුවත් දෙවන මනාපය ගැනීමේදී එම පරතරයේ වාසියත්, අනෙක් විකල්ප අපේක්ෂකයන්ට ඡන්දය ලබා දෙන පුද්ගලයන්ගේ දෙවන මනාප බහුතරය සජිත්ට හිමි වීමත් තුල සජිත්ට ජයග්‍රහණය හිමි වීම වැලැක්විය නොහැකි බව එජාපයේ මතය වී තිබේ.

ssss

ඒ කෙසේ වූවත් ගොටබයගේ පුරවැසිබාවය සම්බන්ධ අධිකරණ කටයුත්ත හමුවේ ගොටාබය පරාජය වීමේ ඉඩ කඩ සියයට 99.9 ක් බව එම නීතිවේදීන් විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව ගොටා ජය ගත්තත් ඔහුට ජනාධිපතිධුරය ලැබීමේ හැකියාවක් නොමැති වනවා පමණක් නොව සිදු කළ වංචාව හේතුවෙන් සිරගත වීමකට ලක්විය හැකි බව පැවසේ.

Last modified on Friday, 15 November 2019 13:31

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us