ගෝටා අපේ එකා.! ලාංකිකයන් ගෝටාගේ බොරුවට ‍රැවැටිලා.අමරිකාවත් පරාජය පිළිගනී. Featured

Published in පුවත්
Friday, 15 November 2019 16:46

ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

හදිසි කාරණාවක් ලෙස සඳහන් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී විසින් මෙකී ලිපිය නොවැම්බර් 11 දින යොමු කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයා වෙත ය.

ඒ මගින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අයැදුම්පත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට අප්‍රියෙල් 17 දා බාර දී ඇති බවත් ඒ අයැදුම්පත තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ජාතික ආරක්ෂක කොට්ඨාශයේ ගිනිකොණ දකුණ සහ මධ්‍යම ආසියාව බාර කොට්ඨාශය වෙත යොමුකර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කිරීම අවසන් වී නැති බවත් අවධාරණය කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවය විසින් නිකුත් කළා යැයි කියමින් ‘ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක්’ විශාල වශයෙන් අන්තර්ජාලයේ මෙන්ම ගෝඨාභයගේ ජනාධිපතිවරණ නියෝජිතයින් විසින් බෙදාහරින නමුත් එය ව්‍යාජ සහතිකයක් බවත් ක්‍රිස්ටෝපර් හාඩී සඳහන් කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් ‌‌මෙතෙක් ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් සාමාන්‍ය ඉල්ලීමක් කළ විටක දී වුව ඒ සඳහා අවශ්‍ය හේතු සහ උපදෙස් ලබා දිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බවත් ක්‍රිස්ටෝපර් හාඩි පවසයි.

දැනට අයැදුම්කර තිබෙන ගෝඨාභයගේ පුරවැසිභාවය අත්හැරීම පිලිබඳ විවිධ රාජ්‍ය ආයතන සිදුකරමින් තිබෙන ක්‍රියාවලියට ඉහත කී ව්‍යාජ සහතිකය බාධාවක් වී තිබෙන බැවින් එකී ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙසද ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයාට දන්වා තිබේ.

මේ අනුව මෙතෙක් කල් ගෝඨා පෙන්වූ ගෝනි සෙල්ලම බොරුවක් බව ඇමරිකාව විසින් නිල වශයෙන්ම අද අවධාරණය කර තිබේ. ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට මේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකිය. ඔහු අද ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔහු ව්‍යාජ සහතික ‌පෙන්වමින් රට මුලා කිරීමට එරෙහිව ලංකාවේ ‌මෙන්ම ඇමරිකාවේ ද ‌වෙනම නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇත. -( source- lankaenews)

මෙම අමරිකානු නිවේදනය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ අමරිකාවට මෙම නිවේදනය නිකුත් කිරීමට සිදු වූයේ ගොටබයගේ පරාජය ස්ථිර බව තහවුරු වීම නිසා බවය. තව දුරටත් අමරිකාවේ රුකඩයක් වූවත් පරාජිතයෙකු පසු පස යෑමෙන් අමරිකාවට අත්පත් කර ගත හැකි යමක් නැති බව පැහැදිලි වීම නිසා ගොටබයව අත් හැර දැමීමට සිදුව තිබෙන බව පැහැදිලි බවත් ඔවුන් පෙන්වා දෙයි.

අදාල ලිපිය මේ සමග දැක්වේ.

us letter

Last modified on Friday, 15 November 2019 16:56

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us