“නැණසල” ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහනයි

Published in පුවත්
Tuesday, 19 August 2014 11:52

2014 වසරේ ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතිය නම් කර ඇත.

ග්‍රාමීය ජනතාව සහ වරප්‍රසාද අඩු පිරිස් නගා සිටුවීම සඳහා “නැණසල“ තුළින් සිදු කෙරෙන මෙහෙය අගය කරනු වස් මෙම සම්මානය පිරිනැමේ.

ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් “නැණසල“ ව්‍යාපෘතිය ප්‍රථම ස්ථානය දිනා ගෙන මේ වසරේ අදාල සම්මානයට හිමිකම් කීය. ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් “අධ්‍යන ප්‍රවේශ” (“Access to Learning”) සම්මානය සහ ඇමේරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතියට පිරිනමන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම අද (2014 අ‌ගෝස්තු මස 18) නිවේදනය කළේය. මීට අමතරව තවත් ඇමේරිකානු ඩොලර් දශ ලක්ෂයක් වටිනා මෘදුකාංග නොමිලයේ ශ්‍රී ලංකාවට පිරිනැමිම ද සිදු කෙරේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “නැණසල” ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ දිලිඳු ජනයාට තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය සඳහා පුළුල් ඉඩකඩක් ලබා දී ඇතැයි බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අධ්‍යක්‍ෂිකා ඩෙබෝරා ජාකොබ්ස් මහත්මිය ප්‍රකාශ කළාය. රටේ තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාව 5% සිට 40% තෙක් වර්ධනය කිරීමට “නැණසල” ව්‍යාපෘතිය සක්‍රියව දායක වී ඇතැයි අද (2014 අ‌ගෝස්තු මස 18) ප්‍රංශයේ ලියෝන් නුවර පැවැති සම්මාන ප්‍රදානයේ දී ඇය පෙන්වා දුන්නාය. සම්මානය පිරිනැමීම ජාත්‍යන්තර පුස්තකාල විද්වතුන්ගේ සමුළුවේදි සිදුකෙරිනි.

“නැණසල” මගින් පරිගණකයට හා අන්තර්ජාලයට පිවිසීමට දිලිඳු ජනයාට අවස්ථාව සැලසීම තුළින් සමබර සමාජ සංවර්ධනයක් ඇති කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා “මහින්ද චින්තන” ප්‍රතිපත්තිය තුළින් ක්‍රමෝපායිකව මැදිහත් වී තිබීම අගය කරන බව මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ සහ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බිල් ගේට්ස් මහතා ප්‍රකාශ කරයි. සම්මාන උළේල සඳහා ඇමේරිකාවේ සියටැල් නුවර සිට සජිවිව සුභ පැතුම් පණිවුඩයක් එක්කළ ඔහු වරප්‍රසාද අඩු ජනයා සඳහා තොරතුරු තාක්‍ෂණයට පහසුකම් සැපයිම “නැණසල“ තුළින් අඛන්ඩව සිදුවනු දැකිම සිය ප්‍රාර්ථනය බව පැවසිය.

“සෑම ජිවිතයකටම එක හා සමාන අගයක් ඇති බව” සිය දර්ශනය කර ගත් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම වාර්ෂිකව ලෝකයේ විශිෂ්ඨතම තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය තෝරා ගැනීම ස්වාධීනව සිදු කරයි.

“නැණසල” නිර්මාතෘ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් සම්මානය නිල වශයෙන් භාර ගැනීම විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් සිදු කෙරිණි. “නැණසල” ව්‍යාපෘතිය මෙම කිර්තිමත් සම්මානය සඳහා තෝරා ගැනීම තුළින් මහින්ද චින්තන වැඩපිලිවෙල අන්තර්ජාතික  විද්වතුන්ගේ ප්‍රසාදයට පත් ව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වසර 2005 දි සියළු අභියෝග මැද ආරම්භ කල “නැණසල” ව්‍යාපෘතිය මධ්‍යස්ථාන 790 ක් පිහිටුවමින් දිවයිනේ සියළු ජනයාට සේවාවන් සපයන බව අමාත්‍යතුමා පෙන්වා දුන්නේය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ සියළු ජයග්‍රහන ලබා ගැනීමට ජනාධිපතිතුමා ලබා දෙන නායකත්වය අගය කළ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති, ජනාධිපති උපදේශක හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ මහතා මෙවැනි සම්මානයක් ශ්‍රී ලංකාවට පිරිනැමිම වෙනුවෙන් බිල් ගේට්ස් පදනමට සිය කෘතඥතාවය පල කළේය.

ශ්‍රී ලංකාව ලබන ජයග්‍රාහන ඇතැම් පිරිස් අන්තර්ජාතිකව අවතක්සේරු කිරීමට උපක්‍රම සොයන පසුබිමක මෙවැනි කිර්තීමත් අන්තර්ජාතික ඇගැයීමක් ශ්‍රී ලංකාවට ලබා දීම ගැන මහාචාර්යවරයා තොරතුරු තාක්‍ෂණ විද්වතුන්ට හා සම්මාන උළේලේ විනිශ්ච මණ්ඩලය ලෙස ක්‍රියා කල විද්වතුන්ට ශ්‍රී ලංකාවේ ස්තූතිය පුද කළේය.

සම්මාන උළේලේ දී  “නැණසල” වැඩසටහන පිළිබඳ ප්‍රධාන දේශනය කල ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා ජනතාව තොරතුරු තාක්‍ෂණයෙන් සවිබල ගැන්වීමට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතුව ICTA ආයතනය අඛන්ඩව කටයුතු කරන බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ උත්සහයට “නැණසල” දායක වී ඇති අන්දම විස්තර කල හෙතෙම ආගමික සිද්ධාස්ථාන තුල බහුතරයක් “නැණසල“ මධ්‍යස්ථාන පිහිටුවිම තුළින් විනයගත තොරතුරු තාක්‍ෂණ ප්‍රවේශයක් ජනතාවට ලබා දීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හිමි වන බව පෙන්වා දුන්නේය.

- ICTA-

Last modified on Tuesday, 19 August 2014 12:04

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us