රෙබෙකාගේ අවසන් කටයුතු බොරැල්ලේදී

Published in පුවත්
Wednesday, 13 August 2014 20:05

පිලිකා රෝගය නිසාවෙන් අද (13දා) උදෑසන දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු හෙට  (14)  සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඇයගේ දේහය අද සවස 3.30සිට  බොරුල්ල ජයරත්න මල්ශාලාවේ තැනපත් කර තැබෙන අතර හෙට (14දා) උදෑසන 10.00 ට පමණ දේහය මහජන ගෞරවය සඳහා ජාතික කලාභවන වෙත ගෙන යාමට නියමිතව ඇත.

වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තබා ජනප්‍රියත්වයට පත් රෙබෙකා නිර්මලී අද අලුයම 02:00ට පමණ මහරගම පිළිකා රෝහලේදී අභාවප්‍රාප්ත විය. එක්දරු මවකවූ ඇගේ දියණිය ඈන්ය.මිය යන විට ඇය 49 වන වියේ පසුවූ රෙබෙකා නිර්මලී කාලයක් තිස්සේ ගැබ්ගෙල පිළිකාවකින් පීඩා විඳි බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ්‍ය විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මාධ්‍යය වෙත පවසා තිබුණි.

 
පිළිකා රෝග සුව කරන්නියක ලෙස වෙදහාමිනේ ටෙලි නාට්‍යයෙන් පේ‍්‍රක්ෂක හදවත් වැළඳගත් ඇය එම රෝගයටම ගොදුරුවී මියයාම එක් අතකින් දෛවෝපගත සිදුවීමකි.


අනුරාධපුරයෙන් කොළඹට පැමිණ ටෙලි ක්ෂේත‍්‍රයට එක්වූ රෙබෙකා ටෙලිනාට්‍ය 150 ක පමණත් චිත‍්‍රපට කිහිපයකත් රඟපා ඇති අතර සම්මාන වලින්ද ඇය පිදුම් ලබා ඇත.පසුගිය දා පැවැත්වූ රයිගම් ටෙලි සම්මාන උළලේ දී ජූරිය පිරිනැමූ විශේෂ කුසලතා සම්මානයක්ද ඇයට හිමි වූවාය.

වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ, නිසල දිය සසල විය, දඬුබස්නාමානය, කඩුළු තහංචිය, දිය සායම්,දෙදහක් යන නිර්මාණ තුලින් ඇය සිය රංගන කෞශල්‍යය විදහා පෑවාය.

"වෙද හාමිනේ" ටෙලි නාට්‍යය තුළින් කලා ලොවට ඇය ගෙනා ජයන්ත චන්ද්‍රසිරිගේම නිර්මාණයකම රෝගී වන්නට පෙර ඇයගේ අවසන් රංගනයද සටහන් කිරීම විශේෂ සිද්ධියකි.ලබන නොවැම්බර් 27 වන දින රෙබෙකා ඇගේ 50 වන ජන්ම දිනය සමරන්නට බලාපොරොත්තුවෙන් සිටි අතර එයට පෙර ඇයට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.

rebeka-nirmali

Last modified on Thursday, 14 August 2014 11:40

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us