කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් අද සිට State Fertilizer නමින්

Published in පුවත්
Friday, 12 July 2024 09:58

මෙතෙක් කළක් රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක අද දින (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් කළක් සභාපතිවරු දෙදෙනෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් හා කාර්ය මණ්ඩල දෙකක් වශයෙන් පැවැති එම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම මගින් මෙතෙක් කළක් වැය වූ විශාල මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙනවා.

රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම හා නව නාමය හඳුන්වා දීම සඳහා ඊයේ (11) වෝටර්ස් එජ් හෝටලයේ දී උත්සවයක් පැවැත්වුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, කාදර් මස්තාන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති හා State Fertilizer සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා යන මහත්වරු ද ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

එකම අමාත්‍යාංශයක් යටතේ එකම විෂයට අදාලව කටයුතු කරන ආයතන විශාල ප්‍රමාණයක් දැනට අප රට තුළ තිබෙනවා. මේ නිසා රජයට මෙතෙක් මෙවැනි ආයතන සඳහා අමතරව විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබෙනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් එකම විෂය පථයට අයත් ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබුණා.

රාජ්‍ය වියදම් කළමණාකරණය සඳහා මෙම වැඩ පිළිවෙළ ඉතාමත් සුදුසු බැවින් එසේ ඒකාබද්ධ කරන ලද ප්‍රථම ආයතන දෙක වන්නේ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමයි.

ඒ අනුව අද දින සිට (12) රජයට අයත් මෙම පොහොර සමාගම් දෙක State Fertilizer යන නමින් හඳුන්වයි.

මෙම උත්සවය සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

රජයට අයත් පොහොර සමාගම් දෙක අද එක් ආයතනයක් බවට පත් කළා. මේ සමාගම් දෙකේ හිටපු සේවකයින් 400 ගණනක් අතරින් 273 දෙනෙක් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගියා. ඒ අයට මෙතෙක් ඉතිහාසයේ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් ඉහළම වන්දිය අපි ලබා දුන්නා.

සේවා කාලය හා තනතුරු අනුව රුපියල් ලක්ෂ 09 සිට රුපියල් ලක්ෂ 89ක් දක්වා විශාල වන්දි මුදලක් ඒ අයට ලැබුනා.

පොහොර වැඩ පිළිවෙළ ශක්තිමත් කළේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. 2021 පොහොර අර්බුදය නිසා ගොවි ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළා. නමුත් අපි නැවතත් රසායනික පොහොර ලබා දීමට පියවර ගැනීම නිසා මේ වනවිට අපි සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත්වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොර අර්බුදය විසදීමට ගත් පියවර නොවන්නට මේ රටේ සහල් කිලෝවක මිල රුපියල් 500ට වඩා වැඩිවන්නට ඉඩ තිබුනා. නමුත් 2023 වසරේ සිට අපේ රටේ ජනතාව පරිභෝජනය කරන්නේ අපේම රටේ වගා කළ සහල්. 2023 හා 2024 වසරවල දී හාල් ඇටයක්වත් අපි පිටරටින් ආනයනය කළේ නැහැ.

මෙහිදී අදහස් පළ කළ State Fertilizer සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා,

අපි මේ වනවිට විවිධ බෝගවර්ග සඳහා මිශ්‍ර පොහොර විශේෂ 30ක් නිෂ්පාදනය කරනවා. තේ, කුරුඳු, රබර් හා පොල් සඳහා විශේෂිත පොහොර නිෂ්පාදනය කරනවා. මෙම සියලු පොහොර වර්ග වෙළෙද පළේ පවතින මිලට වඩා විශාල ලෙස මිල අඩු කිරීමට අපි පියවර ගත්තා.

විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යතුමා අපිට උපදෙස් දුන්නා හැකි තරම් ගොවි ජනතාවට අඩු මිලට පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස අපිට උපදෙස් දුන්නා. ඒ අනුව ලබන සඳුදා සිට (15) State Fertilizer සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහොර වර්ගයකම මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 5000කින් අඩු කිරීමට අපි පියවර ගත්තා.

මෙම පියවර ගත්තේ අපේ නව ව්‍යාපාර සැලැස්ම අනුව. අලුත් සමාගම සඳහා අපි නව ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. යැයි ද සභාපතිවරයා පැවසුවා.

මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් State Fertilizer සමාගම ජනගත කිරීම සිදු වුණා.

-ITN

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us