හරීන්, මනුෂ ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Friday, 09 August 2024 14:58

තමන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ බව හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරු පවසයි.

මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළේය.

අද (09) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති අතර, අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවය.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණි.

ඒ අනුව ඔවුන් දෙදෙනා ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුර සඳහා පත් කිරීම් සිදුකළ යුතු වේ.

2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීම හේතුවෙන් ඔහුගේ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කිරීම සමගි ජන බලවේගය පක්ෂය විසින් සිදුකළ යුතු වේ.

මනූෂ නානායක්කාර මහතා 2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.

Last modified on Friday, 09 August 2024 15:00

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us