දූලා කඩේ යවද්දී ප්‍රවේශම්වන්න !

Published in පුවත්
Thursday, 14 August 2014 10:12

වයස අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන අවුරුදු 75ක් වන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොටවෙහෙර පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ කොටවෙහර පොලිස් වසමේ මීයැල්ලෑව, කරුවලඅගාර පදිංචිව සිටින දැරිවියකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අතවරයට පත්ව ඇති දැරිවිය පසුගිය 12 වැනිදා සවස සැකකාර ව්‍යාපාරිකයට අයත් බව කියන වෙළඳසැලකට ගොස් ඇත.

එම අවස්ථාවේදී වෙළඳසැළ තුළට දැරියව කැඳවාගෙන ඇති සැකකරු එහිදී ඇයට අතවර කර තිබේ.

මෙම අවස්ථවේදී එම වෙළඳසැලට පැමිණ ඇති කාන්තාවක් මෙම සිද්ධිය දැක ඇත.

පසුව මෙම සිද්ධිය කොටවෙහෙර පොලීසියට පැමිණිල්ලක් ලෙස ලැබී තිබේ.

ඉන් පසුව සැකකාර ව්‍යාපාරිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කොටහෙර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයකොඩි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේරත් යන මහත්වරුන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි. 

(අද දෙරණ)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us