සම්ප‍්‍රදාය සැලකිල්ලට ගතයුතු නැහැ -කෙහෙළිය

Published in පුවත්
Friday, 15 August 2014 10:17

 සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලන අන්තර්ජාතික ගිවිසුමට ශී‍්‍ර ලංකාව අත්සන් තබා නැතැයිද ගිවිසුමක් පවතින අවස්ථාවක සම්ප‍්‍රදාය සැලකිල්ලට ගතයුතු නොවන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවේ රැදී සිටි පකිස්තාන සරණගාතයින් ආපසු හරවා යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමාරිස් කාර්යාලය ඉකුත්දා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප කරමින් ඔහු එබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය. 


එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කර තිබුණේ මෙම මාසයේ පළමු දින 5 ඇතුළත පමණක් පකිස්තාන සරණාගතයින් 36 දෙනෙකු ශී‍්‍ර ලංකාවෙන් පිටුවහල් කර ඇති බවයි. එසේ කිරීම අන්තර්ජාතික නීතියට අනුවද, සම්ප‍්‍රදායට අනුවද වරදක් බව ඔවුන් කියා තිබිණ.

රජය  වෙනුවෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් මෙසේ පැවසිය.

 '' එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ කියන එක සම්පූර්ණයෙන්ම වැරදියි. 1951 එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේදී අපි ඒකට කොටස්කරුවන් නෙවෙයි. දෙවැනි කරුණු තමයි තව කතාවක් කියනව සම්ප‍්‍රදායක් අනුව කිරීම වැරදියි කියලා. ඉතින් සම්ප‍්‍රදායක් කියන එක අපිට පිළිගන්න දෙයක් නෙවෙයි. මොකද මේකට තියෙනවා අත්සන් කරන ලද ලිඛිත එකඟතාවයක්. අපි ඒකේ කොටස්කරුවන් නෙවෙයි. ලංකාවේ පොදු නීතිය තමයි දවස් 30කට හෝ මාස 3කට සංචාරකයන් ලෙස ලබාගන්නා වීසා තුළින් ඔවුන් ලංකාවට පැමිණෙනවා. ඒ ලංකාවට පැමිණියහම ඔවුන් ඊට වැඩිපුර හිටපු අය පිටත් කර හරිනවා. ''

 එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලය කුමන අදහස් පළ කලද ශී‍්‍ර ලංකාවේ රැඳීසිටින පකිස්තාන සරණාගතයින් හරවා යැවීම සම්බන්ධයෙන් පකිස්තාන ආණ්ඩුව මේ දක්වා කිසිදු විරෝධයක් පළ කර නැතැයිද ඇමතිවරයා කියා සිටියේය. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us