ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති ගල්අඟුරු සමාගමකට කොන්ත්‍රාත්තුවක් දීලා

Published in පුවත්
Monday, 11 March 2024 12:54

ශ්‍රී ලංකා රජය සතු රාජ්‍ය ව්‍යවසාය ආයතනයක් වන ලංකා කෝල් ලිමිටඩ් විසින් මෙරටට ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ජාත්‍යන්තරයේ සම්බාධක පනවා ඇති ගල් අඟුරු සපයන ඩුබායි හි පිහිටි සමාගමක් වන Black Sand Commodities FZ LLC වෙත පවරා දී ඇත. ජාත්‍යන්තරයේ සම්බාධක පනවා තිබියදීත් ඒ දැන දැනම මෙම කොන්ත්‍රාත්තුව පිරිණැමීම ඉතාමත් මෑත කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අවදානමට ලක් කිරීමේ අපරාධයක් ලෙස සැලකිය හැකිය.

ඇමරිකා එක්සත් ජනපද රජය විසින් මේ වන විටත් සිය 'විදේශ වත්කම් පාලන කාර්යාලය' (OFAC) යටතේ Black Sand Commodities FZ LLC යන සමාගමේ කුප්‍රකට වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන්, විමරශනය කර දැඩි නීතිමය හා ආර්ථික ප්‍රතිපත්ති රාමුව තුළ සම්බාධක පනවා ගනුදෙනු අතිශය සීමා කිරීමකට ලක්කර තිබේ.

ලොව ප්‍රබලම වාණිජ ගනුදෙනු කරන ඇමරිකා එක්සත් ජනපදය විසින් විධිමත් විමර්ශනයන් ගෙන් පසු මෙම කුප්‍රකට සමාගමට සම්බාධක පනවා තිබෙන අවස්ථාවක, ඔවුන්ගේ දූෂිත බව විමර්ශන වළින් එකිනෙක අනාවරණය වෙමින් පවතින පසුබිමක වුවත් ශ්‍රී ලංකාවේ රජයට සම්බන්ධ ව්‍යාපාරික ආයතනයක් ලෙසින් මෙම සම්බාධක තිබියදීත් Lanka Coal Ltd සහ Black Sand Commodities FZ LLC අතර වෙළඳාම සිදු කරගෙන යෑමට තරම් විශේෂත්වය කුමක්ද?

මෙවන් කුප්‍රකට සමාගමක් ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පනවා ඇති පසුබිමක් තුළ දිගටම ගනුදෙනු කරගෙන යාමෙන් Lanka Coal Ltd පාර්ශ්වය බලාපොරොත්තු වන්නේ කුමක්ද? වර්තමාන ජනාධිපතිවරයා මේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ මතය වඩාත් ධනාත්මක හා සුබවාදී එකක් කිරීමට වෙහෙසෙන වකවානුවක මේ රටේ වාණිජ ප්‍රතිපත්තිය ලෝක ඉදිරියේ හෑල්ලුවවට ලක් කිරීමෙන් Lanka Coal Ltd සමාගමේ බලධාරීන්ට යම් වාසියක් ලැබෙනවාද? එසේ වාසියක් ලෑබේ නම් ඔවුන්ගේ වාසිය වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ මේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවදානමට ලක් කිරීම මොනතරම් ඛේදවාචකයක්ද?

දැනටත් මෙම ජාත්‍යන්තරයේ සම්බාධක පැනවීමට ලක්වූ නිර්ලජ්ජිත Black Sand Commodities FZ LLC සමාගමේ ගල් අඟුරු නෞකා 2ක් කොළඹ වරායේ රඳවා ඇති අතර තවත් නෞකා 6ක් මේ රටට පැමිණෙමින් තිබෙන්නේ Lanka Coal Ltd සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපද රජය මෙම ජාත්‍යන්තරව සමාගමට පනවා ඇති සම්බාධක පිළිබඳව දැන දැන ම සිදු කරන ලද ඇණවුම් වල ප්‍රතිඵලයක් ලෙසින්ය. ඉතා ක්ෂණික ඇණවුම් සිදු කරමින් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකට මේ රට පත් කරමින් සිය ගොඩ වඩා ගැනීමේ වෑයමක නිලධාරීන් පත්ව තිබෙන බව පැහැදිලිය.


මේ අතර මෙම සමාගම විසින් තවත් උප්පරවැටිටියක් යොදමින් සිය කුප්‍රකට ගනුදෙනු දිගටම ක්‍රියාත්මක කිරීමේ වෑයමක් ද වාර්තා වෙයි. එනම් සම්බාධක මග හැරීමේ උත්සාහයක් ලෙස, Black Sand Commodities FZ LLC විසින් තවත් ආයතනයක් වන Potencia FZ LLC වෙත ගිවිසුම්ගත බැඳීම් පැවරීමට උත්සාහ කිරීමයි.

