ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සංචාරක ආකර්ෂණිය නව මුද්‍රාවක්

Published in පුවත්
Wednesday, 05 June 2024 09:39

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අනුකරණය කළ නොහැකි වන පරිදි ආරක්ෂිත උපක්‍රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි නව මුද්‍රාවක් ජූනි මස පලමු වැනිදා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කළ බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය.

වසර 75 කට පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මගපෙන්වීම යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මෙම නවීකරණයන් සිදුකරමින් පවතී.
1948 සිට මෙතෙක් භාවිතා කළ පැරණි මුද්‍රාව බොහෝ වංචනික පුද්ගලයන් අනුකරණය කරමින් ව්‍යාජ මුද්‍රා සකස්කර භාවිතා කර තිබූ අවස්ථා පිළිබඳව තමන් වෙත කරුණු වාර්තා වී තිබූ බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි. ආගමන විගමන නිලධාරීන්ගේ සංකල්ප මත නිර්මාණය කර ඇති මේ නව මුද්‍රාව වසර ගණනාවක සිට ප්‍රමාද වෙමින් පැවති අතර අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නායකත්වය තුළ මුද්‍රාව කඩිනමින් එළිදැක්වීමට හැකි වූ බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේ මස පළමුවැනිදා නව මුද්‍රාව භාවිතයට ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළවලද මේ නව මුද්‍රාව භාවිතයට ගෙන තිබේ.මෙහිදී ආගමන මුද්‍රාව නිල් පැහැයෙන් සහ විගමන මුද්‍රාව කොළපැහැයෙන් භාවිතා කිරීම සිදුවෙයි.

මේ අතර,පුද්ගල අනන්‍යතාව හඳුනාගත නොහැකි අපැහැදිලි ජාතික හැඳුනුම්පත් සඳහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් නොකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දශක කිහිපයකට පෙර නිකුත් කර ඇති වර්තමානයේ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ජාතික හැඳුනුම්පත් සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයකින් ගුවන් ගමන් බලපත්‍ර සකස් නොකරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්කරුගේ අයැදුම්පත්‍රය, මාස හයකට වලංගු කාලයක පවතින වර්ණ ඡායාරූපය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු අතර බොහෝ අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන මෑතකදී ගත් වර්ණ ඡායාරූපයත්, ජාතික හැඳුනුම්පතත් අනුව ඒ අයැදුම්කරු නියම අයැදුම්කරු යැයි හඳුනාගත නොහැකි මට්ටමක පවතින බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවැසීය.

මේ අනුව එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප,අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට පළමුව ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් ඒ අනුව පැහැදිලි අනන්‍යතාවක් සහිත ජාතික හැඳුනුම්පතක් ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේදී ඉදිරිපත් කරන ලෙසත් පාලක ජනරාල්වරයා කියා සිටියේය.

එසේම පවතින ක්‍රමවේදයට අනුව ගුවන් ගමන් බලපත්‍රයක් වසර දහයකට වලංගු කෙරෙන අතර ඉදිරියේදී ආගමන විගමන පද්ධතිය නවිකරණය කිරීම තුළින් කල් පැන යන ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමේදී අයදුම්පත පමණක් ලබා ගනිමින් බලපත්‍ර නිකුත් කරන බවද සඳහන් කළ ආගමන විගමන පාලක ජනරාල්වරයා පවතින ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ගේ ජාතික හැඳුනුම්පත්, ඡායාරූපය, උප්පැන්න සහතිකය ආදිය ස්කෑන් කර ආගමන විගමන පද්ධතියේ යාවත් කාලීන කෙරෙන බවද කියා සිටියේය.

IMMI

-P.M

Last modified on Wednesday, 05 June 2024 09:43

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us