ලබාදී තිබු වරප්‍රසාද වත්මන් ආණ්ඩුව විසින් අහෝසි කිරීම ගැන දුක් වෙන්නේ නැහැ - චන්ද්‍රිකා සහ මෛත්‍රි කියයි Featured

Published in පුවත්
Saturday, 05 October 2024 10:04

හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරති.

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස, වාහන, දීමනා, ආරක්ෂක විධිවිධාන වැනි වරප්‍රසාද කප්පාදු කිරීම ඇතුළු පොරොන්දු කිහිපයක් ලබාදුනි.මේ සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග පවසන්නේ සෙසු හිටපු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව තමාට වැඩි වරප්‍රසාද නොලැබෙන බවය.“

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මට රජයෙන් විශ්‍රාම වැටුපක්වත් දුන්නේ නැහැ. 2015 එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වන විට ඔවුන් දැන සිටියා මට විශ්‍රාම වැටුපක් නොදුන් බව. ඒ නිසා මට රුපියල් 94,000 ක මාසික විශ්‍රාම වැටුපක් ලබාදුන්නා. මම එය එය පුණ්‍ය කටයුතු සඳහා භාවිතා කරනවා.” යැයි ඇය පවසයි.

තමාට රජයෙන් නිල නිවසක් සහ වාහන හතරක් ද ලබා දී ඇති බව සඳහන් කළ ඇය පවසන්නේ, තම පෞද්ගලික මුදලින් මිලියන ගණනක් එම නිල නිවස අලුත්වැඩියා කිරීමට වියදම් කළ බවය. මගේ කාර්ය මණ්ඩලයේ වැටුප්, ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවන්නේ මමයි. මගේ ඉඩම් විකුණා උපයාගත් මිලියන ගණන් වියදම් කර නිල නිවස අලුත්වැඩියා කර තිබෙනවා.

ඊට අමතරව මට වාහන හතරක් දී තිබෙනවා. ඉන් දෙකක් මගේ ප්‍රයෝජනයටත් දෙකක් ආරක්ෂක නිලධාරින් සඳහාත් භාවිත කරනවා. රජයට අවශ්‍ය නම්, ඔවුන් ඒවා නැවත රැගෙන ගියාට මට කමක් නැහැ.” චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කරයි.

මෛත්‍රිපාල සිරිසේන කියාසිටියේ හිටපු ජනාධිපතිවරයකු ලෙස රජය තමන්ට ලබා දී ඇති කිසිදු වරප්‍රසාදයක් කප්පාදු කිරීම සම්බන්ධයෙන් කණගාටු නොවන බවය.ආරක්ෂක නිලධාරීන් මගේ පස්සෙන් එනකොට මම කොහොමත් කැමති නෑ. ඒ අයම තමයි කියන්නේ ආවෙ නැත්තම් එයාලට ප්‍රශ්නයක් කියලා.

මට විස්වාසයි මට එහෙම හානියක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නෑ කියලා. මම කාටවත් වරදක් කරලා නැහැ, ආරක්ෂාව සහ වෙනත් වරප්‍රසාද කප්පාදු කළාට මට කමක් නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.හිටපු ජානධිපතිවරුන් සඳහා වන ප්‍රතිලාභ තීරණය වන්නේ 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුව ය.

-p.m

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us