අස්වැසුම, උරුමය දේශපාලනඥයන්ට බෑ

Published in පුවත්
Saturday, 27 July 2024 12:01

ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් උරුමය, අස්වැසුම සහ ජයගමු ශ්‍රී ලංකා වැනි මහජනතාව සෘජුව සම්බන්ධ කරගන්නා රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් සහභාගි නොකර ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ. 

එමෙන්ම මෙම ව්‍යාපෘති මැතිවරණය ඉලක්ක කර නොගෙන සාමාන්‍ය පරිදි සිදුකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

යම් අයුරකින් මේ වැඩසටහන්වලට යම් පක්ෂයක දේශපාලනඥයන් සම්බන්ධ කරගත හොත් ඊට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගන්නා බවත්, එසේ වුවහොත් එය අදාල පකෂයේ ජනපතිවරණ අපේක්ෂකයාටද බලපෑ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.

රජයේ වැඩසටහන්වලට දේශපාලනඥයන් සම්බන්ධ කරගෙන දිගින් දිගට සිදු කරගෙන යන්නේ නම්, ඒවා පාලනය කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බවද සභාපතිවරයා පැවසුවේය.

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන ලද දිනයේ සිටම විවෘත කර ඇතැයිද ඔහු කීවේය.

 මෙම අවස්ථාවේ පොලිස්පතිවරයෙකු රාජකාරියේ නිරතව නොසිටියද‍ එම දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සිදුකරගෙන යන බැවින්, මැතිවරණ කටයුතු සම්බන්ධව කටයුතු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කර තිබෙන බවත්, ඒ අනුව‍ මැතිවරණ කොමිෂන් සභාව ඔහු සමග අදාළ රාජකාරි කටයුතු කරගෙන යන බවද සභාපතිවරයා පැවසීය.

කෙසේ නමුත් පැෆරල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව විසින් යවන ලද පැමිණිල්ලකින් සඳහන් කර ඇත්තේ මෙමස 24 වැනි දින එනම් ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට පෙර දින අංක PS/CM/SB/318/2024 දරන කැබිනට් සංදේශය යටතේ උපාධිධාරීන් පනස් දහසක් බඳවා ගැනීමට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බවය.

2020 වර්ෂයේ ගනු ලැබූ කැබිනට් තීරණයක් වසර හතරක කාලයක් නොසලකා හරිමින් සිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රැකියා පනස් දහසක් ප්‍රදානය කිරීමට ගනු ලබන මෙම උත්සාහය පැහැදිලි ලෙසම මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන බව පෙනී යන බවද අදාළ ලිපියේ සඳහන් වේ.

මේ අතර ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාන්‍ය පරිදි සිදු කරන බවත් මෙම වැඩසටහන මැතිවරණ සමයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් උපදෙස් ලබාගන්නා බවය.

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීම නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්  (26 වැනිදා) දිනයේදී නිවේදනය කළේය.

වැඩි ඡන්දදායකින් ප්‍රමාණයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා සෙනසුරාදා දිනයක මැතිවරණය පැවැත්වීමට තෝරාගත් බවද සභාපතිවරයා පැවසුවේය.                                                                                                                                                                       - අරුණ

Last modified on Saturday, 27 July 2024 12:03

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us