අතුරුදන්වූවන්ගේ පවුල්වලට පොරොන්දු වූ දීමනාව ලබාදෙනු..! Featured

Published in පුවත්
Tuesday, 08 December 2020 19:18

ලංකාව තුල බලහත්කාරී අතුරුදන් කරවීම් පිළිබඳ ඉතිහාසය වර්ෂ 30 පුරා විහිදී ගියද,අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් පොරොන්දු වන සාධාරණත්වය දිනෙන් දින වළපල්ලට යෑම, පැවති සහ පවතින රාජ්‍යන්ගේ නොවුවමණා මත සිදුවන බව පසක් වේ. අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව සහා වෙනත් සංවිධානවල දැඩි කැපවීම මත රජය විසින් 2016 වර්ෂයේදි අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්‍යාලයක් ස්ථාපිත කළද,බලපොරොත්තු වූ සාධාරණත්වයත් ඉටුකිරිමේ ක්‍රියාවලියක් නොමැතිවීම කණගාටුදායකය.

පසුගි යහපාලන ආණ්ඩුව විසින් 2019 අයවැයේදි අතුරුදන්වු පුද්ගලයන්ගේ පවුල් සඳහා මාසිකව අතුරු දීමනාවක් ලෙස රු 6000 බැගින් ගෙවීමට රුපියල් මිලියන 500 වෙන්කිරිමට අයවැයේදි යෝජනා වු අතර 'දක්නට නොමැති බවට' සහතිකය හිමි අතුරුදන් වූ පවුල් වල සමීපතම සාමාජිකයන්ට සහ 2010 අංක 10 දරණ මරණ ලියාපදිංචි කිරිමේ තාවකාලික විධි විධාන පණතේ 2 වගන්තිය යටතේ,මරණයට හේතුව අතුරුදන් වීම යන්න අර්ථය ගෙනදෙන මරණ සහතික වලටද ,වන්දි කොමිසම විසින් සාධාරණ පරීක්ෂණයකින් පසු ලබාදෙන වන්දිය ලැබෙන තෙක් අතුරු දීමනාවක් ලෙස වසර දෙකකට මෙම රුපියල් 6000 ලබාදිම අංක MF 122 CM 2019 319 දරණ පත්‍රිකාව 2019.10.18 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.එයින් පවුල් 153 දෙනෙකුට රුපියල් 6000 බැගින් මිලියන 11 ගෙවා තිබුණද ගෙවිමට අනුමත වු මුදලෙන් ඉතිරි මුදල වන මිලියන 489ට සිදු වූ දෙයක් නොමැත.

2020.02.14 දින අතුරුදන්වු පවුල්වල සාමාජිකයන් 1200 සමඟින් පාගමනකින් පැමිණ 2019 අයවැයෙන් වෙන්කරන ලද රුපියල් 6000 මාසික අතුරු දිමනාව ඉල්ලීම පිළිබඳ පෙත්සමක් අගමැති කාර්යාලයට සහ ජනාධිපති කාර්යාලයට බාර දුන්නද එයින් අපේක්ශා කළ ප්‍රතීපලයක් අත් නොවිය. වරින් වර අධිකරණ අමාත්‍ය අලි සබ්රි, මුදල් අමාත්‍යංශය සහ අගමැතී මහින්ද රාජපක්ෂ මහතා හට ලිපි යැවිම සිදු කළද ප්‍රතිපලය ඉහත ප්‍රතිඵලයම විය.

අගමැති සහා මුදල් ඇමති වන මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2020/2021 අයවැය යෝජනාවේ දි මෙම අතුරු දීමනාව ගෙවීම පිළිබඳ කිසිදු සඳහනක් නොවිම නැවත නැවතත් අපගේ බලාපොරොත්තු සුන් කරන්නක් විය.
1989 අතුරුදන් වීම් වලට විරුද්ධව මවු පෙරමුණ සංවිධානය ගොඩනගමින් හඩ නැඟු අප සමඟ ගව් ගණන් පාද යාත්‍රා ගිය,උද්ඝෝෂණ වල නායකත්වය ගත් ජීනීවා ගිය වර්තමාන අගමැති හා මුදල් ඇමති වන මහින්ද රාජපක්ෂ මහාතාගෙන් අප ඉල්ලා සිටින්නේ අවම ලෙස ගිය ආණ්ඩුවෙන් වෙන්කළ මුදලවත් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට ලබාදීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන මෙම අයවැයේදි වෙන් කීරිමට කටයුතු කරන ලෙසයි.

දෙසම්බර් 09 පවතින මෙම කටයුත්තේ වගකීම පැවරි ඇති අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය සාකච්ජා වන කාරක සභා අවස්ථාවේදී අතුරුදන් වීමට එරහිව එදා හඬ නැඟු අනික් වීරයන්ගේ මැදහත් වීම කෙබඳු දැයි අප බලා සිටිමු.

අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us