මෙවන් ප්‍රෝඩාකාරී ක්‍රියා කරමින් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන යෑමට මෙම සමාගම් සමත් වුවහොත් එහි දැඩි බලපෑමක් ජාත්‍යන්තර නීති රාමුවලට එල්ල වන අතර, මේ සඳහා සහසම්බන්ධ වන මෙරට පාර්ශ්වකරුවන් නිසා මෙම අනීතික කටයුතු තව තවත් මෙරට ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු ව්‍යාකූලත්වයට පත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ රජයට සම්බන්ධ හා රජය යටතේ ක්‍රියාත්මක වන සමාගමක් ලංකා කෝල් ලිමිටඩ් මෙම අනීතික වෙළෙඳ ගනුදෙනු වලට උත්තේජනය සැපයීම ජාත්‍යනතරය තුළ අනාවරණය වීම තුළ මෙරටට සමස්ත ලෝකයෙන්ම එල්ල විය හැකි බලපෑම ඉතාමත් කනස්සලු දායකය. එමෙන්ම සම්බාධකවල බලපෑමක් ඇති අතරම අනීතික ලෙස වංචනික උපක්‍රමයන් වල සෙවනැල්ල යටතේ මෙම වෙළඳාම් දිගටම කරගෙන යාම තුළ තවත් සංකීර්ණ බලපෑමක් ශ්‍රී ලංකාවට එල්ල කරයි.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ එහි ස්ථාවරය, එනම් මේ රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කළු පැල්ලමක් එකතු වීම හා ජාත්‍යන්තර ප්‍රජාවගේ අපකීර්තියට ශ්‍රී ලංකාවට මෙන්ම රජයට ද ලක් වන්නට සිදු වීමයි.

තවද, මෙම ගනුදෙනු සඳහා සම්බන්ධ වන මූල්‍ය ආයතන වලටද දැඩි අවදානම් තත්වයක් ඇතිවීම වැළැක්විය නොහැක. මෙම වෙළඳාම් සඳහා පහසුකම් සපයන බැංකු හා මූල්‍ය සේවා ද ජාත්‍යන්තර වාණිජ ක්ෂෙත්‍රය තුළ සම්බාධක වලට ලක් වීමේ තර්ජනයට මුහුණ දීමේ අවදානමක සිටින අතර එය ආයතනවලට පමණක් නොව ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ද ඉතා දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ගෙන දිය හැකි අතර, අති විශාල තැන්පත්කරුවන් ප්‍රමාණයකගේ තැන්පතු හා මූල්‍ය ස්ථාවරත්වය අනතුරේ හෙළීමට ඉඩ සලසනු ඇත.

රටක් ලෙස ලෝකය සමග ගනුදෙනු කිරීමේදී අනුගමනය කළ යුතු සම්මුති හා ගෝලීය නීති රාමු ගැන නිසි අවධානයකින් හා අවබෝධයකින් පසුවීමේ අවශ්‍යතාවයත් රජයක් වශයෙන් මෙවන් සිදුවීමක දී කටයුතු කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික බව පිළිබඳවත් යළි ශ්‍රී ලංකාවට සිතා බැලීමට මෙම සිදුවීම මං පාදා තිබේ.

ගෝලීය සම්බාධක පැනවීමක් තුර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි ආර්ථික ගැටළුවක පවතින රටක් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව වහාම විමසා බැලිය යුතු මොහොත එළෙඹ තිබේ. රට අවධානමකට හෙළමින් සිය පුද්ගලික වාසි තකා මෙවන් අපකීර්තිමත් තීන්දු තීරණ ගන්නා බලධාරීන් පොදු ජනතාවට හෙළිදරව් කිරීමේ වගකීම රජය සතුය.

මේ වන විටත් ලෝකට හෙළිවෙමින් පවතින මෙම කළු වෙළෙඳ මගඩියට එරෙහිව ජාත්‍යන්තරය හා එක්ව රටක් ලෙස ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ගන්නා ක්‍රියාමාර්ග දෙස දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂකයින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටියි.

මේ පිළිබඳව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමාද වුවහොත් ලෝකයම සළකන රටක් ගොඩනගන්නට වෙහෙසෙන වත්මන් ජනාධිපතිවරයාට ඒ සුබවාදී දර්ශනය බිඳ දැමීමට අතලොස්සක නිලධාරීන් පිරිසක් විසින් ගෙනයන කූට උපක්‍රමය, අති විශාල සුනාමියක් වී පැමිණ සමස්ත රජයත් රටේ කීර්ති නාමයත් විනාශ කරන දිනය වැඩී ඇතක නැත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us