දේශීය සම්පත් සුරක්ෂිත කරන බවටත්,කිසිවක් නොවිකුණන බවටත් ශපතකොට බලය ලබාගත් ආණ්ඩුව අද වනවිට සියල්ල විකුණමින් යන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කර තිබේ.
ආණ්ඩුව පත් කිරීමට ඡන්දය ලබාදුන් හැටනව ලක්ෂයම පාවා දීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයිද විපක්ෂ නායකවරයා පවසා ඇත.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් සංවිධානය කරන ලද "සත්කාරය" ජංගම සේවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
-පංචාලි අබේසේකර