අනුරගේ සජිත්ගේ යෝජනා IMF කුණු කූඩයට දමයි

Published in පුවත්
Saturday, 03 August 2024 19:37

ජාතන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා සහ අවබෝධය මත මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මඟ පෙන්වීම යටතේ රජය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ සාර්ථකව සිදු වෙන බව පසුගිය දා මෙරට සංචාරය සඳහා පැමිණ සිටි එම අරමුදලෙ නියෝජිතයන් පෙන්වා දී තිබිණි.

එහෙත් මෙම සංචාරය තුල දී සමගි ජන බලවේගය සමග සාකච්ඡාවක් පැවැත්වීමද සිදු කර තිබිණි. මෙම සාකච්ඡාව ගැන සජබය කලින් ඉහල ප්‍රචාරයක් ලබා දී තිබුණේ එහිදී සජබයෙ ආණ්ඩුවක් යටතේ තමන් මුල්‍ය අරමුදලෙ කොන්දේසි වෙනස් කර ජනතාවට ඉහල සහන සැලසෙන ප්‍රතිපත්තියකට මාරු වන බවත් එ් සම්බන්ධයෙන් මුල්‍ය අරමුදලේ එකඟත්ව ලබ ගන්නා බවත්ය.

නමුත් එම කතා සියල්ල පුස්සක් වී ඇත. මිට පෙර ජාතික ජන බලවේගයද තමන්ගේ යෝජනා රසක් ඉදිරිපත් අර තිබු නමුත් එ්වා මුල් වටයේම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි. එ් අනුව මුල්‍ය අරමුදල ඔවුන් සමග නැවත සාකච්ඡාවකට හෝ ඉඩක් ලබා දුන්නෙ නැත. එමෙන්ම ජාතික ජන බලවේගය කිසිසේත්ම මෙරට පාලනය බලය අත්පත් කර නොගන්නා බවත් සහතික වී ඇති බැවින් ජාජබය නොසලකා හැරීමට හේතු වී ඇති බවත් එම තොරතුරු මාර්ග පවසයි.

‍කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයාට අසන්න තරගකරුවා වන සජිත්ගේ සජබය සමග නැවත සාකච්ඡාවක් කිරීමට ඉඩක් වෙන් කර දුන්නේ ඔවුන්ගේ බලවත් ඉල්ලීම සහ සජබයේ හර්ෂ ඇතුලු ආර්ථික කමි‍ටුවේ ප්‍රතිපත්ති ද වත්මන් ජනපතිගේ ප්‍රතිපත්ති වලට සමාන්තර තැනක තිබෙන බැවිනි. නමුත් සජිත්ගේ වත්මන් ආර්ථින උපදේශක ගොඩහේවා වැන්නවුන්ගේ යෝජනා අනුව ඔවුන් බදු අඩු කිරීම, රජයේ වැ‍ටුප් දීමනා වැඩි කිරීම, සහනාධාර අති විශාල ප්‍රමාණයක් යෝජනා කිරීම, රාජ්‍ය සේවයට තවත් විශාල පිරිසක් බදවා ගැනීම, පෞද්ගලිකකරණයට එරෙහි වීම ආදී රට බංකොලොත් කිරීමට හේතු සාදක වූ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබිණි. නමුත් එහිදී අහිමි වන රාජ්‍ය ආදායම් අත්පත් කර ගැනීම සිදුකරන්නේ කොසේදැයි විසඳුම් තිබුණේ නැත. එම යෝජනා ක්‍රියාත්මක කළහොත් අනිවාර්යෙන්ම නැවත රට මාස කිහිපයක් ඇතුලත කඩා වැටීම ස්ථිර වශයෙන්ම පැවැසිය හැකි මට්ටමක තිබිණි.

මේ නිසා එම යෝජනා බැහැර කිරීමට මුල්‍ය අරමූදල කටයුතු කර ඇති බව ඔවුන් මෙම සංචාර්ය අවසානයේ දී නිකුත් කළ නිවේදනයෙන්ද පැහැදිලිය.

ඒ අනුව,

''..යෝජිත ඕනෑම ක්‍රියාමාර්ගයක් නිසා රාජ්‍ය මූල්‍ය තත්ත්වය දුර්වල වේ නම් එහි බලපෑම අවම කිරීම සඳහා වඩාත් උසස් තත්ත්වයේ හානිපූර්ණ ක්‍රියාමාර්ග ගත යුතුය.

නව බදු නිදහස් කිරීම් වළක්වාගැනීම මගින් දූෂණ අවදානම් සහ රාජ්‍ය ආදායම් අහිමි වීම අවම වන අතරම, වඩා හොඳින් පුරෝකථනය කළ හැකි සහ විනිවිදභාවයකින් යුතු බදු ක්‍රමයක් සහතික කෙරේ.

ඉදිරියේ දී ඇතිවිය හැකි රාජ්‍ය මූල්‍ය පිරිවැය මඟහරවා ගැනීම සඳහා පිරිවැය ආවරණය කළ හැකි මට්ටම්වල බලශක්ති මිල අඛණ්ඩව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

ඉලක්කකරණය වැඩි දියුණු කිරීම සහ මුදල් සංක්‍රාම ලැබෙන ජනගහනයේ ආවරණය වඩාත් පුළුල් කිරීම තුළින් දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැකිය..'' යනුවෙන් එම නිවේදනයේ සඳහන්ය.

එනම් වත්මන් රජය ගෙන යන පියවරයන් මිස අනෙක් යෝජනා රට යළි අස්ථාවර කරනු ඇති බවය.

1

2

3

Last modified on Saturday, 03 August 2024 19:41

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us