බංගලාදේශය හොයන්නේ රනිල් වගේ නායකයෙක් - පවිත්‍රා

Published in පුවත්
Friday, 09 August 2024 14:54

වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ වන විට කොළඹදී පැවැත්වෙන "කාන්තා අපේ බලය" කාන්තා සමුළුව අමතමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

බංග්ලාදේශයට වැනි භයානක තත්ත්වයක් ලංකාවට උරුම නොවූයේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි ධෛර්ය සම්පන්න නායකයෙකු බිහිව සිටි නිසා බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"මුළු බංග්ලාදේශයම ගිනි ගොඩක් බවට පත්වුණා. අද බංග්ලාදේශය රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු සොයමින් සිටිනවා. අපිට ඒ දේ උරුම නොවුණේ මේ මාතෘ භූමියේ මහ පොළොවේ රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු වැනි බිහි වුයේ නිසයි. ඒ නිසා මේවට තර්ක විතර්ක අවශ්‍ය නෑ. රටේ නායකයා රටින් ගිය වෙලාවේ මේ මාතෘ භූමියේ එක ලේ කඳුළක් හදන්නේ නැතුව රාජ්‍යත්වය ස්ථාපිත කරමින් මේ රට නැවත යථාතත්ත්වයට පත් කළේ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි. ඒ නිසා අපි අද පාට, පක්ෂ සියල්ල පැත්තකට දාලා මේ මාතෘ භූමියේ නිවැරදි තීන්දු ගන්නා වූ කාන්තාවන් වශයෙන් අපේ ස්වකීය යුතුකම මේ මාතෘ භූමියට එක් කිරීමටයි එකතු වුණේ."

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us