අතීතය නොදැන අනාගතයට යා නොහැකියි - ජනපති

Published in පුවත්
Tuesday, 03 September 2024 09:39

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බවත්, ඒ අනුව යමින් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරගලය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල මොනාජ් ඉම්පීරියල් හෝටලයේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.

සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද හොරකමේ යන තැනට පහත වැටී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජාතික ජනබලවේගය පක්ෂය අතීතය අමතක වූ පක්ෂයක් බවට පත්ව ඇති අතර, අතීතය නොදැන අනාගතයට යා නොහැකි බවද පෙන්වා දුනි.

පසුගිය දෙවසර තුළ වැටුණු රට ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහාය තමන් කිසිදා අමතක නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .

 

එහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා

 

පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය ඇමතීමේ ගෞරවය මට ලැබී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා එහි ආරම්භක සාමාජිකයෙක් වුණා. පසුව එතුමා ඉන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. ඒ වන විට මා වයස අවුරුදු 10යේ පසුවූ අතර, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාව දැනගෙන හිටියා.

ඒ වගේම අවස්ථා කිහිපයකදී එතුමාව හමුවීමට ද මට අවස්ථාව ලැබුණා.

අපි පක්ෂ දෙක දෙපැත්තක සිට රට දියුණු කිරීමට කටයුතු කළා වගේම අප අතර බෙදීමක් ද තිබුණා. එහිදී හොඳ හා නරක අප වෙතින් සිදු වුණා. අද අතැමුන් අපෙන් අහනවා ගතවූ වසර 75ක කාලය තුළ මොනවද කළේ කියලා.

අප කළ කී දේ පිළිබඳ ලැයිස්තුවක්ම අප සතුව තිබෙනවා. ඒ ගැන පසුවට කියන්නම්. එදා පැවති රජයන් මේ රටේ සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනය දියුණු කළා. අප කළ හොද වගේම නරකත් භාර ගැනීමට
සූදානම්. සමහරුන්ට වාගේ අපට අතීතය අමතක වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේ ඉතිහාසය හිස් වෙන්නේත් නැහැ.

අපට විවිධ මත තිබුණා. නමුත් අප නිරතුරුවම රට ගැන හිතුවා. 2022 වසරේදී ද රට ගැන හිතන්න සිදුවුණා. සාම්ප්‍රදායික දේශපාලනය අනුව නායකයන් නැති වුණා.

එක පැත්තකින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණා. ඊට පසුව කුමක්ද සිදුවුණේ? විපක්ෂ නායකවරයා වගේම අනුර දිසානායක ද අග්‍රාමාත්‍ය ධූරය බාර ගත්තේ නැහැ. ඒ අය පැනලා ගියා. නමුත් අපි කෙසේ හෝ එක්ව ආණ්ඩුවක් පිහිටවනු ලැබුවා.

2022 ජූලි 09 වැනිදා ගෝඨාභය ජනාධිපතිතුමා තනතුරෙන් ඉවත් වුණා. එතැන් සිට රටට නායකයෙක් හිටියේ නැහැ. රට අරාජිකව තිබුණා. එහිදී රට ගැන සිතා අප සියලුම දෙනා එකතු වුණා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා.

අප එක්ව රට සහ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත් නිසා තමයි අද වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. අපට රට ගොඩනඟන්න, ආර්ථිකය නඟාසිටුවන්න පුළුවන් වෙයි කියා කවුරුත් හිතුවේ නැහැ.

මාසයක් දෙකක් ඇතුළත අවශ්‍ය වර්ධනය ඇති කරන්න අපට පුළුවන්කම ලැබුණා. ශ්‍රීලනිපයේ සාමාජිකයන්ට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්න වෙනවා. ඔබ සියලුම දෙනා පක්ෂයත් බේරා ගෙන, එක්සත්ව තබාගෙන මා හට සහාය ලබා දුන්නා.

ගත වූ වසර දෙකක කාලය තුළ අප සිදුකළ වැඩසටහන ගැන මෙම අවස්ථාවේ කතා කළ යුතු නැහැ. අපි කෙසේ හෝ රට තුළ ආර්ථිකය ස්ථාවරයත්වයක් ඇති කළා. අපට ඒ ආර්ථික ස්ථාවරයත්වය තහවුරු කිරීමට අවශ්‍යයි. ඒ වගේම මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ද අවශ්‍යයි.

තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ලබාදීමට අවශ්‍යයි. අප කැපවී සිටින්නේ රට වෙනුවෙන්. ඇතැමුන් රට ගැන කතා කරලා හිතන්නේ තමන් ගැන විතරයි. අපි රට ගැන කතා කර, හිතන්නේ ද රට ගැන පමණයි.

මේ වන විට අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමටයි.

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව අප පෙන්වා දී තිබෙනවා. අපි අරගල කරන්නේ එම වෙනස සහ දියුණුව සඳහායි. තරුණ තරුණියන්ට අනාගතයක් ඇති කිරීම වෙනුවෙන් ඒ අරගලය අප සිදු කරනවා. මේ රට හැමදාම හිඟන රටක් වෙන්න බැහැ. හැමදාමත් රටවල්වලින් විදේශ විනිමය ඉල්ලන්න බැහැ.

අපට අවශ්‍ය මුදල් අප සෙවිය යුතුයි. රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ ආර්ථිකය තුළින් මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් හිමිකර දිය යුතුයි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මේ වන විටත් ගම්මාන වෙත පැමිණ තිබෙනවා. දැනටමත් මහින්ද අමරවීර අමාත්‍යතුමා ඊට අදාළ අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද ගමට එනවා.

