සෑහිමකට පත්විය හැකි මට්ටමකට මරණ අඩු වෙලා නැහැ - වෛද්‍ය හේමන්ත

Published in පුවත්
Tuesday, 07 September 2021 21:03

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහිමකට පත්විය හැකි මට්ටමක අඩුවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

කොවිඩ් මරණ 180ක් විසින් ඊයේද නිවේදනය කළ අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 07 දෙනෙකුද එම මරණ අතරට අයත්වී තිබුණි.

මේ අතර දින 5ක් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් 2950 දෙනෙකුගේ වාර්තා වසංගත රෝග විද්‍යා ඒකකය ජාතික කොවිඩ් දත්තවලට අද එකතු කළේය.

ගෙවුණු දින 5කට අයත් ප්‍රමාද වී ලැබුණු කොවිඩ් ආසාදිතයින් ගණන 2,950කි.

ඒ අනුව සැප්තැම්බර් 1 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා මෙතෙක් පැවැති දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව සංශෝධනය වන්නේ මෙලෙසිනි.

සැප්තැම්බර් 01 වනදා 3,828ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 637 දෙනෙකු එකතුවන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,465 ක් ලෙස දැක්වේ.

සැප්තැම්බර් 02 වනදා 3,627ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 603 දෙනෙකු එකතුවීමත් සමග එදින සමස්ත ගණන 4,230 දක්වා ඉහළ යයි.

සැප්තැම්බර් 03 වනදා 3,644 ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 606 දෙනෙකු එකතු වන අතර ඒ අනුව එදින සමස්ත ගණන 4,250කි.

සැප්තැම්බර් 04 වනදා 3333ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 554 දෙනෙකු එකතුවන අතර එදින සමස්ත ගණන 3,887ක් ලෙස ඉහළ ගොස් තිබේ.

සැප්තැම්බර් 05 වනදා 3,308ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවට තවත් 550 දෙනෙකු එකතු වන අතර එදින සමස්ත ගණන 3,858 ක් ලෙස සංශෝධනය විනි.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ,

"පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සහ රෝග ලක්ෂණ සහිත වූවන්ගේ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ඉතාම අවම මට්ටමින් තමයි කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම බොහෝ පළාත්වල මේ වෙද්දි PCR පරීක්ෂණ අවම වෙන විදිහට තමයි කටයුතු සලසලා කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි සීමා කිරීම් නිසා රෝගීන් වැඩිවීම හෝ අඩුවීම ගැන යම්කිසි අදහසක් ගන්න තියෙන හැකියාව නැතිවෙලා යනවා."

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි විසිඅට ලක්ෂ විසිතුන්දහස් එකසිය හතළිස් හතකි. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 94 ඉක්මවා තිබේ.

මේ සියලු කාරණා වලින් මහජනතාව අවබෝධ කර ගත යුතු දෙයක් ඇත. ඔබ තවමත් නීතියට පිටු පාමින් , පාරේ සිටින පොලිස් නිලධාරින්ට මුසා පවසමින් ඔබට රිසි සේ ඇවිදින අයෙක් නම් , ඔබේ ජිවිතේ වගකීම ඔබම බාර ගත යුතුව ඇත. ඔබේ නොසැලකිලිමත් හැසිරීම් රටාව හේතුවෙන් ඔබ හෙට දිනයේ කොවිඩ් ආසදිතයෙක් වූ විට එහි වරද පවතින ආණ්ඩු මත පැටවිය යුතු නොවේ. ඔබේ ආදරණියයන් අහිමි වීමේ වේදනාව ඔබ තනිව දරාගත යුතු වේ.එයට කිසිවෙකුත් වගකිව යුතු නැත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us