භික්ෂූන් වහන්සේලාගේ ඥාතීන් උදෙසා නව රක්ෂණ ක්‍රමයක් සහ මාපියන්ට නිවාස යෝජනා ක්‍රමයක්...!!!

Published in පුවත්
Saturday, 09 January 2021 10:57

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ "නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය" හඳුන්වා දුන්නා. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගි වී තිබේනවා

මෙහිදී නව රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙමින් මහා සංඝරත්නය වෙත රක්ෂණ සහතික පත් පිළිගැන්වීම ද
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුවිය.

සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ හෝ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමක දී දිනකට රුපියල් 1 000 බැගින් රු.15000ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරන වෛද්‍ය පරීක්ෂණයකට හෝ ඖෂධ ලබා ගැනීමකට රුපියල් 25 000ක උපරිමයක් දක්වා මෙම රක්ෂණ ක්‍රමය මගින් ගෙවීමට නියමිත ය.

රුපියල් 2000 ක මුදලක් පමණක් මේ සඳහා වාර්ෂිකව ගෙවිය යුතු අතර, එය පුණ්‍ය කටයුත්තක් ලෙස සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ද ඇත.

මෙම රක්ෂණ අවස්ථාව ඉදිරියේ දී අන්‍යාගමික පූජකතුමන්ලා වෙනුවෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මෙහි දී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

සසුනට දරුවන් පූජා කළ, නිවසක් නොමැති දෙමාපියන් සඳහා නිවසක් ලබා දීමේ "මිහිඳු නිවාස" යෝජනා ක්‍රමයට නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වන විටත් මුදල් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන නාහිමියෝ බුද්ධ ශාසනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉටුකරන සේවාව පිළිබඳව ප්‍රශංසා කළහ.

ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදිකර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැගින් නිවාස 2000 ඉදිකිරීම සඳහා ද මෙහිදී මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මෙම අවස්ථාව සඳහා සංඝ රත්නය ඇතුළු මැතිඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ.

 

පංචාලි අබේසේකර

Last modified on Saturday, 09 January 2021 11:11

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us