ජනපති අපේක්ෂකයින් උදව් නොගත යුතු සමාගම්

Published in පුවත්
Tuesday, 20 August 2024 16:03

මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රචාරක කටයුතු සඳහා සෘජුව හෝ වක්‍රව මූල්‍යමය හෝ වෙනත් ආකාරයේ දායකත්වයන් ලබා ගත නොයුතු සමාගම්, ආයතන හා තැනැත්තන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර සිටී.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය යටතේ වූ නියමයන් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කරන ලද අංක 2397/66 දරණ ගැසට් පත්‍රයේ මේ බව සඳහන් වේ.

ඊට අනුව 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පිළිගත් දේශපාලන පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයාව නාමයෝජනා කළ ඡන්දහිමියා හෝ අපේක්ෂකයෙකු විසින්,

i. යම් රජයේ දෙපාර්තමේන්තුවකින්, රාජ්‍ය සංස්ථාවකින් හෝ යම් කොටස් ප්‍රමාණයක් රජය විසින් හෝ යම් කොටස් ප්‍රමාණයක් රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් හිමිකාරීත්වය දරන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ හෝ සමාගම්වලට අදාළ පූර්ව කාලීන යම් ලිඛිත නීතියක් යටතේ සංස්ථාගත කරන ලද සමාගම් වෙතින්,

ii. විදේශීය රාජ්‍යයකින්, ජාත්‍යන්කර සංවිධානයකින් හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරනු ලැබූ පුද්ගල මණ්ඩලයකින්,

iii. සෘජුව හෝ වක්‍රව විදේශීය කොටස් හිමිකාරීත්වය සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරනු ලබන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ හෝ සමාගම්වලට අදාළ පූර්වකාලීන් යම් ලිඛිත නීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද යම් සමාගමකින්, හෝ

iv. අනන්‍යතාව හෙළි නොකරන ලද යම් තැනැත්තෙකුගෙන්,

ඒ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ වෙනත් දේශපාලන පක්ෂයක හෝ ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයා විසින් මැතිවරණ ප්‍රවර්ධනය කිරීමේ හෝ ඊට ඉඩ සැලසීමේ කාර්යය සඳහා මුදලින් හෝ ද්‍රව්‍යමය ආකාරයකින් සෘජුව හෝ වක්‍රව ඒ පරිත්‍යාග හෝ දායකත්වයන් පිළිගැනීම හෝ භාර ගැනීම හෝ නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

- අරුණ

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us