ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Published in පුවත්
Tuesday, 21 May 2024 14:29

හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙ


ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය නිමිත්තෙන් ඉරානයට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවයේ නිල කටයුතු අද පෙරවරුවේ ආරම්භ වූයේ ටැබ්‍රිස් නගරයේදී ය.

ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ අවමංගල උත්සවය දින 3ක් පුරා සැලසුම් කර තිබෙන අතර දේහයන් ටෙහෙරාන් අගනුවරට ගෙනඒමට සැලසුම් කර ඇත්තේ අද රාත්‍රී කාලයේදී ය.

ඉන් අනතුරුව හෙට (22) පෙරවරුවේ සිට රයිසි ජනාධිපතිවරයා ඇතුළු පිරිසගේ දේහයන් රැගත් අවමංගල පෙරහැරක් ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ සිට අසාදී චතුරස්‍රය වෙත ගමන් කිරීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සහභාගි වන නිල අවමංගල උත්සවය පැවැත් වීමට සුදානම් බව වාර්තා වේ.

රයිසි ජනාධිපතිවරයා, මීට පෙර අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කොරසාන් ප්‍රාන්තය තුළ කටයුතු කිරීම හේතුවෙන් දේහයන් බ්‍රහස්පතින්දා දින පෙරවරුවේදී කොරසාන් ප්‍රාන්තය වෙත රැගෙන යනු ලබයි.

ඒ අනුව දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත් වේ.

මේ අතර, ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ලෝක නායකයින් රැසක් ශෝකය පළකර තිබිණි.

ශුද්ධෝත්තම පාප් වහන්සේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්තෝනියෝ ගුටේරස් ද ඒ අතරට අයත්ය.

මේ අතර ඊශ්‍රායලයේ ප්‍රබල විරෝධය මධ්‍යයේ ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිහඬතාවක් පැවැත්විය.

කෙසේ වෙතත් මාධ්‍යවේදීයෙක් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇමරිකානු ආරක්ෂක ලේකම් පවසා ඇත්තේ ඉරාන නායකයාගේ සහ විදෙස් කටයුතු ඇමතිවරයාගේ අභාවයට හේතුවූ හෙලිකොප්ටර් යානා අනතුරට තම රටේ සම්බන්ධයක් නොමැති බවය.

WhatsApp Image 2024 05 21 at 14.04.18 f2496500

WhatsApp Image 2024 05 21 at 14.01.46 7c096745

WhatsApp Image 2024 05 21 at 14.00.38 bcee7ef2

Last modified on Tuesday, 21 May 2024 14:36

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us