එදා ජන­තාව විඳි දුක දැක දැකත් සජිත්-අනුර අහක බලා­ගත්තා

Published in පුවත්
Saturday, 24 August 2024 12:03

එදා ජන­තාව විඳි දුක දැක දැකත් අනු­කම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේම­දාස සහ අනුර දිසා­නා­යක රට ඉදි­රි­යට ගෙන­යෑ­මට සුදුසු දැයි මේ රටේ ජන­තාව තීර­ණය කළ යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ ඊයේ (23) පස්ව­රුවේ මඩ­ක­ල­පුව, එරා­වුර් අහ­මඩ් ෆරීද් ක්‍රීඩාං­ග­ණයේ දී පැවති ‘පුළු­වන් ශ්‍රී ලංකා’ විජ­ය­ග්‍රාහී ජන රැලි­යට එක්වෙ­මිනි.

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීමේ අර­මු­ණින් පැවැති මෙම ජන­හ­මු­වට සිංහල, දෙමළ, මුස්ලිම් භේද­ය­කින් තොරව ප්‍රදේ­ශයේ අති­වි­ශාල ජන­තා­වක් එක්ව සිටි­යහ. ජන­හ­මු­වට එක්වූ ජනා­ධි­ප­ති­ව­ර­යාව එම ජන­තාව මහත් හර­ස­රින් යුතුව පිළි­ගත්හ.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේද පැව­සීය.

“2022 ජූලි මාසයේ දී මා ආණ්ඩුව භාර­ගෙන පළමු වරට සිදු කළේ ගොවි ජන­තා­වට අවශ්‍ය පොහොර ලබා­දී­මයි. එම කන්න 04 සාර්ථක කර ගනි­මින් රටේ වී නිෂ්පා­ද­නය ඉහළ නංවා කුඹු­රත් මුළු­තැ­න්ගෙ­යත් පිර­වී­මට කට­යුතු කළා.

කැමති අයට භූම­දා­නය කිරී­ම­ටත් කැමති අයට ආදා­හ­නය කිරී­මට හෝ ශරී­රය වෛද්‍ය පීඨ­යට භාර දීම­ටත් හැකි­යාව ලැබෙන පරිදි නව නීති ගෙන ඒමට අදාළ කෙටු­ම්පත ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර ගැසට් කිරී­මට කට­යුතු කර­නවා. එසේම එම තත්ත්ව­යට මුහුණ දුන් පාර්ශ්ව­යන්ට වන්දි ගෙවී­මට කමි­ටු­වක් පත් කර­නවා.

මීට වසර දෙක­කට පෙර ආහාර නැතිව, ගොවි­තැන් කිරී­මට පොහොර නැතිව ජන­තාව සිටියා. ගොවි­තැන් කිරී­මට පොහොර නොමැ­තිව ගොවීන් අස­රණ වුණා. ආහාර, ඖෂධ නොමැ­තිව ජන­තාව ඉතා අසී­රු­වෙන් ජීවත් වුණා. මා 2022 වසරේ ජූලි මාසයේ දී ආණ්ඩුව භාර­ගෙන මුලින්ම කට­යුතු කළේ ගොවි ජන­තා­වට අවශ්‍ය පොහොර ලබා­දී­ම­ටයි. මෙහිදී 2022, 2023 යල, මහ කන්න සාර්ථක වුණා.

මා රට භාර ගන්නා විට ඩොල­ර­යක මිල රුපි­යල් 370 දක්වා ඉහළ ගොස් තිබුණා. අද ඩොල­ර­යක මිල රුපි­යල් 300ක්. මේ රට මා භාර ගනිද්දි දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 76කට අඩු වී තිබුණා. 2023 අව­සන් වන විට එය ඩොලර් බිලි­යන 84ක් බවට පත්කර ගැනී­මට කට­යුතු කළා.

ජන­තා­වට තව­දු­ර­ටත් සහන ලබා­දිය යුතුයි. ඒ වගේම දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 89ක් බවට පත්කර ගත යුතුයි. උද්ධ­ම­නය සිය­යට 9ක් බවට පත්ක­ර­ගත යුතුයි. එවිට රුපි­යල තවත් ශක්ති­මත් වෙනවා. එප­ම­ණක් නොවෙයි දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 92ක් බවට පත්කර ගත­හොත් රුපි­යල තවත් ශක්ති­මත් වෙනවා. අද අප සිදු කරන්නේ එම කට­යු­ත්තයි. එම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට සජිත්ට හෝ අනු­රට හැකි­යා­වක් නැහැ. රට භාර ගන්නා ලෙස ඉල්ලූ විට සජිත් සහ අනුර පැනලා දිව්වා. එවන් පිරි­ස­කට රටක් පාල­නය කළ හැකිද ජන­තාව අසී­රු­තා­වට මුහුණ දුන් අව­ස්ථාවේ ඔවුන් පැනලා ගියා.

