තමුන්ගේ ආරක්ෂාව තමුන් විහින්ම බලා ගත්තොත් හොඳයි - ස'ට කළ හැකි ලබ්බක් නැත. Featured

Published in පුවත්
Saturday, 14 March 2020 22:35

 යුද්ධ කරන්න ඕන මෝඩයකුට පුලුවන.. අපි එහෙම යුද්ධයක් කර දැන් ජයග්‍රාහී ලීලාවෙන් සිටින්නො වෙමු.. ඒත් ඒ කළ විනාශයේ වන්දියවත් අප තම ගෙවා නැත. ගෙවමින් සිටිමු.. ''ජාතික ආරක්ෂාවයි'' කියා මළ ඉලව්වක් වෙනුවෙන් පසුගිය ජනාධිපතිපතිවරණයේදී රටේ බහුතරයක් දෙනෙක් ඒක කළ හැකියැයි කිව් කෙනෙකුට රටේ වගකීම බාර දී තිබේ..

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ඒ තීන්දුව ගත් බවද පෙනෙන්ටද තිබිණි. ඒ ප්‍රහාරය සැලසුම් කළ හදිසි ප්‍රහාරයකි. ඊට දේශපාලකයන් හෝ වෙනක් කිසිවකුත් වගකිවයුතු දැයි නොදනිමු.. එහෙම වගකිව යුත්තන් ඉන්න බවක් පෙනෙන්න්ට නම් නැත. මන්ද ඊට වගකිව යුත්තන් සොයා දඬුවම් දෙන වගක් කීවද අද වෙනකම් එහෙම ප්‍රහාරයක් වුණේ නැති ගානට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න නිසා එහෙම සිතීමෙහි වරදක් නැත. ජාතික ආරක්ෂාව තබා ජනතාවගේ සනීපාරක්ෂාවද දැන් අනතුරේය.

ජාතික ආරක්ෂාව ගැන ලොරි ටෝක් දුන් ස' වත් ඒ හෙංචයියන්ටවත් මේ කොරෝනා වෛරසය හමුවේ රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමේ හැකියාවක් කොහොමටත් නැති බව දැන් තහවුරු කර හමාරය. ලෝකය වෛරසයට ගොදුරු වෙමින් බරපතල අර්බූදයක් කරා යමින් සිටියදී ඒ ගැන අනතුරු හැඟවීම් දිගින් දිගටම එල වෙද්දීත් මේ සර්ලා සිටියේ නැසූ කන්වය. කොරානා හැදුනයි කියමින් සිටි චීන ගැහැණියක ඉඹිමින් සෞඛ්‍ය ඇමතිනිය සමරිසි ආතල් එක ගනිමින් සිටියාය..

ඉතාලියේ දකුණු කොරියාවේ වෛරසය පැතිර යන කොට මෙරටට පැමිණෙන පිරිස් ගැන අවධානය යොමු කළ යුතු බව බොහො පාර්ශ්ව දිගින් දිගටම පෙන්වා දුන්නද ඒ ගැන නියමාකාරයෙන් කටයුතු කළේ නැත.. දැන් අස්සයා ඉස්තාලය පැන තිබේ..දැන් ගුවන් තො‍ටු පොළ වැසුවත් වැඩක් වන්නෙ නැත. වෛරසය රට පුරා පැතිර හමාරය. මහ විනාශයක මුව විට අප සිටී.

මේ තත්වයන් පාලනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයට නොහැකිය. සෞඛ්‍ය අංශයට එහෙම හැකියාවක් නැත. එය මෙවැනි මහා පරිමාණ වෛරස් අසාදනයකට මුහුණ දීමට සූදානම් නැත. මෙය ජාතික ආපදාවක් දක්වා දිග් ගැහෙන බවට අමුතුවෙන් පෙන්වා දිය යුතුද නැත. එහෙත් එවැනි අවස්ථාවක අනෙකුත් රාජ්‍ය අංශ වල ක්‍රියාකාරිත්වය ඊට සුදානම් කළ යුතු නමුත් එවැනි හැඟීමක් හෝ මෙතෙක් නැත. මෙවා ගැන ප්‍රශ්න කරන විට ආණ්ඩුවේ බලධරයන් කියන්නේ වැල් බයිලාවන්ය.. එකිනෙකට පරස්පර කතාය. රෝගය තව දුරටත් පැතිර යාම වැලැක්වීමට ගත යුතු දැඩි පියවරයන් රැසක් තිබුණද ඒ කිසිත් නොකර මහ මැතිවරණයක් වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් සූදානමක් බල ලෝභී දේශපාලන අධිකාරිය පෙන්වමින් සිටී.. විපක්ෂයන්ද නිහඬය.. ඒ කමක් නැත. මොකද ඒ අය හඬ නගන විට ඒ දේශපාලන වාසි තකා යැයි අවලාද නඟා ඒ හඬ යටපත් කිරීම ආණ්ඩුවෙන් සිදු වෙන බැවිනි..

