වීසා නිකුත් කිරීම කොටඋඩ ! සංචාරක කර්මාන්තයටත් හානි. සජිත් සතුටෙන්  

Published in පුවත්
Saturday, 03 August 2024 19:54

‘ඔන්ලයින් වීසා’ (Online Visa) නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ 'ඔන්ලයින් වීසා' නිකුත් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණ නියෝගයට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය නොලැබීම නිසා ඉදිරි ක්‍රියමාර්ග පිළිබඳව නිෂ්චිතව කිවනොහැකි බව පවසන හර්ෂ ඉලුක්පිටිය, මෙම තත්වය පිළිබඳව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් සමඟ සාකච්ඡා කරන බව ද සඳහන් කරයි.

අද දිනයේ සිට වීසා නිකුත් කිරීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් එසේ වුවහොත් රටේ කීර්තිනාමයට මෙන්ම ආර්ථිකයට ද දැඩි හානියක් වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියි.

මාස තුනකට ලැබුන ආදායම රුපියලේ මිලියන 1400ක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, මෙම නියෝගය නිසා ඊයේ සිට ක්‍රියාත්මක විය හැක්කේ ගුවන් තොටුපලේදී දින 30 ක පමණක් වලංගු on arrival visa නිකුත් කිරීම හා මාස 6 සංචාරක විසා නිකුත් කිරිම පමණි.

පසුගිය මාස කිහිපයේ ක්‍රියාත්මකව තිබු අවුරුදු 2 - 5 ආදී කාණ්ඩ 17කින් යුත් නේවාසික විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය තුල අත් හිටුවීමට සිදුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කැබිනට් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) පස්වරුවේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සජිත් ප්‍රේමදාස මහතා X පණිවිඩයක් නිකුත් කර තිබිනි.

sajith

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us