ජාතියේ ආරක්ෂාවට නායකයෙක් ඕනෑ කර තිබේ. කාලකණ්නි රාජපක්ෂලා යළි අසමත්ය. Featured

Published in පුවත්
Tuesday, 17 March 2020 22:02

කොරොනා වසංගතය පැයෙන් පැය ඔඩු දුවමින් විශාල ව්‍යයසනයක් කරා රට ඇදගෙන යමින් තිබෙන බව දැන් පැහැදිලිය. රටේ වාසනාවකට එකදු මරණයක් හෝ වාර්තා නොවීම සුබ ලකුණකි. මොන පිහිටකින් හො රට සුවපත් වීම විය යුතුය.

එහෙත් ඒ වෙනුවෙන් ගත යුතු පියවරයන් ගැනීම පසෙකලා, පුරවැසියාගේ ජීවිතය ගැන වගකීම අත් හැර රාජපක්ෂ පවුල් පාලනය විසින් මේ මොහොතේ කටයුතු කරමින් සිටින ජනතා ද්‍රෝහී ක්‍රියා කලාපය නම් කිසිසේත්ම අනුමත කළ නොහැක. සෑම තරාතිරකම සෑම ක්ෂේත්‍රයයක උගතුන් බුද්ධිමතුන් දේශපාලන පක්ෂ විපක්ෂයේ (ආණ්ඩුවේද ) බොහෝ දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරිකයන් ආදි විශාල පිරිසක් මේ මොහොත වන විට ජනාධිපති ගොටාගේ දුර්වල හා බල ලෝබී විගඩම් පාලන තන්ත්‍රයත් රාජපක්ෂ පවුල් ආණ්ඩුවේ නිද්‍රසීලී කාලකණ්නි පිලිවෙතත් දැඩිව විවෙච්නය කරමින් තිබේ.

වසංගත තත්වයෙන් රට මුදවාලීම සඳහා කළ යුතු බොහොමයක් දේ මේ අය්යා මලෝ ආණ්ඩුව විසින් සිදු කළේ නැත. පසුගිය සති කිහිපය මුලුල්ලේම සමාජයෙ දැඩි ඉල්ලීම ගනනාවක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූවද ඒවා කනකට ගත්තේ නැත. කැඳවා ඇති මහ මැතිවරණය වහා අකුලා දමා මේ ගැටලුවට විසඳුමක් තීන්දු කරන ලෙස කෙරුනු ඉල්ලීම් තඹ පයිසයකට ගනන් ගත්තේ නැත..තොපිට හෙණ ගැහුවත් මැතිවරණය තියනවා යැයි දැඩි තීරණයෙහි ජනාධිපති ආණ්ඩුවත් සිටී. එය දේශපාලනික වුවමනාවක් විය හැකිය. මැතිවරණය පැවැත්වීම පසු වුවහොත් තමන්ගේ බලය ගිලිහෙයි කියන බයද ඔවුන්ට බරපතලව තිබිය හැකිය. මන්ද මේ මාස 4 තුල පෙන්වූ දුර්වලතාවයන් සහ විගඩම් සහගත පාලනය විසින් ජනතාවගේ අප්‍රියත්වයට ඔවුන් සීග්‍රයෙන් පත් වෙමින් තිබෙන නිසාය. ඒ නිසා මහ මැතිවරණය තැබීමට ගන්න උත්සාහය ඔවුන්ට සාධාරණ බලය සම්බන්ධ කාරණයක් නිසා ඒ පැත්තකින් තැබුවත්... වසංගත තත්වයෙන් රට මුදවාලීමට ඔවුන් සතුව විසඳුම් තිබිය යුතුය.. එහෙත් විසඳුම් නැත.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු වීඩියෝවත් රාත්‍රියේ ජනතාව අමතනවා යැයි කියමින් නිකුත් කළ වීඩෝවත් කෙරෙහි රටේම අවධානය යොමු වූයේ රට මුහුණ දෙමින් සිටින අර්බුදය හමුවේ ආණ්ඩුව ගන්නා වැදගත් තීන්දු පියවරයන් ගැන දැන් ගන්නටය.

එහෙත් එම ප්‍රකාශ දෙක තුලින්න්ම ජනාධිපතිවායා තමන්ගේ නොහැකියාව අසාර්තකත්වය. පෙන්නුම් කළේය..උදේ වරුවෙ වීඩියෝවෙන් විහිලු සැපයූවාට රාත්‍රියේදීවත් වැදගත් යමක් රට වැසියා බලාපොරොත්තු විය. එය තමන්ගේ බල ලොභිත්වය ප්‍රකාශයට පත් කරන ලද මැතිවරණ කතාවක් විය. ප්‍රකාශයට පත් වූ තීන්දු වූයේ පරිප්පු සැමන් මිල නියම කිරීමත් බැංකු ණය ප්‍රමාද කිරීම වැනි මැතිවරණ සහනයන්ය.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය පාලකයන් රැසක් මේ රටේ ජනතාව හමුවේ විවිධ ප්‍රකාශන් ගනනාවක් සිදු කර තිබේ. ඒවා බොහෝ සෙයින් බරපතල තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීම්ය. එහෙත් මෙහෙම පරිප්පු සැමන් මිළ නියම කිරීම වැනි සිල්ලර කතා ඒ කිසිවෙකු කියා නැත..මෙය ශ්‍රී ලංකා වාසින්ගේද රෙද්ද කැඩූ අවස්ථාවකි. විදේස ජනමාධ්‍ය පවා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බලාපොරොත්තුවෙන් සිටියේත් එය විකාශය කළෙත් වැදගත් යමක් ඒ තුල ඇතැයි කල්පනා කරය.. ඒ ම‍ඟින් සිදු වුයේ ශ්‍රී ලාංකිකයා ලෝකය හමුවේ මෝඩ පුරවැසියෙකු බවට පත් කිරීමය..තමන්ගේ රටේ නායකයා මේ ජාතිය අමත කරන 'වැදගත් ' ප්‍රකාශයේ තරම අනුව රටේ ජනතාව මොන තරම් ගොත්‍රික ද දුගී ද පරාජිත ද වහලුන් ද යන්න ගැන මිස විදේශියාට වෙන තේරුම් ගන්න යමක් ඉතුරු කළේ නැත.

ශ්‍රී ලාංකිකයකු වීමත් විලි ලැජ්ජ නැති වන තරමට ගොටාබය රටේ කීර්තිය විනාශ කළේය.. මෙවැනි විසුළුකාරී නායකයකුගෙන් ඉදිරියටත් බලාපොරොත්තු විය හැක්කේ මෙවැනිම විලි ලැජ්ජා නැති කුප්ප ප්‍රකාශයන් පමණක් වීම වැලැක්විය නොහැක. මේ නම් ජාතියෙම මහ කරුමයකි..

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us