ලන්ච් ෂීට් තහනම් ! විකල්ප ඉදිරියට !

Published in පුවත්
Tuesday, 22 June 2021 13:47

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවනු ඇතැයි දළ වශයෙන් ගණන් බලා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ලන්ච් ෂීට් පසෙහි දිරාපත් වී නොපෙනී යාම වසර දෙක තුනකින් සිදු වුවද ලන්ච් ෂීට් නිසා පසට එකතුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වසර 200කට වැඩි කාලයක් පවතින බව විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ.
මීට පෙර අවස්ථාවන්වල දී ලන්ච් ෂීට් තහනම් කිරීම සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබු බැවින් නව ගැසට් පත්‍රයක් පළකිරීමෙන් තොරව නියෝගයක් නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව ද පරිසර අමාත්‍යවරයා සදහන් කර ඇත.

රටට හිසරදයක් වූ පොලිතීන් ...

අද වනවිට පොලිතින් භාවිතය හිසරදයක් බවට පත්ව ඇත. මේ නිසා, ලෝකයේ බොහෝ රටවල පොලිතින් තහනම් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. තවත් සමහර රටවල් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මේ කිසිදු වැඩපිළිවෙළක් මුළුමනින්ම සාර්ථක වී ඇති බවක් වාර්තාවල සඳහන් නොවේ. එම තත්ත්වය තුළ අනාගත ලෝකය පොලිතින් සමඟ කවර දිශාවකට ගමන් කරනු ඇත්ද? යන ගැටලුව පැන නැඟී ඇත. පොලිතින් භාවිතය සම්බන්ධයෙන් අපේ රටෙත් බොහෝ සෙයින් කතාබහ ඇති වී තිබෙන මේ කාලයේ පොලිතින් ගැනදැනුම්වත් වීම වැදගත් ය.

අවසානයක් නැති කතාවක් ...

ගහට පොත්ත මෙන් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය මිනිසාගේ ජීවිතවලට බද්ධ වී ඇත. මිනිසාට මේ දෙක නොමැති ජීවිතයක් ගැන සිතන්නටවත් බැරි තරම්ය. 1977 වසරේ පැමිණි විවෘත ආර්ථිකයත් සමඟ මේවා අපගේ සංස්කෘතියට එක්වන්නට විය. කෙසේවෙතත් පොලිතින් ඉවත ලෑම බරපතළ පාරිසරික ගැටලුවකි. එයට හේතුව පොලිතින් දිරාපත් නොවීම ය. වැළලීම හැරුණු විට පොලිතින් පුළුස්සා විනාශ කිරීමත් කෙනකුට යෝජනා කරන්නට පුළුවන. එහෙත් එය ද සුදුසු නැත. පොලිතින් පුළුස්සන විට හානිකර වායූ බැහැර වීම බරපතළ ගැටලුවකි. මේ නිසා, පොලිතින් විනාශ කිරීම සඳහා ඇති ප්‍රයෝගික විසඳුම් අල්පය.

බොහෝ පොලිතින්වල අඩංගු බහු ක්ලෝරිනිකෘත බයිෆීනෝල සහ බහු චක්‍රීය ඇරෝමටික හයිඩ්රො කාබන මිනිසාගේ සිරුරට අහිතකර බව විශේෂඥ වෛද්‍යවරු පර්යේෂණ වලින් තහවුරු කර ඇත. එකී රසායනික ද්‍රව්‍ය මිනිසාගේ ශරීරය අභ්‍යන්තරයට පිවිසෙන්නේ මුහුදට පොලිතින් එකතු වී ඒවා මත්ස්‍යයන් ආහාරයට ගැනීම නිසා ය. ඉන් පසු එකී රසායනික ද්‍රව්‍ය ආහාර ජාලවලට එකතු වේ. ඒ හරහා සිරුරට පිවිසෙන එම රසායනික, මිනිසාගේ හෝර්මෝන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එමෙන් ම, පිළිකා ඇතිවන්නටත් එම රසායනික හේතු වන බවට තහවුරුවී ඇත.

ලංකාවේ ඛේදාන්තය...

දිනකට 'සිලිසිලි මලු' ලක්ෂ 150 ක් හා 'ලන්ච් ෂීට්' මිලියන 10 ක් පමණ ශ්‍රී ලාංකිකයන් පරිසරයට මුදා හරින බවට ගණන් බලා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය වරෙක ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව තුළ එක් රැස්වන කැළිකසලවලින් 10% - 15% අතර ප්‍රමාණයක් ඉහත කී පොලිතින් අපද්‍රව්‍ය බව එම අධිකාරිය පෙන්වා දෙයි. මෑතක සිට කුණු කඳු නාය යෑම, ගංවතුර ගැලීම, ඩෙංගු මදුරු උවදුර ඉහළ යෑම වැනි පාරිසරික ගැටලු රැසකට අපේ ජනතාවට මුහුණදීමට සිදු විය. තවද ලංකාවේ සිදු වූ ඛේදවචාක අතර මිතොට මුල්ලේ කුණු කන්දට යටවී විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි වූ බව ඔබට මතක ඇති. පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය ඉහළ යාම මේ ගැටලුවලට මූලික හේතුව බව අනාවරණ වුවද බොහෝදෙනා එය පිළිගැනීමට අකමැත්තක් දක්වති.
මිනිසාට මෙන් ම ඔහු ජීවත් වන පරිසරයට මේසා මහා විශාල හානියක් කරන පොලිතින් සඳහා, මිනිසා විශාල ධනයක් වැය කරන බව ඔබ දන්නවාද? එකී වියදම දරන්නට සිදුවන්නේ පොලිතින් නිෂ්පාදනය කිරීමේදී ය. ප්ලාස්ටික් බෑග් 9ක් නිෂ්පාදනය කිරීමට වැය කෙරෙන බලශක්ති ප්‍රමාණයෙන්, මෝටර් රථයක් කිලෝමීටර භාගයක පමණ දුරක් ධාවනය කරවිය හැකි බව විද්‍යාඥයෝ ප්‍රකාශ කර ඇති බව බිබිසි පුවත්පත් සේවය වරෙක ප්‍රකාශ කර තිබේ.

