එය අතිශයින්ම සාධාරණ ඉල්ලීමකි. එහෙත් ඊට එරෙහිව කරුණු දක්වමින් මහ මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බවට ආණ්ඩු පාර්ශ්වය චණ්ඩි කතාද කියමින් තිබේ. අද දින නිවාඩු දිනයක් කිරීම මඟින් මේ වෛරසය පැතිරවීම සුළු පාලනයකට ලක් වීම විය හැකි නමුදු යලි එය හෙට සිට සක්‍රීය වෙනු ඇත. ඒ ඕන ගොන් මෝඩයකුට වුවත් තේරුම් ගත හැකි දෙයකි.
එහෙත් ආණ්ඩුව එම නිවාඩුව දිගු නොකළේය. ඊට එකම හේතුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා ගැනීම මේ ඉදිරි දින කිහිපයේදී සිදු කළ යුතු බැවිනි. රජයේ නිවාඩු දිනවල එම කටයුතු සිදුකිරීමට නොහැකිය. මේ අනුව රටේ මහ ජනතාවට හෙණ ගැහුවත් බලය අල්වා ගැනීමෙ මළ පෙරේතකම රාජපක්ෂවරු නැවත පෙන්වා දී ඇත.
පසුගිය රාජපක්ෂ සමයේදීද ඔවුන් අනුගමනය කළේ මේ පිළිවෙතමය. බලය වෙනුවෙන් රටේ ජනතාව මොවුන්ගේ ගොදුරු බවට පත් විය.
පාස්කු ඉරිදා ප්‍රහාරයන්ද රාජපක්ෂලාගේ ගිණුමට බොහො දෙනෙකු බැර කළේ රාජපක්ෂවරුන්ගේ හැටි දන්නා නිසාය..එම ප්‍රහාරයට වගකිව යුත්තන් අල්ලනවා කිව්වද ඒ ගැන මීක් නැත. මේ නිසා එම ප්‍රහාරයේ වගකීමද දැන් රාජපක්ෂ වරු විසින්ම ඔවුන් මත පටවාගෙන ඇති සෙයකි.
දේශපාලනය කියන්නේ බලයට තියෙන මළ පෙරේතකම ක්‍රියාවේ යෙදවීම නොවේ.. ඒ ශිෂ්ඨ සම්පන්න විය යුතුය, දේශපාලනයේදී ජනතාවගේ පැත්ත ගැනීම විය යුතුය. බඩ ගෝස්තරය වෙනුවෙන් බල ලෝබය වෙනුවෙන් ඒ නොවිය යුතුය. එහෙත් රාජපක්ෂලා කරමින් සිටින්නේ තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් ඕනැම දහදුරා වැඩක් කිරීම වෙනුවෙන් බව මේ කොරෝනා වසංගතය හමුවේත් පෙන්වා දෙමින් තිබෙන බව පැහැදිලි කරුණකි.
මේ වන විට රටේ ආර්ථිකය කඩන් වැටෙන්න ගෙන තිබේ.හෙට අනිද්ද වෙන කොට දහස් ගනනකට කන්න බොන්නවත් නැති තැනට පත් වෙනු ඇත... සුළු ව්‍යාපාර..මහ ව්‍යාපාරත් දැන් අර්බුදයේය..ඒවාට දෙන විසඳුම් ගැන කතාවක් නැත..
තව මාස 2ක් වත් යනකම් මේකෙන් ගොඩ ඒමක් ගැන හිතන්නවත් හැකියාවක් නැත...පෙනෙනවාට වඩා තත්වය බරපතලය. ඩෙංගු වලට වඩා සිදුවන හානිය දස දහස් ගුණයකින් වැඩි බව දැනටමත් පෙන්වා හමාරය.. මේකේ බරපතල කම හෑල්ලුවට දැමීම හිතක් පපුවක් තියෙන මිනිහෙකුට කළ නොහැක. එහෙත් රාජපක්ෂලාට පුළුවන.