'' මම දෙවියන්ට යාඥා කළා'' - ඇන්ජලෝ

Published in පුවත්
Tuesday, 12 August 2014 09:56

පකිස්තානයට එරෙහිව ඉරිදා අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15, බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

"යාඥා කරමින් සිටියේ මුළු වෙලාවෙම අපිට ගහන්න ලබෙයි කියලා, අවසන් පන්දුවාර 15 " පකිස්තානය කඩුළු හතකින් පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේ සිට ම වර්ෂාව ඇද වැටීමේ ලකුණු දක්නට ලැබුණු අතර පන්දු යවන්නන්ට මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට වර්ෂාව සමග ද සටනක නිරත වීමට සිදු විය.

කෙසේ නමුත් වර්ෂාව ඇදහැලීමට විනාඩියකට පමණ පෙර තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.


'අන්තිම ඕවරේ'


"ඕවර 5ක් තියෙද්දී විනිසුරුවන් කිව්වා මේක තමයි අන්තිම ඕවරේ කියලා. මෙතනින් එහාට අපිට ගහන්න බැහැ කියලා, ඉතින් මම යාඥා කළා කොහොම හරි මේ ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා...

අපිට වාසනාව තිබුනා. මම ජයග්‍රාහී ලකුණ ගත්තත් එක්කම වහින්න පටන් ගත්තා, අපි ඒකට දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ" ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් පැවසීය.


මහේල සහ රංගන


මෙම ජයග්‍රහණය මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කළ සේවයට ලබා දුන් තිළිණයක් බව පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා එම ජයග්‍රහණයට මූලිකත්වය දුන් රංගන හේරත් ගැන ද සදහනක් කිරීමට අමතක නොකළේය.

"පසුගිය තරඟ තුනට පමණක් ඔහු පන්දු වාර 250 කට වඩා යවල තියෙනවා, ඔහුගේ දණහිස් දෙකත් එක්ක ඔහු විශාල කැපවීමක් කර තිබෙනවා, ඒ සේවය විශිෂ්ටයි." ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.

(බිබිසි සංදේශය)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us