තහනම පැනවීම ...

පොලිතින් භාවිතය තහනම් කළ රටවල් අතර කැපී පෙනෙන්නේ අප්‍රිකා කලාපයේ රටවල් ය. පොලිතින් තහනම ගෙන එන්නට පළමුවෙන් පියවර ගත් අප්‍රිකා රාජ්‍ය, දකුණු අප්‍රිකාවයි. ඉන් පසු තවත් අප්‍රිකා රටවල් 14කට ආසන්න සංඛ්‍යාවක් පොලිතින් තහනම් කරන්නට හෝ පොලිතින් භාවිතයට ගන්නන්ගෙන් බදු මුදලක් අය කරන්නට හෝ පියවර ගත්තේ ය. මේ රටවල් අතර කෙන්යාව, මාලි, කැමරොන්, ටැන්සානියාව, උගන්ඩාව, ඉතියෝපියාව, මලාවි, මොරොක්කෝව, රුවන්ඩාව සහ බොට්ස්වානා යන රාජ්‍ය ඇත. අප්‍රිකා රටවල් හැරුණු විට ලෝකයේ සංවර්ධිත රාජ්‍ය රැසක් ද මේ වන විට පොලිතින් භාවිතයට තිත තබා ඇත.

විකල්ප ...

ප්ලාස්ටික් පැමිණෙන්නට පෙර අප භාවිත කළේ පරිසරයට අහිතකර නොවන විකල්පයන්ය. මාළු ඔතන්නට කඩදාසි හෝ බ්‍රවුන් පේපර් බෑග් භාවිත විය. සීනි ටික කිරලා දුන්නේ කඩදාසි ගොට්ටයකටය. අයිස්ක්‍රීම් දුන්නේ තෙල් කඩදාසිවලය. ප්ලාස්ටික් පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටිවලට අයිස්ක්‍රීම් බහාලීම සිදුකෙරිණි. එම නිසා ජනතාව නොසන්සුන් විය යුතු නැත. එසේම කෙසෙල් ගසෙන් කෙදිනකවත් නොගත් ප්‍රයෝජන ගැනීමට ලංකාවේ නව නිපැයුම්කරුවන් ඉදිරිපත්ව ඇත..එය මෙම ගැටලුවට විසදුම් සපයන්නක් සේම මෙතක් කලක් කෙසෙල් වගා ගෙවියන්ගේ කෙසෙල් කදට වටිනාකමක් එක් කෙරෙනු ඇත. එය ඔහුන්ගේ ආර්ථිකයට මෙන්ම රටටද සිදුවන යහපතක් ලෙස සැලකිය හැකිය.

රජයේ තීරණය සහ හෙට දවසේ විරෝධය ...

පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය ඉහළ යාමත් සමඟ ඒවා පරිසරයට බැහැර කිරීම ද ඉහළ ගොස් තිබේ. ඉවක් බවක් නැතිව මේවා පරිසරයට බැහැර කිරීම මිනිසාට දැන් දැන් පුරුද්දක් බවට පත්ව ඇත. පොලිතීන් භාවිතයක් නොකරන ස්ථානයක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇට සොයන්නාක් බඳු වී ඇත. ඒ තරමටම පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය මෙරට ජනප්‍රිය වී තිබේ. එවැනි ජනප්‍රිය යමක් තහනම් කිරීමේදි විශාල ජනතා ප්‍රතිරෝධයක් නැඟී ඒම ස්වාභාවිකය. එම ප්‍රතිරෝධය හෙටදවසේ සමාජය තුළින් මතු වීමට හැකිය . නමුත් පරිසරයට එකතුවන පොලිතීන්අවම කිරීමක් වශයෙන් ලන්ච්ෂිට් තහනම සම්බන්ධයෙන් රජය ගත් තීරණය නැවත හැරවීමක් නොකළ යුතු අතර, එම තීරණය කිසිදු වෙනසක් නොකර ඉදිරියටම ක්‍රියාත්මක කළ යුතුය. ජනතාවට එය යහපතක් මිස අයහපතක් නොවේ. ඒ යහපත අද හෙට නොව තවත් වසර ගණනාවකින් මතු පරපුරට හෝ බුක්ති විදිය හැකි දෙයකි. ඒම නිසා රජය ගෙන තිබෙන මේම තීරණයට අනුගතව ක්‍රියාත්මක වීම ජනතාවගෙත් යුතුකමකි. ඔබගේම යහපත උදෙසා මිස දේශපාලන හෝ වෙනත් ප්‍රතිලාභයක් උදෙසා නොගත් රජයේ මේම තීරණය ඉතාමත් නිවැරදි සාධනීය තීරණයක් මෙන්ම එය ක්‍රියාත්මක කිරීමට ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය බව සදහන් කරමි .

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us