මට තිබුණේ තනි මන්ත්‍රී ආස­න­යක්. නමුත් ජන­තාව දුක් විඳින නිසා මම මේ රට භාර ගත්තා. ජන­තාව දුක් විඳින අයුරු මම දැක්කා. ත්‍රීවීල් රියැ­දු­රන්ට හයර් එක්ක යෑමට නොහැකි වුණා. මේවා දැකලා මේ නාය­ක­යන් අනු­කම්පා කළාද? නමුත් ඒ අව­ස්ථාවේ රට භාර­ගත් මම ද්‍රෝහි­යෙක් කියලා අද ඔවුන් කිය­නවා. මම හොරු ආරක්ෂා කර­න­වලු. ඔවුන් හිතන්නේ එප­ම­ණයි. ජන­තා­වගේ දුක ගැන ඔවුන් හිතුවේ නැහැ. ඔවුන් කිව්වා සමෘ­ද්ධිය ගෙවන්න සල්ලි නැහැ කියලා.

නමුත් මම අස්වැ­සුම හරහා ජන­තා­වට සමෘද්ධි දීම­නාව මෙන් තුන් ගුණ­යක මුද­ලක් ලබා දුන්නා. ප්‍රති­ලා­භීන් සංඛ්‍යාව ලක්ෂ 16 – සිට ලක්ෂ 24 දක්වා ඉහළ නංවා තිබෙ­නවා. පාසල් දරු­වන්ට ආහාර වේලක් ලබා­දී­මට අප කට­යුතු කළා. ඒ වගේම වැඩි­හිටි දීම­නාව වැඩි කළා. සජිත් හා අනුර මෙම කට­යුතු සිදු කිරීම වෙනු­වෙන් මා සමඟ එක් නොවුණේ ඇයි? මේ රටේ ජන­තාව සජිත්ට හා අනු­රට වර­දක් කළාද? ඒකද ඔවුන් ජන­තා­වට උදව් නොක­රන්නේ. ඔවුන් ජන­තා­වගේ ප්‍රශ්න ගැන සිතුවේ නැහැ. තමන් ගැන පම­ණයි සිතුවේ. එසේ­නම් ජන­තාව ඔවුන්ට ඡන්දය ලබා­දිය යුතුද.

භූම­දා­නය කරන්නේ නැතිව ආදා­හ­නය කිරීම නිසා මුස්ලිම් ජන­තා­වට විශාල හානි­යක් සිදු වණා. කැමති අයට භූම­දා­නය කළ හැකි අතර, කැමති අයට ආදා­හ­නය කිරී­ම­ටත් කැමති අයට තමන්ගේ සිරුර වෛද්‍ය පීඨ­යට ලබා දිය හැකි ආකා­ර­යට අප අලුත් නීති­යක් ගෙන එනවා. අලි සබ්රි ඇමැ­ති­තුමා එය ලබන සතියේ කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර, අප එය ගැසට් කර­නවා. ඇයි සජිත් හෝ අනුර මෙහෙම පන­තක් ගෙනාවේ නැත්තේ. මෙය මුදල් පන­තක් නොවෙයි, ඕනෑම මන්ත්‍රී­ව­ර­ය­කුට ගෙන ආ හැකි පන­තක්. ඒ වගේම මේ තත්ත්ව­යට මුහුණ දුන් පාර්ශ්ව­යන්ට වන්දි ගෙවී­ම­ටද කමි­ටු­වක් පත් කර­නවා. මෙම සිදු­වීම පසු­ගිය ආණ්ඩු සමයේ සිදු වුවත් වත්මන් ආණ්ඩුව ඒ පිළි­බඳ මුස්ලිම් ජන­තා­ව­ගෙන් සමාව ඉල්ලුවා.

අප තව දුර යා යුතුයි. අප මෙම වැඩ කට­යුතු ආරම්භ කළා පම­ණයි. තවත් ඉදි­රි­යට යා යුතුයි. ඒ සඳහා අපට ආධාර අව­ශ්‍යයි. මම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ රට­වල් 17ක් සමඟ සාකච්ඡා කර ආධාර ලබා­ගෙන තිබෙ­නවා. අපි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ගිවි­සු­ම­කට එළැඹ තිබෙ­නවා. එම ගිවි­සුම කඩ කළ­හොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ. නමුත් සජිත් කිය­නවා එම ගිවි­සුම වෙනස් කර­නවා කියලා. අනු­රත් කිය­නවා මෙම ගිවි­සුම වෙනස් කර­නවා කියලා. එසේ කළ­හොත් නැවත මේ රටේ ආර්ථි­කය කඩා­වැ­ටෙ­නවා. ගඟට වැටී මැරෙන්න ගිය මිනිහා බේරා­ගෙන ගංඉ­වු­රට ගෙන ආ විට නැවත ගඟට පනි­නවා ද? අපි මේ රට ගොඩ­නැ­ඟිය යුතුයි. තරු­ණ­යන්ට අනා­ග­ත­යක් ගොඩ­නඟා දිය යුතුයි. මෙය ආර­ම්භය පම­ණයි. අප ඉදි­රි­යට යා යුතුයි. ඔබේ අනා­ග­තය ගැන සිතා ගෑස් සිලි­න්ඩ­ර­යට ඡන්දය දෙන්න කියා මම කිය­නවා” යැයි පැව­සීය. 

- දිනමිණ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us