මේ වෙලාවේ රනිල්ම තමයි. විපක්ෂයට වෙන වැඩක් නෑ   Featured

Published in පුවත්
Saturday, 27 July 2024 12:58

නොපැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළ ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම මේ වන විට ප්‍රකාශයට පත් කර අවසන්ය. එමෙන්ම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීම ද මේ වන විට සිදුකර ඇත.

එමෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි විපක්ෂය බලාපොරොත්තු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාටත් කලින්ම ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීමද සිදු කර ඇත. එමෙන්ම අද දින (27) ගාල්ලේ පැවැත්වෙන දේශපාලන රැලියේදී තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන් බව ජනපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමද වන බව දැන ගැනීමට තිබේ.

කොහොම නමුත් ජනාධිපති රනිල්ගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම ආරම්භ කර තිබුණේ මීට බොහෝ කලකට පෙරය. විශේෂයෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරණය සමග ආරංචි සුබයි යනුවෙන් ආරම්භ කළ මැතිවරණ මෙහෙයුම් මේ වන විට බොහෝ දුරක් පැමිණ ඇත.

ඒ අතර වඩාත් ප්‍රමුබ ප්‍රචාරක පාඨයක් ලෙස ' මේ වෙලාවේ රනිල් තමයි ' යන්න පත්ව ඇත. මෙය රටෙ ආර්ථිකය ගොඩදැමීම සහ රටේ ආර්ථිකය ඉදිරියටත් අස්ථාවර කර නොගෙන පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් තවදුරටත් අවශ්‍යය කියන පණිවිඩය දීමට භාවිත කරන්නක්ව තිබිණි. නමුත් ඒ අබිබවා ගොස් මේ වන විට සෑම සියලු දේශපාලන ආර්ථික සමාජීය සංසිද්ධියක්ම මුල් කරගෙන 'මේ වෙලාවේ රනිල් තමයි' යන්න කිසිවකුට අත්හල නොහැකි තැනකටද පත්ව තිබේ.

විශේෂයෙන්ම ප්‍රධාන ජන මාධ්‍ය තුලත් සමාජ මාධ්‍යයන් තුළත් ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩුවට පක්ෂපාතව සිදුවන සංවාදයන් තුළ 'රනිල්' හැර වෙන කිසිවකු ගැන කතාවක් නැත. රනිල්..රනිල්.. රනිල්.. යන්න හැර වෙන කිසිවකු ගැන කතාවක් නැත. විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත්-අනුර දෙදෙනාගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් සියල්ල රනිල් විසින් ගිලගෙන ඇත. රනිල් වඩාත් කතා බහට ලක්වෙන අපේක්ෂකයා සහ විපක්ෂයට වඩාත්ම අභියෝගයක් වන අපේක්ෂකයා බවට පත්ව ඇති බවත් ජනතා ප්‍රතිචාරයන්ගෙන් නිරීක්ෂණය වේ.

ඒ සියල්ලට වඩා ජනපති රනිල් සහ වර්ථමාන ආණ්ඩුව විසින් කරන කියන දේවල් ගැන තමන්ගේ විවේචන විරෝධතා කරගහගෙන විපක්ෂයට දුවන්න සිදුව තිබේ. ඒවා මඟ හැර විපක්ෂයට මැතිවරණය මෙහෙයුම තුළ රැඳී සිටීමට නොහැකි තත්වයක්ද උදා කර ඇත. මන්ද ඒවාට පිළිතුරු නොදී සිටීම ඔවුන්ට මඟ හැරීම රනිල්ටම වාසිදායක තත්වයන් ඇති කරන්නක් වී ඇති බැවිනි. නමුත් ජනාධිපති රනිල්ට ඒ කිසිවක් ප්‍රශනයක් නොවේ. බොහෝ විටම මේ මතුකර තිබෙන ගැටළු සාමාන්‍ය ජනතාවට කිසිසේත්ම අදාල නොවන ව්‍යවස්ථා ගැටළු හෝ සංකීර්ණ ආර්ථික ගැටළු වේ. මේ නිසා ඒවා ජනතාවගේ සංවාද සීමාවෙන් ඔබ්බෙහි පවතින නමුත් විපක්ෂයට ඒ නොසලකා හැරිය නොහැක. ඒ්වා තමන්ට වාසි සහගත ලෙස විසඳා ගැනීමට විපක්ෂයට සිදුව තිබේ. ඒ නිසා විපක්ෂයට ඒ අත්හැරිය නොහැක. නමුත් ඔවුන්ට තමන් ජනාධිපතිවරණ සටනකට මුහුණ දී ඇති බව අමතක වෙයි.

ඇතැම් විට මෙම අර්බුද ඇති කිරීම රනිල්ගේ දේශපාලනික උපක්‍රමයක් ද විය හැකිය. රනිල් මෙවැනි වැඩ වලට දක්ෂය. කොහොම නමුත් විපක්ෂයට සිදුව ඇත්තේ මේ රනිල් විසින් ඇති කරන අවශේෂ ප්‍රශ්න සමඟ ගැටෙමින් සිටීමටය.

මේ අනුව මේ වෙලාවේ රනිල් රනිල් රනිල් කියමින් ඇතිවෙන කතිකාව නිසා මේ මොහොතේ වෙනත් දේශපාලන චරිතයක් මේ දේශපාලන සටන් බිම තුළ නැද්ද යන ගැටලුව පැන නැඟීමට තරම් තත්වයන් වර්ධනය වී ඇත. කොහොම නමුත් රනිල් දිනපතා සාකච්ඡාවට දේශපාලන ආර්ථික මාතෘකා සපයමින් තිබේ. මේවාට උත්ත‍ර දීම හැර විපක්ෂයට වෙන වැඩක්ද නැතිව තිබේ. ඒ සමඟින් මෙවර ජනාධිපතිවරණය තනි අශ්වයාගේ තරගයක් බවට පත් කරගැනිමට රනිල් සමත්ව තිබෙන බව පැහැදිලිය.

- සුජය

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us