ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, ඉකුත් බදාදා කොළඹ කොටුව සහ පිටකොටුව යන ප‍්‍රදේශවල රැස්වීම් හෝ පෙළපාළි පැවැත්වීම තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිංහල රාවය යන සංවිධානවලට අධිකරණය විසින් තහනම් කර තිබූ නමුත්, ඒ බව නොසලකමින් තව්හිද් ජමාද් සංවිධානය පෙළපාළියක් සහ රැස්වීමක් පැවැත්වූ බවයි.
එහිදී ඇතැම් භික්‍ෂූන් වහන්සේට එරෙහිව වෛරී සහ සරදම් ප‍්‍රකාශ සිදුකෙරුනු බවද නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පවසයි.
මෙවැනි සිද්ධීන් නිසා පොලීසිය කෙරෙහි මහජන විශ්වාසය බිදවැටීමට හැකි බව ඒ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ජාතීන් සහ ආගම් අතර හොදහිත පළුදුවීමටද මෙවැනි සිද්ධීන් හේතුවක් විය හැකි බවද අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් කල විමසීමකදී ඔහු කියාසිටියේ, තව්හිද් ජමාද් සංවිධානයට සංවිධානය ඇතුළු සංවිධාන තුනකට අධිකරණය විසින් අදාළ තහනම පනවා තිබුණේ කොළඹ කොටුව සහ පිටකොටුව යන ප‍්‍රදේශවල පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීමට බවයි.
එහෙත් තව්හිද් ජමාද් සංවිධානයට සංවිධානය සංවිධාන කළ පෙළපාලිය එම ප‍්‍රදේවලට නොපැමිණි බවද ඔවුන්ගේ රැස්වීම පැවැත්වුණේ වෙනත් ප‍්‍රදේශයක බවද ඔහු කියාසිටියේය. ඒ අනුව අදාළ පෙළපාලිය සහ රැස්වීම නිසා අධිකරණ නියෝගයක් කඩ නොවූ බව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
අධිකරණ නියෝගයක් කඩ කරමින් පෙළපාළියක් සහ රැස්වීමක් පැවැත්වූ තව්හිද් ජමාද් සංවිධානයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය පොලීසියෙන් ඉල්ලා සිටියද, පොලිසිය පවසන්නේ තව්හිද් ජමාද් සංවිධානය අධිකරණ නියෝගයක් කඩ කර නොමැති බවයි.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...