සංචාරකයන්ගේ පැමිණීම ද දෙගුණයක් කරනවා. මේ සෑම දෙයකින්ම ගමට මුදල් ගලා එනවා. සූර්ය බලශක්තිය ගම්මානවලට ගෙන එනවා. අලුතින් ආයෝජන කලාප ඇති කරමින් රට ඉදිරියට
ගෙන යනවා.

අප සියලුම දෙනාම එක්ව වෙලා ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. කොළඹ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස අයිතිය ද ලබා දෙනවා. වතු නිවාසවලට ගම්මාන සමඟ නිවාස ලබාදීමට ද කටයුතු කරනවා.

මෙම කටයුතු මේ රට තුළ පළමු වතාවට අප කළ විප්ලව බව කිව යුතුයි. අස්වැසුම ලබා දීමත් විප්ලවයක් නොවෙයිද කියා මා අහනවා.

දුරකථනය සහ මාලිමාව රටට මොනවද කළේ? සමගි ජන බලවේගය දෙමළ පක්ෂවලින් ඡන්දය හොරකම් කරන්න ගිහින් ඒ මොහොතේම අහුවුණා. අද ඔවුන්ට යාපනයටවත් යන්න බැරි
තත්ත්වයක් ඇතිව තිබෙනවා. දේශපාලන පක්ෂ එවැනි තත්ත්වයකට වැටිය යුතු නැහැ.

ඒ වගේම මාලිමාව අතීතය අමතක වූ පක්ෂයක්. අතීතය ගැන නොදැන අනාගතයට යන්න බැහැ. තමන් කුමක්ද කළේ කියා ඔවුන්ට අමතක වෙලා. ඔවුන්ගේ කැලැන්ඩරයේ 1971 කියන වසර නැහැ. 1971 කියන වසරක් ඔවුන්ට තිබෙනවාද කියා පුළුවන් නම් පෙන්වන්න. අපට කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ මෙවැනි පිරිසක් සමඟයි.

අප සියලුම දෙනාම එකතු වෙලා ගම දියුණු කරමු. ඇතැමුන් පක්ෂ ගැන කතා කරන නමුත් තරුණ තරුණියන් ගැන කතා කරන්නේ නැහැ. නමුත් අප තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට පියවර ගන්නවා. ස්වයං රැකියා අවස්ථා බිහි කරනවා.

නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන එනවා. එපමණක් නොව තවත් තරුණ තරුණියන් 50000කට වෘත්තීය පුහුණුව ලැබීම සඳහා මුදල් ලබා දෙනවා. ඔවුන්ට කැමති වෘත්තියක පුහුණුව ලැබිය හැකියි. විදෙස් රටවලට වුවද යෑමට අවස්ථාව තිබෙනවා.

විදෙස් රටවල ද සෞඛ්‍ය අංශයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අවස්ථා හඳුනාගෙන ඒ සඳහා තරුණ තරුණියන් යොමු කිරීමට අප උදව් කරනවා.

අපි මෙතැන සිටින්නේ ජනතාවගේ ජීවිතය තව තවත් දියුණු කිරීමටයි. අපට අවශ්‍ය රට දියුණු කිරීමටයි. අද ගෑස්, ඉන්ධන, ඖෂධ පෝලිම් නැහැ. නමුත් මම එක පෝලිමක් ඇති කරන බව සඳහන් කරනවා. ඒ සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළට යන පෝලිමයි. ඒක නවත්වන්න මම ඉඩ තියන්නේ නැහැ.

මේ ගමන යන අවස්ථාවේදී මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්තුති කරනවා. එදා අපි දේශපාලන වශයෙන් දෙපැත්තක හිටියත් අප අතර මිත්‍රකම තිබුණා. මේ සෑම කෙනෙක් ගැනම දැනගෙන හිටියා. සියනෑ කෝරළේ අයගෙන් පාර්ලිමේන්තුවට එන්න කලිනුත් දැනගෙන හිටියා.

ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා ද වගකීම් සහගත නායකයෙක් බව පැවසිය යුතුයි. එතුමා වරායත්, ගුවන් තොටුපළත් සංවර්ධනය කරා ගෙන යමින් සිටිනවා. මෙවැනි අවස්ථාවක එම ආයතන ඉදිරියට ගෙන යෑම දක්ෂතාවක් බව කිව යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනයෙන් ඉහළට ආ පක්ෂයක්. මේ කාලය වන විට දේශපාලන කේෂත්‍රයේ විප්ලව ඇතිව තිබෙනවා. ගත වූ වසර දෙක තුළ නායකයන් පක්ෂ අත්හැර ගියා. ඔවුන් අලුත් මාර්ගයක ගමන් කරමින් සිටිනවා.

ඔබ ලබා දුන් සහයෝගය මම කිසි දිනෙක අමතක කරන්නේ නැහැ. අප ඉදිරියට ගිහින් ප්‍රතිඵල රටට පෙන්වමු. අපි කිසි දිනෙක පැනලා ගියේ නැහැ. එක තැනක සිට ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අනාගතයේදී ද ප්‍රශ්නවලට මුහුණ දී රට හදන්න එකතු වෙමු. අපි ජයග්‍රහණය කරමු”

 

 

Last modified on Tuesday, 03 September 2024 09:40

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us