ක්ලබ් වසන්තගේ දේහය තබා ඇති මල් ශාලාවටත් තර්ජන Featured

Published in පුවත්
Friday, 12 July 2024 09:44

ක්ලබ් වසන්තගේ දේහය මේවන විට තැන්පත් කර ඇති කොළඹ බොරැල්ලේ මල්ශාලාවට ඊයේ (10) රාත්‍රි 11.30ට පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදී තර්ජනය කර තිබේ.

එහිදී දුරකථන ඇමැතුම්කරු සදහන් කර සිටියේ තමන් කංජිපානි ඉම්රාන් බවත් ,ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් නොකරන ලෙසත් ,එලෙස කළහොත් මෘත ශරීරයට මෙන්ම මල්ශාලාවට ද වෙඩි තබන බවට අදාළ පුද්ගලයා තර්ජනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ් අනුව මල්ශාලාවේ කළමනාකරු අද (11) පෙරවරුවේ මේ පිළිබඳව බොරැල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.

බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ, විදෙස් රටකින් අදාළ දුරකතන ඇමතුම ලැබී ඇති බවය.

අනතුරුව එම මල්ශාලාවේ ආරක්ෂාවට පොලීසිය යොදවා ඇත.

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

මේ අතර අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තට වෙඩි ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන තවත් CCTV දර්ශන මාධ්‍යවෙත ලැබී ඇත.

අදාළ ටැටූ මධ්‍යස්ථානය චාරිත්‍රානුකූලව විවෘත කිරීමෙන් පසුව ක්ලබ් වසන්ත සිටින්නේ එහි තිබූ සෝපාවෙහි වාඩිවී කිරිබත් අනුභව කරමිනි.

වෙඩික්කරුවන් දෙදෙනා ගිනි අවිද රැගෙන මෝටර් රථයකින් බැස ඉහළ මාලයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය දෙසට දිවඑන්නේ ඒ අතරවාරයේදීය.

ඔවුන් දුටු මධ්‍යස්ථානයේ ඉදිරිපස දරුවකු වඩාගෙන සිටි පුද්ගලයා දොර විවෘතකර යමක් පවසන ආකාරය දර්ශන වල දක්නට ලැබේ.

ඒ මොහොතේම එහි ඇතුළුවන වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙකු කිසිදු චකිතයකින් තොරව ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කරයි.

වෙඩික්කරුගේ ගිනි අවියේ උණ්ඩ ගැබෙහි ඇතිවූ යම් දෝෂයක් හේතුවෙන් ඔහු පසෙකට වන ආකාරය දක්නට ලැබේ.

එහිදී අනෙක් වෙඩික්කරු ඉදිරියට පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කරයි.

ක්ලබ් වසන්ත සිටි ස්ථානයට නුදුරින් වාඩිවී සිටින ඔහුගේ ආරක්ෂකයින් ඇතුළු පිරිසක් වෙඩි ප්‍රහාරවලට බියෙන් මධ්‍යස්ථානයේ මුදල් අයකැමි මේසය යටට පැන සැඟවෙන ආකාරය ද CCTV දර්ශන වල දැකගත හැකිය.

ටැටූ ආයතන හිමිකරුද වෙඩික්කරුවන් පැමිණෙන ආකාරය දැක සැඟවෙන ආකාරය CCTV කැමරාවේ සටහන්ව තිබේ.

පසුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පළායයි.

විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් පවසන්නේ ඝාතන සඳහා යොදාගත් T 56 ගිනිඅවි දෙකට සෙලෝටේප් මගින් ඇලවූ පතුරම් ගැබ් දෙක බැගින් යොදාගෙන තිබූ බවය.

මොවුන් ගිනි අවි රැගෙන දිවගෙන එන ආකාරයත්, වෙඩි තැබීම සිදුකළ ආකාරයත් අනුව දෙදෙනාම මනා පුහුණුවක් ලැබූ වෙඩික්කරුවන් බව පොලීසිය පවසයි.

ඒ අනුව ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයන්ද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබේ.

මේ අතර, වෙඩික්කරුවන් ඔවුන් පැමිණි රථයට නැඟ ඇත්තේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටි ඔරුවල ප්‍රදේශයෙන් බව මේ වනවිට අනාවරණ වී තිබේ.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට මීට පෙරද ලොකු පැටී නැමැත්තා ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවය.

මාතර ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා ද ඔහුට ඇරියුම් කර ඇතත් එවර ඔහුට ඊට සහභාගීවීමට හැකිවී නැත.

ඒ එම කාලසීමාවේ ක්ලබ් වසන්ත සිංගප්පූරුවේ සංචාරයක නිරතවීම හේතුවෙනි.

-P.M

Last modified on Friday, 12 July 2024 09:50

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us