ඇස් වාට්ටුවට එන රෝගීන්ට නොම්මර ගන්න විශේෂ දුරකථන අංක  

Published in පුවත්
Friday, 22 January 2021 12:17

ජාතික අක්ෂි රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ට විශේෂ දුරකථන අංක සේවාවක් හඳුන්වා දී තිබේ.

සායන සඳහා පැමිණීමට ප්‍රථම සායනයට අදාළ දුරකථන අංකයට ඇමතුමක් දී දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත යුතු බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය එල්.යූ.සී. කුමාරතිලක ප්‍රකාශ කරයි.

මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම් පරිසරයක් රෝහලේ පවතින හෙයිනි.

මේ වන වට රෝහල් කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ආසාදිතයින් බවට පත්ව ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයද සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දෙන උපදෙස් මත සීමා කිරීමට සිදුවිය හැකි යැයිද පසුගිය දිනවලදී එලෙස සීමා කරමින් සීමිත කාර්ය මණ්ඩලයක් පමණක් රාජකාරි සඳහා කැඳවූ බවද අප කළ විමසුමකදී අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.

රෝහලේ සායන සමග සම්බන්ධ විය හැකි දුරකථන අංක මෙසේය.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ නම සායන දිනයන් සහ සායන කාමරය දුරකථන අංකය

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග සඳුදා, බදාදා, සිකුරාදා - කාමර අංක 1 0117 682741

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා - කාමර අංක 1 0117 682554

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල සඳුදා, බදාදා, සිකුරාදා - කාමර අංක 2 0117682558

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා - කාමර අංක 2 0117 898301

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානී ගුණරත්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා - කාමර අංක 3 0117 682391

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස්. ගුණතිලක සඳුදා, බදාදා, සිකුරාදා - කාමර අංක 3 0117 682549

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර්. දයාවංශ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා - කාමර අංක 14 0117 682534

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර අඟහරුවාදා, බ්‍රහස්පතින්දා - කාමර අංක 14 0117 682564

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක බදාදා, සිකුරාදා - කාමර අංක 14 0117 682657

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක සඳුදා, බදාදා - රෙටිනල් සායනය 0117 898344

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල අඟහරුවාදා, සිකුරාදා - රෙටිනල් සායනය 0117 682650

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් බ්‍රහස්පතින්දා, සෙනසුරාදා - රෙටිනල් සායනය 0117 682094

 

-පංචාලි අබේසේකර

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us