ප්‍රංශයෙන් අපිට ලැබුණු සහතිකය  

Published in පුවත්
Tuesday, 22 December 2020 09:51

ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පිළිගත හැකි සාධාරණ යුක්තිසහගත හේතු දැක්වීම් වලින් තොරව සහ ශ්‍රී ලංකා පාර්ශ්වයේ හේතු දැක්වීම් වලට හෝ ඉඩක් නොතබා ශ්‍රී ලංකාව අවදානම්කාරී ආර්ථිකයක් සහිත රටක් බවට පහළ ශ්‍රේණිවලට ඇද දැමීම සිදුව තිබෙන වාතාවරණය තුල ඒ නොතකා බලවත් යුරෝපීය රාජ්‍යයක් වන ප්‍රංශය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අභීත පියවරක් තබා ඇත.

ඒ අනුව ප්‍රංශය මගින් ශ්‍රී ලංකාව වෙත ඉදිරි වසර තුනක කාලයේදී යූරෝ මිලියන 400ක් වටිනා ණය සහ තාක්ෂණික සහාය ලබා දීමට සංවර්ධනය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රංශ ආයතනය (AFD Group) තීරණය කර තිබේ.

මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්ෂෙත්‍රයේදී ලැබු විශාල ජයග්‍රහණයක් ලෙසද සැලකිය හැකිය. ඒ මන්ද යත් ප්‍රංශය වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලනික ස්ථාවරයන් පිළිගැනීමට ලක් කිරීමත් මේ වන විටත් භූ දේශපාලන සහ ආර්ථික වුවමණාවන් මත ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධාන ‍රැසක්ම ඉංදියානු කලාපයේ ආධිපත්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාව යටපත් කරගැනීමට දරණ වෑයම හමුවේත් ප්‍රංශය අප වෙනුවෙන් ඉදිරිපත් වීම නිසාය.

පසුගියදා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී AFD Group හි මෙරට අධ්‍යක්ෂ රෙඩා සොයුර්ගි මේ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවෙර්ටුගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණි. economynbusinesssl.com වෙබ් අඩවිය සඳහන් කරන ලෙස මෙම ණය සහ තාක්ෂණික සහයන් මෙරට ධීවර, හරිත බලශක්තිය, වාරිමාර්ග සහ තේ නිෂ්පාදනය යන අංශ සඳහා ලබා දීමට ප්‍රංශය සූදානමින් සිටියි.

AFD හි මෙරට ප්‍රධානියා පවසන ආකාරයට ශ්‍රී ලංකාව වෙත ලබා දීමට යෝජිත ණය කළඹ තුළ මෙරට ප්‍රධාන පෙළේ බැංකු හරහා සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම ක්ෂුද්‍ර ව්‍යවසායන්ගේ සංවර්ධනය සඳහා ලබා දෙන යූරෝ මිලියන 270ක්ද ඇතුළත්ව තිබේ. මෘදු ණය ලෙස ලබා දෙන මෙම ණය මුදල් සඳහා වන පොලිය 2%කටත් අඩු බව පවසයි. එසේම වසර 7ක සහන කාලයක්ද මේ සඳහා හිමිව ඇති අතර ආපසු ගෙවීමේ කාලසීමාව වසර 25 කි.

මෙම AFD ආයතනය ශ්‍රී ලංකාව තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයේ ප්‍රධාන පෙළේ සමූහයක් ලෙස හඳනාගෙන තිබේ. පසුගිය වසර 10ක කාලය තුළදී එම ආයතනය මගින් ශ්‍රී ලංකා වෙත එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා අධික මූල්‍ය පහසුකම් අනුමත කර තිබේ. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය කෙරෙහි ඔවුන් වැඩි උනන්දුවක් දක්වයි.

“ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ හයක් පමණ වන ධීවර කර්මාන්තය නිසා යැපෙන පිරිස සඳහා වඩාත් ඉහළ ආදායමක් සහ තිරසාර රැකියාවක් සුරක්ෂිත කිරීම සඳහා නිෂ්පාදනවල ගුණාත්මකබව ඉහළ නැංවීම අනිවාර්යයි. ඒ වගේම මෙම ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ගේ වැඩි දායකත්වයක් දැකීමටත් අප කැමතියි.” AFD හි මෙරට අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු මහතා, ශ්‍රී ලංකාව මෙතෙක් ප්‍රංශයෙන් ලබා ගෙන ඇති ණය ආධාර ආපසු ගෙවීමේ කිසිදු පමාවක් සිදු කර නොමැති බවත්, ඒ නිසා ශ්‍රී ලංකාව වෙත තවදුරටත් ආධාර ලබා දීමට ප්‍රංශය කැමැත්තෙන් සිටින බවත් පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව ඉදිරියේදීවත් වඩාත් යහපත් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් පිළිබඳව ආපසු කල්පනා කළ යුතු බව පවසන තානාපතිවරයා ඉන්දියාවේ මෙට්‍රෝ දුම්රිය පද්ධතිය හා සමාන ක්‍රමවේදයක් මෙන්ම හරිද බලශක්තිය වෙත යොමුවීමක් සිදු කළ යුතුව ඇතැයි පවසා තිබේ. එහිදී ඉන්දියාව සතුව අද වනවිට සූර්ය බලශක්තිය මෙන්ම ඉලෙක්ට්‍රොනික ත්‍රීරෝද රථ පවතින බවත් ශ්‍රී ලංකා රජයද මෙම අංශ පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us