ප්‍රදේශ රැසක උණුසුම තවදුරටත් ඉහළට - අනතුරු අඟවයි.

Published in පුවත්
Monday, 18 March 2024 08:03

දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණය අද(18) සිට තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ, අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයට අනුව, වයඹ, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් වල උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත්විය යුතු ය.

ඊට අමතරව, මොණරාගල, මන්නාරම , රත්නපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එම ප්‍රදේශවල ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක අද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ලබන 22 වනදා සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

කෙසේ නමුත් එය පවතින උණුසුම් කාලගුණය පහව යාමට තරම් බලපෑමක් නොවන බව ඔහු පැවසුවේ ය.

අප්‍රේල් 05 වැනිදා සිට 15 වැනිදා තෙක් හිරු මුදුන්ව පවතින බැවින් උණුසුම ඉහළ යා හැකි බව අතුල කරුණානායක පවසයි.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us