දඹුල්ලේ අනතුරින් තුවාල වූ සිසුවිය රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි.

Published in පුවත්
Monday, 18 August 2014 09:52

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට යමින් සිටියදී දඹුල්ල - ඉනාමළුව ප‍්‍රදේශයේදී රිය අනතුරට ලක්වූ සිසුවියට දඹුල්ල රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා විභාග කොමසාරිස්වරයා විසින් අවසර ලබාදී ඇත.

 ඒ, දැරියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශයන්ද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

අද පෙරවරුවේ දඹුල්ල - ඉනාමළුව මංසන්ධියේදී පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා ට‍්‍රක් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුවිය.

මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 25 දෙනෙකු සහ යුද හමුදා ට‍්‍රක් රථයේ ගමන් ගත් හමුදා සෙබළුන් තුන්දෙනෙකු තුවාල ලැබුවා.ලැබිය.

 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටි මෙම දැරියද අනතුරෙන් තුවාල ලැබූ අතර ප‍්‍රතිකාර සඳහා ඇය ඇතුළත් කෙරුණේ දඹුල්ල රෝහලටය. 

දැරියට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇය විභාගයට මුහුණදීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවට නිර්දේශ කළේය.  ඒ අනුව ඇයට විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ අවසරයක් ලබාදෙන ලෙස කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඒ පිළිබඳව සළකා බැලීමෙන් අනතුරුව දඹුල්ල රෝහල තුළ විශේෂ ස්ථානයක දැරියට අද දහවල් 12 ට විභාගයට පෙනී සිටීමට අවසර ලබාදුන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කලේය. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us