මෙරට වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යෑම නිසා රජය විදේශ රටවලින් සහල් ගෙනැවිත් පාරිභෝගික ජනතාවට රුපියල් සීයකට අඩුවෙන් සහල් කිලෝ එකක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉකුත් සතියේ ඉන්දියාවේ සිට සහල් තොගයක් රැගත් නැවක් මෙරටට පැමිණි අතර අනෙක් සහල් රැගත් නැව බොහෝදුරට අද(18) මෙරටට පැමිණීමට නියමිත අතර ඉන්පසුව ලංකාව පුරාම පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලා ඔස්සේ සහල් කිලෝ එකක් රුපියල් අනූඅටට ලබාදෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.
-පංචාලි අබේසේකර