දැන් ගැටලුව ආණ්ඩුවේ ක්‍රියා කාරිත්වයයි.. තුනෙන් දෙක නැති ඒ නිසා තමයි මොකුත් කර ගන්න බැරි වුණේ යැයි රට කුණුහරුප හෙට අනිද්දාට මේ ආණ්ඩු පාර්ශ්වයෙන් ඇසෙනොත් ඒ ගැනද පුදුම විය යුතු නැත. ඒවා පිලිගන්නා 69 ලක්ෂයක මී හරක් බානක් මේ රටේ සිටින නිසා ඒ කතාවලටත් වලගු බාවයක් ලැබෙනු ඇත.

ඒ අස්සේ සිය නොහැකියාවන් වසා ගන්න ස' ට තිබෙන එකම විකල්පය හමුදාව ලවා මොකක හරි කිරීමය.. එයා දන්නෙ ඒක පමණය. එයාට මොක නමුත් රණ විරු ගාය , නඩත්තු කිරීම වෙන්න ඕන.. හමුදාපතිව ඉස්සරහට දාගෙන කරන්නෙ ඒකය.. මෙමඟින් යළිත් අවධාරණය කරන්නේ රාජ්‍ය අංශය හදිසි අවස්ථාවක මෙහෙයවීමේ හැකියාවක් ආණ්ඩුවට හෝ ස' නැති බවය.. රාජ්‍ය අංශයට කොහොමත් බෑ.. නිකම් පඩි කකා ඉන්න කළකණ්නි අති බහුතරයක් රාජ්‍ය අංශය නියෝජනය කරයි. ස' ව දිනෙව්වේද මේ අයය. ඒක කොහොම වුණත් ඒකෙන් වැඩක් නැත.
මේ නිසා නියෝගයක් දුන්නාම බබාහුකුම් නැතිව ඒක කරන්න බැඳිලා ඉන්න හමුදාව කෝකටත් තෛලය වීම වැලැක්විය නොහැකිය. ස' එදත් කළේ ඒකය..අදත් කරන්න වෙලා තියෙන්නෙ ඒකමය. ස' යනු රාජ්‍ය පරිපාලනය ගැන කිසිම අවබොධයක් හෝ තියෙන කෙනෙක් නෙවෙයි..මේ මාස තුනට අනා ගත්තු අනා ගැනිල්ලෙන් ඒ පැහැදිලි විය.. රණ විරු ගාය උත්සන්න රටක, රණ විරුවන් ලවා ගොඩක් දේවල් කර ගන්න පුලුවන් යැයි ස'ට තිබෙන දැනීම ක්‍රියාත්මක වීමක් දැන් සිදුවෙමින් තිබේ. ඒකෙන් කළ හැකි අහවල් දෙයක් නැත. ස' දැන් රටම ලබ්බෙ තොවිලයක් කරමින් නම් තිබේ.

තම තමන් ගැන තම තමන්ම බලාගෙන පරිස්සම් වීම හැර ආණ්ඩුවෙන් වත් ඔය හමුදාවෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු විය නොහැක..දැනට සිදුවෙන ලොකු මාධ්‍ය සංදර්ශන ටික හෙට අනිද්දා වන විට අවසන් වෙයි.. ඇත්තට මුහුණ දීමට කිසිවෙකුට මඟ හැරිය නොහැකි වෙනු ඇත.

තමුන්නැහෙලාගේ ආරක්ෂාව තමුන්නැහෙලාම විහින්ම බලා ගත්තොත් හොඳායි කියලා ජේ ආර් කලකට කලින් කිවේය. ඒ පුරවැසියාගේ ආරක්ෂාව සැලසීමට මේ නඩත්තු කරගෙන යන රාජ්‍ය යාන්ත්‍රණය අසමත් නිසාය. ඒ එදත් අසමත්ය. අදත් අසමත්ය.

Last modified on Saturday, 14 March 2020 22:37

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us