පවිත්‍රාට එරෙහිව පුත්තලම ජනතා හඬ අධිකරණයට

Published in පුවත්
Wednesday, 10 September 2014 10:08

 නොරොච්චෝ‍ලේ බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා අදිනු ලබන අධිබලැති විදුලි රැහැන් පද්ධතිය පුත්තලම කලපුව හරහා ඇදීමට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු වගඋත්තරකුරුවන් 07දෙනෙකුට එරෙහිව අද  (10) අභියාචානාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කිරීමට "පුත්තලම ජනතා හඬ" සංවිධානය කටයුතු කර ඇත. 

එම සංවිධානයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා පවසන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනනයවන විදුලිය අනුරාධපුරයට රැගෙන ඒම සඳහා පුත්තලම කළපුව හරහා ඉදිවන අධි බලැති විදුලි රැහැන් ඉදිකිරීමට එරෙහිව මෙම පෙත්සම ගොණු කරන බවයි.

නීතීඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් පරිදි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමට නියමිතය. 

පුත්තලම කළපුව හරහා විදුලි රැහැන් ඉදිකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාළ ආයතන වලින් පරිසර තත්ත්ව වාර්තා ලබා ගෙන ඇති බව මේ සම්බන්ධයෙන්  කළ විමසීමක දී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනුජිත් දසනායක මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us